අද පෙරවරුවේ කොළඹ නෙළුම් පොකුණ මහින්ද රාජපක්ෂ අන්තර්ජාතික රංග ශාලාවේදී බ්‍රිතාන්‍ය ඔටුන්න හිමි චාල්ස් කුමරුගේ ප්‍රධානත්වයෙන් ආරම්භ වන පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුව සදහා මේ වන විට රටවල් 33 ක රාජ්‍ය නායකයෝ සහ රාජ්‍ය නායකයින් නියෝජනය කරන නියෝජිතයින් දිවයිනට පැමින ඇත.
බ්‍රිතාන්‍ය, ඕස්ට්‍රේලියාව, නවසිලන්තය, සිංගප්පුරුව, දකුණු අප්‍රිකාව, පකිස්ථානය, බංගලිදේශය, බේලීස්, ස්වාසිලන්තය, සැමෝවා, වනාටු, ශාන්ත කිට්ස් නේවිස්, බෘනායි යන රටවල අගමැතිවරුද, නයාරු, නැමිබියා, බහමාස් සහ සොලමන් දුපත් සහ ෂි ශෙල්ස් හි ජනපතිවරුද, උගන්ඩා, නයිජීරියා, සැමිබියා සහ ගානා සහ පැපුවා නිව්ගීනියා යන රටවල්හි උප ජනපතිවරු මේ අතර වෙති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තිලක් ඩුබායි, මේ ඔයා එනකොට එන්න මත්තලින් හොඳඳ ? (ස)
තිලක් - ඩුබායි , මෝඩක කම ප්‍රදර්ශනය නොකර ඉන්නවනම් ගොඩක් යහපත් .ඔයාගේ මානසික ලෙඩට බෙහෙත් ගන්න .. (ස)
මර්වින්.කට කට.මොකෝ දේශද්‍රෝභියෙක් වෙන්නද හදන්නේ? (නි)
ඔක්කොම ජනාධිපතිවරු පැමිණියේ මීට අවරුදු 30-40 කට පෙර හදපු බණ්ඩාරනායක ජාත්‍යයන්තර ගුවන් තොටුපොලෙන් බැහැලානේ?? (නි)
ඉතින් මොකද තිලක් වෙන්නේ? කටුනායකින් වුණත් බැහැලා අාවේ ලංකාවට මිසක් ඩුබායි වලට නොවේනේ , ඔයතරම් රටට අාදරෙයි නම් ඉන්නකෝ මෙහෙට වෙලා කුඹුරක් කොටගෙන. මොන වැඩේ කරන්න ගියත් ඇදයක් දකින්න පුරුදු වෙන්න එපා (නි)
තිලක්, ඕකට බය වෙන්න එපා. බෙහෙත් තිබෙනවා (නි)
දැන් ඔය කට්ටියම ඇවිල්ලා අපේ රටේ ජීවන වියදම් අඩු කරන්නැ. අඩු කරලා, මිනිස්සුන්ගේ පඩිය වැඩි කරලා, නීතිය හරියට ක්‍රියාත්මක කරලා, කොමිස් ගහන එක නවත්තල, ඔක්කොම හරියට ක්‍රියාත්මක වෙනවද බලල, මේ දවස් ටිකට ගිය වියදමත් දීල, ගියොත් තමා හොඳ.... (ස)
අනේ ඉන්දික, ඔයාලගෙ ගෙදර වෙඩින් එකකට හරි පාටි එකකට හරි එන මිනිස්සු ඔයාලගෙ ගෙදර වියදම් ඔක්කොම දීලද යන්නේ.. නිකන් මෝඩ කතා නොකිය ඉන්න.. (ස)
තිලක්-ඩුබායි, නයිජීරියා උප ජනපති මත්තලින් අවේ. (ස)
ඒ කියන්නේ රටවල් 20 ක් ම සමුළුව වර්ජනය කරලද? (ස)
සමහර අයට කන්න නැතත් කමක් ඈ වගේ.චෝග්ම් තිබුනම ඇති. (ස)
තිලක් මහත්තයට සහ ඉන්දික ම්හත්තයට හොදට පිළිතුරු ලැබිලා තියෙනවා. ඕවා මානසික ලෙඩ. නොබියව අදහස් ප්‍රකාශ කරන්න.(නදී)
ඉතිරි රටවල් 21 කව්රුත් නැද්ද?(නදී)
අනේ බණ්ඩාර, වෙඩින් එකට එන අය ඔක්කොම වියදම් දෙන්නේ නැ. ඒ උනාට වෙඩින් එක ඉවර උනාම ගෙදර අයට ට කන්න නැ. ඉතින් නයට ගන්න වෙනවා. මේකත් ඒ වගේ නේද. රටේ නැති දියුණුවක් ලෝකෙට පෙන්නනවා. එකෙන් වෙන්නේ අපට අවාසියක්. අදාර දෙන එක නතර වෙනවනේ. ඉතින් නය ගන්න වෙනවා. ඕකට ගිය වියදම් කව්ද ගෙවන්නේ. ඔයාද. මමද. වැඩිය වියදම් නැතුව කලා නම් රටට හොදයි කියලා මම හිතන්නේ. නිකන් මෝඩ කතා කියන්නේ නැතුව ඉන්න බණ්ඩාර ඔයත්.(නදී)
