රට බේරා.ගැනිමේ යුද්ධයට දායක වෙමින් ශාරිරික ආබාධයට ලක් වු රණවිරුවෙකුටත් දෑස නොපෙනෙන ඔහුගේ කුඩා දරුවාටත් පිහිටවිමට වෙරෝනා නුවර ශ්‍රි ලාංකිකයෝ සුදානම් වෙති.
දිකිරිමඩවල ඩි එන් ද සිල්වා අටවන ගෑමුණු හේවා බළකායේ හිටපු හමුදා සෙබළෙකි. ඔහු තම ජිවිත කතාව මෙසේ කියයි.
මට දෙමාපියන් කියා කියන්න හිටියේ අනාථ නිවාසේ මා හදා වඩා ගත්ත අයයි. පසුව මම හමුදාවට බැදුණා. 1998 ජුනි 8 වැනිදා ජයසිකුරු මෙහෙයුමේදි මට මොටාර් ප්‍රහාරයක් එල්ල වුණා. මගේ එක අතකුයි කකුලකුයි පණ නැහැ.
දැන් මම විශ්‍රාමිකයි. මගේ පුතා උපදිනකොට බර ග්‍රෑම් 375යි. දැන් පුතාගේ වයස අවුරුදු 7යි. නමුත් එයාගේ බර කිලෝ ග්‍රෑම් 12 යි. එයාට ඈස් පෙන්නේ නැහැ. එයා නිතරම ලෙඩ වෙනවා.
මගේ සියලු මුදල් වියදම් කරන්නේ දරුවට. අපිට ඉන්න හිටින්න ඉඩමක් නැහැ. වෙරෝනා නුවර සුනිමල් ප්‍රනාන්දු මහත්තයා අපිට උදව් කරන්න ඉදිරිපත් වී ඉන්නවා. ලබන 17 වැනිදා සවස මෙම රණවිරු පවුලට ආදාර පිණිස සංගිත ප්‍රසංගයක් වෙරෝනා නුවරදි පැවැත්වෙන බව ප්‍රනාන්දු මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
චේතනාව හොඳයි.හැබැයි ඒ මුවාවෙන් හම්බ කර ගන්න පෙලඹෙන්න එපා සහෝදරවරුනේ. (ස)
අපේ විරුවන් අප සැමදාමත් ආරක්ෂා කළ යුතුය. (ස)
විය යුත්තේ මෙවැනි දේවල්. අද කාලේ හැටියට නැති බැරි අයට පිහිටවීම. (ස)
අනිවාර්යයෙන් මහත්වරුනේ, ඕකයි වෙන්න ඕනෑ (නි)