IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


රටවල් රැසක් පිල්ලේගේ වාර්තාව ඉවත දමයි

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිnඳ මහකොමසාරිනී නව නීදන් පිල්ලේ   ශ්‍රී ලංකාවේ සිදුවී ඇතැයි කියන යුද අපරාධ විමර්ශනය කිරීමට අන්තර්ජාතික පරීක්ෂණයක් සිදුකළ යුතුයැයි ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල ආධාරය ඇතිව ඉදිරිපත් කර ඇති යෝජනාව අරබයා ශ්‍රී ලංකාව හා පසුගියදා පැවති එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල හමුවේදී මතගැටුම් ඇති විය.

එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සියලේ ශ්‍රී ලංකා නිත්‍ය සාමාජික රවිනාථ ආරියසිංහ ,  පිල්ලේගේ යෝජනාව ප්‍රතික්ෂේප කළේය. ශ්‍රී ලංකාවේ තත්ත්වය ගැන සොයාබැලීමට අන්තර්ජාතික පරීක්ෂණයක් සිදුකළයුතුයැයි ඉදිරිපත් කර ඇති වාර්තාව සම්පූර්ණයෙන්ම අසත්‍ය හා අයුක්තිසහගත කරුණු පදනම් කරගෙන සකස් කර ඇත්තක් යැයි පැවසීය. ශ්‍රී ලංකාවේ නියෝජිතයා වශයෙන් එම වාර්තාවේ අන්තර්ගත ඇතැම් කරුණු සම්බන්ධයෙන් තමන් මවිතයට පත්වන බවත් ශ්‍රී ලංකාවේ තත්ත්වය සම්බන්ධයෙන් සොයාබැලීමට පිල්ලේ ඇතුළු  නියෝජිත පිරිස සතියක කාලයක් ශ්‍රී ලංකාවේ සංචාරය කිරීමට ශ්‍රී ලංකා රජයෙන් අවස්ථාව ලබා ගත්තද පිල්ලේ මහත්මිය ඇතුලූ පිරිස එම අවස්ථාවෙන් නිසි ප්‍රයෝජන ලබාගෙන නොමැති සෙයක් පෙනෙන්නට ඇති බවත් හෙතෙම කීය.

එම අවස්ථාව හරි හැටි භාවිතා කළේ නම් යුද්ධයෙන් පසු ශී්‍රලංකාව ලගා කර ගෙන ඇති ප්‍රගතිය දුටුවේ නම් පිල්ලේ මහත්මියට මෙවන් වාර්තාවක් ඉදිරිපත් කිරීමේ කිසිදු අවශ්‍යතාවයක් නැතැයි ද පැවසීය.

මෙවන් අසත්‍ය කරුණු සදහන් වාර්තා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයට ඉදිරිපත් නොවිය යුතුව ඇතැයිද  කීය.

තම වාර්තාව ඉදිරිපත් කරමින් පිල්ලේ  සදහන් කළේ රජය හා  කොටි සංවිධානය යන දෙපිරිසම අතින් සිදුව ඇති යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් නිසා දහස් ගණනක් දෙනා මරණයට පත්ව හෝ අතුරුදන්ව හෝ සිටින බවයි.

මෙනිසා උද්ගතවී ඇති තත්ත්වය සම්බන්ධයෙන් රජය ගෙන ඇති පියවර කිසිසේත් ප්‍රමාණවත් නොවන්නේ යැයිද සැගව ඇති කරුණු හෙළි කර ගැනීම සදහා අන්තර්ජාතික පරීක්ෂණයක් සිදුකළ යුතුව ඇතැයිද ඕ පැවසුවාය.

ජීනීවා සමුළුව පැවැත්වෙන අතරවාරයේදී ශී්‍රලංකා රජය මානව හිමිකම් කි්‍රයාකාරීන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන යළි නිදහස් කිරීමේ සිදුවීමද ඇය සදහන් කළාය.ඔවුන් නිදහස් කිරීම සම්බන්ධයෙන් සතුටු වන මුත් ඔවුන් සම්බන්ධයෙන් නිරතුරුවම ආරක්ෂක අංශ විමසිල්ලෙන් සිටීම පිළිගත නොහැකි යැයි ඇය කීවාය.