මතක නැද්ද තිස්ස අත්තනායක මහත්තයා කිව්වා රාජ්‍ය නායකයෝ 13යි එන්නේ කියලා. අන්න රටට ආදරය කරන උත්තරීතර ලේකම්තුමා ,අනේ මගේ කට?(නදී)
අනිත් අයට මොකද උනේ. (ස)
තිලක්, ඔය තරම් කුහක වෙන්න එපා..එයාල ආවේ අපේ රටට..අපි ආඩම්බර වෙන්න ඕනී අපේ රට ගැන.ලංකාවට ඇවිල්ල බලන්න,,ඩුබායි වලට වෙලා හිටියට වැඩක් නෑ...ඔයා ඇයි හැම දේකම ඇද හොයන්නේ. (ස)
රාජ්‍ය නායකයෝ ඔක්කොම ඇවිත් තියෙන්නේ අවරුදු 30-40 කට පෙර හදපු බණ්ඩාරනායක ජාත්‍යයන්තර ගුවන් තොටුපොලෙන් නිසා කරන්න තියෙන්නේ කටුනායක ගුවන් තොටුපොල මත්තල කියල නම වෙනස් කරන්න විතරිනේ. එතකොට කටුනායකට එකම රාජ්‍ය නායකයෙක්වත් ඇවිත් නැහැ කියල කියන්න පුළුවනි.(නදී)
අකිල.මහජන මුදලින් කෝටි ප්‍රකෝටි ගානක් ලෝකෙටම ණය වෙලා ජාත්‍යන්තර ගුවන් තොටුපොළක් ඉදි කරන්නේ හාවා හද දකිනවා වගේ අවුරුද්දකටම එක්කෙනෙක් දෙන්නෙක් එන්න නෙමෙයි නේද? (නි)
තමාගේ රටේ වෙන ලස්සන වැඩක් ගැන කුණු කතා කියන්න තරම් දීන මිනිස්සුන් ඉන්නවා බව පේනවා. මේ ඇත්තෝ රටට සැපයක් සහ බරක්! (අ)
අනේ සම්පත් මහත්තයෝ, වැඩි වියදම් නැතිව කලා නම් හොදයි තමා එහෙම කියල වියදම් අඩුවට කරන්න මේක වෙඩින් එකක්ද? මේක රාජ්‍ය නායකයෝ සහභාගි වෙන දෙයක්. ඔයා ගොඩ කාලෙකින් කොළඹ පැත්තේ ඇවිදලා නැහැ වගේ. නැත්තම් කොහොමද ඇදුමක් ඇදගෙන කියන්නේ මවා පාල තියෙන්නේ කියල. දැන් ඔයා ගමට වෙලා හිටිය ඇති නේද. ටිකක් රට වටේ ඇවිදලා වෙලා තියෙන වෙනස්කම් සිහියෙන් බලල තේරුම් ගන්නකො. අනිත් එක ඔයා බැඳලා නැත්තම් මතක ඇතිව වියදම් අඩුවට මගුල කරගන්න. නිකන් නය වෙන්න ඕනේ නැහැනේ නේද. හොටෙල් වල එහෙම මගුල ගන්නවා නෙවෙයි ඕන්, රත්තරන් බඩු එහෙම ගන්න එපා වැඩිය, ගෙදර අය විතරක් හිටියම හොදටම ඇති. නිකන් මවාපාල නය වෙන්න ඕනේ නැහැනේ නේද. (නදී)
රටවල් 33ක රාජ්‍ය නායකයො කියන්නෙ ජනාදිපතිල අගමැතිල,අනිත් රටවලින් නියෝජිතයෝ ඇවිත් ඉන්නව.නොබැදි සමුළුවට පස්සෙ අද තමයි යුද්දේ ඉවර කරලා ලෝකේ අවදානය ලංකාවට ලබා ගත්ත දවස සමහර කුහක මිනිස්සුන්ට මේක තේරුන් ගන්න බැහැ.පාට කන්නාඩි ගලවල මේ දිහා බලන්න (නදී)
රාජ්‍ය නායකයන් 8 දෙනයි නේද? අනිත් අය නියෝජිතයෝ නොවේද? (නි)
රට්ටුන් දුසිමයි. වියදම් කෝටි 120යි. බූදෙල්ද? දුප්පතාගේ .දේශපාලනය. මගුල් නැතුව තියන තුට්ටුවෙන් දුප්පතා නගාසිටුවීම ජාතිද්‍රෝහි කමක් (දිල්)
තිලක්, තමුන්ගේ උප්පැන්න සහතිකය හොදට බලන්න, "තිලක්"ද නැත්නම් "හිලක්"ද කියලා. (නි)