(සුජිත් හේවාජුලිගේ) 

ඉදිරියේදී ඉන්ධන සහන ලබාදීමට ඇති අවස්ථා පිළිබඳව මෙන්ම මෙතෙක් ඉන්ධන නිකුත් කරනු ලබන ඔත්තේ සහ ඉරට්ටේ ක්‍රමය ඉවත් කර QR කේතය යටතේ ඉන්ධන ලබාදීම මෙන්ම  ඉන්ධන කෝටාව වැඩි කිරීම කෙරෙහි  රජයේ අවධානය යොමුව ඇත

අගෝස්තු මාසය දක්වා ප්‍රමාණවත් ඉන්ධන තොග රට තුළ පවතින බවත් මේ වසරේ ඉදිරි මාස සඳහා අවශ්‍ය ඉන්ධන ප්‍රමාණය ද ඉල්ලුම් කර ඇති බවත් අග්‍රාමාත්‍ය කාර්යාලය පවසයි.

රාජ්‍ය සේවය ක්‍රමවත්ව පවත්වාගෙන යාම සම්බන්ධයෙන් පත්කළ කමිටුවේ හයවන රැස්වීම අද (15) ආචාර්ය හරිනි අමරසූරියගේ ප්‍රධානත්වයෙන් පැවැති අවස්ථාවේදී නිලධාරින් මේ බව ප්‍රකාශ කර ඇත.