ඇමරිකාව ප්‍රමුඛ බටහිර රටවල් ශී්‍රලංකාවට එරෙහිව ඉදිරිපත් කර ඇති වාර්තාව සම්බන්ධයෙන් ඡන්ද විමසීම අද (27) දිනයේ පැවැත්වීමට නියමිතය.

බදාදා හමුවේදී ඇමරිකාව, බ්‍රි තාන්‍යය, ග්‍රීසිය වැනි රටවල් හා යුරෝපයේ බහුතර රටවල නියෝජිතයෝ ශ්‍රී ලංකා එරෙහිව අදහස් පළ කළහ.

කියුබාව, රුසියාව, පකිස්තානය, චීනය,සුඩානය, වෙනිසියුලාව, වියට්නාමය යන රටවල නියෝජිතයෝ ශ්‍රී ලංකාවට පක්ෂව කතා කළහ.

කියුබාව පිල්ලේගේ  වාර්තාව පක්ෂග්‍රාහී යැයිද කවුන්සිලයේ අරමුණු උල්ලංඝණය කරන්නක් යැයිද හැදින්වීය.

චීනය යුද්ධය අවසන් කර යන්තම් වසර 4 ක් පමණක් ගතවෙද්දී ශී්‍රලංකාව අත්කරගෙන ඇති ප්‍රගතිය සම්බන්ධයෙන් කරුණු දැක්වීය.රුසියාව පෙන්වා දුන්නේ යුද්ධය අවසන් කර ගතවී ඇති වසර 4 ක කාලයේදී පශ්චාත් යුධ ප්‍රචණ්ඩ කි්‍රයා යැයි කිසිදු සිවිල් වැසියෙකුගේ ජීවිත හානියක් පිළිඹදව වාර්තා වී නොමැති බවයි.



අදහස් (0)

රටවල් රැසක් පිල්ලේගේ වාර්තාව ඉවත දමයි

දස Friday, 28 March 2014 05:21 AM

සිරි ලංකාවේ මහජනතවගේ අයතීන් වෙනුවෙන් පෙනී සිටි රටවලට අපගේ ප්‍රණාමය ! (දී)

:       0       0

කුමාරි Thursday, 27 March 2014 05:08 PM

අපට අකුල් හෙලන, චෝදනා කරන ඔය ලොකුයි කියා ගන්නා රටවල මානව හිමිකම් තියනවද? අප ගැන සිතන සැම රටකටම හිස නමා ආචාර කරමි. (අ)

:       0       0

ලෙස්ලි ජයකෝඩි Thursday, 27 March 2014 05:17 PM

කියුබාව, රුසියාව, පකිස්තානය, චීනය, සුඩානය, වෙනිසියුලාව, වියට්නාමය ඇතුළු ශ්‍රී ලංකාව වෙනුවෙන් පෙනී සිටි සියළු රටවලට අපගේ ප්‍රණාමය. එමෙන්ම මේ සියළු රටවලට ත්‍රිවිධ රත්නයේ ආරක්ෂාව ලැබේවා. (අ)

:       0       0

නිහාල් Thursday, 27 March 2014 05:39 PM

යථාර්තයනම් මේ ප්‍රශ්නයේදී පක්ෂ විපක්ෂ සියලුදෙනාම තමාගේ බලය පතුරුවා හැරීම සහ තියෙන බලය රදවා තබා ගැනීමත්,නැති බලයක් ලබාගැනීමක් සදහා කරන සටනයි මහජනතාව වන අපිට මෙවාඉන් කිසිම ප්‍රයෝජනයක් නෑ (අ)

:       0       0

ශ්‍රීමා Thursday, 27 March 2014 10:42 PM

අපේ රට වෙනුවෙන් පෙනී සිටී රටවල් වලට අපගේ ප්‍රණාමය! (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 521 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 267 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1065 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site