මීට ටික කලකට පෙර රොඞ්නි විදානපතිරණ අධ්‍යක්ෂණය කළ ඉමහත් ජනප‍්‍රියත්වයකට පත් "හතේ වසම" ටෙලිනාට්‍යය නැවතත් අපේ‍්‍රල් 30 වැනිදා සිට සෑම සෙනසුරාදා දිනකම රාත‍්‍රී 9ට සියත නාලිකාව ඔස්සේ විකාශය වේ. අභාවප‍්‍රාප්ත සුප‍්‍රකට ලේඛක සහ චිත‍්‍ර කතා ශිල්පි දයා රාජපක්ෂ අතින් ලියැවුණු හතේ වසම, අපඅතරින් වියෝ වූ ටෝනි රණසිංහයන්ගේ විශිෂ්ටතම රංගනයක් රැගත් නිර්මාණයකි.
ටෝනි මෙම චරිතය සඳහා හොඳම නළුවා ලෙස සුමති ටෙලි සම්මාන උළෙලේදී නිර්දේශ වු අතර රාජා සුමනපාල රඟපෑ චරිතය වෙනුවෙන් හොඳම සහාය නළු සම්මානය දිනා ගත්තේය. ජගත් චමිල නැගී එන නළුවා ලෙසද නිර්දේශ විය. එමෙන්ම ප‍්‍රවීණ චිත‍්‍රපට තිරකතා රචක සහ ප‍්‍රවීණ චිත‍්‍රපට අධ්‍යක්ෂ තිස්ස අබේසේකර ද මෙහි චරිතයක් නිරූපණය කිරීම ද කැපී පෙනේ. මෙහි කැමරා අධ්‍යක්ෂණය ප‍්‍රවීණ කැමරා ශිල්පි එම්. එම්. ගෆුර්ගෙනි.
මෙහි සංගීත අධ්‍යක්ෂණය නිමල් ගුණසේකරගෙනි. ගායනය ගිහාන් ගොඩකන්දගෙනි. මෙම ටෙලිනාට්‍ය එදා නිෂ්පාදනය කළේ සරත් සුරියබණ්ඩරය.
පනහ දශකයේ කඳුකර ගම්මානයක සි¥වූ සිදුවීම් අලලා සාරධර්ම යටපත් වෙමින් මුදල ඉස්මතු වන සමාජ කතිකාවක් මින් නිරූපනය කෙරේ. මෙහි සෙසු චරිත අමරසිරි කලංසූරිය, නිශ්ශංක දිද්දෙණිය, ජයන්ත බෝපේආරච්චි, සුනීතා විමලවීර, ආරියසේන ගමගේ නිරූපණය කළහ. කලා අධ්‍යක්ෂණය රංජිත් රණසිංහගෙනි. ‘හතේ වසම’ සීමාසහිත වෙන්ඩෝල් සහ ගොඩකන්ද හර්බර්ල්ස් අනුග‍්‍රහයෙන් ඉදිරිපත් කෙරේ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd