IMG-LOGO

2025 දෙසැම්බර් මස 25 වන බ්‍රහස්පතින්දා


රණවිරු පුතාගේ ඇටමිදුළු සැත්කමට උදව් ඉල්ලයි

ශ්‍රී ලංකා යුද හමුදා පොලිස් සේවා බළකායේ මාණ්ඩලික සැරයන්  උදය බණ්ඩාරගේ පුත් නව හැවිරිදි කේ එම් ජී ඩබ්ලිව් දිල්නෙත් බණ්ඩාර පුතාට වැළදී ඇති පිළිකා රෝගය(  Acute Lymphoblastic Leukemia  ) සුවපත් කැර ගැනීම සඳහා ඇට මිදුලු බද්ධ කිරීමේ සැත්කමක් (Bone Marrow Transplant)  කළ යුතු යැයි මහරගම පිළිකා රෝහලේ විශේෂඥ වෛද්‍ය වසන්ත රත්නායක මහතා කියයි.

ඔහු මේ වසරේ පහේ ශිෂ්‍යත්වයට පෙනී සිටීම සඳහා ගෙදරදීත් මහරගම රෝහල් වාට්ටුවේදීත් පොත් පාඩම් කරයි.

දිල්නෙත්ගේ තුන්හැවිරිදි   බාල සොහොයුරාගේ ඇට මිදුළු නොගැලපෙන බව ඉන්දියාවේ ඇපලෝ රෝහලේ දොස්තර රේවතී රාජ් හා දොස්තර දීනා දෙයාලන් කියති.

දරු දෙදෙනාම අප්‍රේල් මුල දී චෙන්නායි නුවර රෝහලේ පරීක්ෂණවලට ලක් කිරීමෙන් පසු වෛද්‍යවරු ඒ නිගමනවලට එළඹුනාහ.

සැරයන් බණ්ඩාරගේ පවුලේ වෙන කෙනකුගෙන් ද ඇට මිදුළු ලබා ගැනීමට නොහැකි බවත් එම වෛද්‍යවරු පවසති.

දිල්නෙත්ට ගැලපෙන අට මිදුළු ස්පාඤ්ඤයෙන් සොයා ගැනීමට හැකි වූ බව කියන එම වෛද්‍යවරු ඒ සදහා ඉන්දියා රුපියල් ලක්ෂ 25ක් (ශ්‍රී ලංකා රුපියල් ලක්ෂ 55කට ආසන්න මුදලක්) වැය වන බව ද සදහන් කරති.

 සැත්කම හැකි ඉක්මණින් කළ යුතු යැයි ද ඇපලෝ වෛද්‍යවරු කියති. දරුවා දැනට මහරගම රෝහලේ ප්‍රතිකාර ලබයි.

මෙම දරුවාගේ මව කොළඹ ජාතික රුධිර පාරවිලයන සේවයේ හෙද නිලධාරීනි එම් කේ ආර් චන්ද්‍රෙස්න මහත්මිය දරුවාගේ අසනීප තත්ත්වය නිසාම සේවයට වාර්තා නොකිරීමෙන්  වැටුප් නතර කැර ඇත.

තමාට ලැබෙන මාසික වැටුපෙන් දරුවා සුවපත් කැර ගැනීමට අවශ්‍ය මුදල් සොයාගත නොහැකි බව සැරයන් උදය බණ්ඩාර කියයි. ඔහු වැඩි කලක්ම සේවය කළේ උතුරේය.

ඉගෙනීමට ද දක්ෂ තම පුතා  සුවපත් කැර ගැනීමට ආධාර උපකාර කරන ලෙස ඔහු එතෙර මෙතෙර පරිත්‍යාශිලින්ගෙන් ආයාචනය කරයි.

ලංකා බැංකුවේ  නාරාහේන්පිට ශාඛාවේ ඔහුගේ බැංකු ගිණුම් අංකය

කේ.එම්.ජී ඩබ්ලිව්.යු බණ්ඩාර -75271997     shift code - BCEYLKLX      Branch code - 762

මහජන බැංකුවේ බොරැල්ල ශාඛාවේ - කේ.එම්.ජී ඩබ්ලිව්.යු බණ්ඩාර    320-2-001-0-3578257    shift code - PSBKLKLX     Branch code - 078

සැරයන් උදය බණ්ඩාරගේ දුරකතන අංක. 071-8085378, 077-4377689


 

 

 



අදහස් (0)

රණවිරු පුතාගේ ඇටමිදුළු සැත්කමට උදව් ඉල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 504 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 262 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1055 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site