
(අංජුල මහික වීරරත්න)
ස්වයං මාර්ගයෙන් කර්මාන්ත හා ආයතනික අංශයේ රැකියා සඳහා විදේශ ගතවීමේදී අදාළ ශ්‍රමිකයාගේ රැකියා ගිවිසුම අදාල රටේ ශ්‍රී ලංකා දූත මණ්ඩල කාර්යාලය මගින් සහතික කිරීම අද සිට (01) ක්‍රියාත්මක වන බව ශ්‍රි ලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය සඳහන් කරයි.
මීට පෙර එනම් පසුගිය ජූනි මස 07 සිට මෙය ක්‍රියාත්මක කිරීමට තීරණය කර තිබුණද, එය අද දක්වා කල් තැබිණි.
නව සංශෝධනයට අනුව සෞදි අරාබිය, කුවේටය, බහරේනය, කටාර්, එක්සත් අරාබි එමීර් රාජ්‍යය, ඕමාන්, ඊශ්‍රායලය, ජෝර්දානය, ලෙබනනය, මාලදිවයින, මැලේසියාව, සිංගප්පූරුව හා දකුණු කොරියාව යන රටවල් 13 වෙත කර්මාන්ත හා ආයතනික අංශයේ රැකියා සඳහා ස්වයං මාර්ගයෙන් යොමුවීමේදී කාර්යාංශ ලියාපදිංචිය ලබාගැනීම සඳහා තම සේවා ගිවිසුම එම රටවල පිහිටි ශ්‍රි ලංකා දූත මණ්ඩල වල පිහිටි කම්කරු හා සුබසාධන අංශ මගින් සහතික කරගත යුතු අතර, ඒ සඳහා ගාස්තුව වශයෙන් ඇමරිකා ඩොලර් 60ක මුදලක් ගෙවිය යුතු වේ.
වෘත්තීය කාණ්ඩයේ රැකියා සඳහා නව සේවා ගිවිසුමක් සහිතව ස්වයං මාර්ගයෙන් විදේශ ගතවන වෘත්තිකයින් හට, කාර්යාංශ ලියාපදිංචිය ලබාගැනීමේදී ඔවුන්ගේ වෘත්තියභාවය සඳහන් විදේශ ගමන් බලපත්‍රය හෝ අදාළ රැකියාවේ වෘත්තීයභාවය සනාථ කළ හැකි ලියවිලි ඉදිරිපත් කිරීමට හැකි නම්, රැකියා ගිවිසුම ශ්‍රි ලංකා දූත මණ්ඩල කාර්යාලය මගින් සහතික කරගැනීම අවශ්‍ය නොවේ.
පසුගිය සමයේ මිනිස් ජාවාරම් හේතුවෙන් ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් විදේශ රටවලදී විවිධ අපහසුතාවයන්ට ලක්වූ අතර, එම ගැටළුවලට පිළියමක් ලෙස ශ්‍රි ලාංකික ශ්‍රමිකයින් සුරක්ෂිතව විදේශ රැකියා සඳහා යොමුකිරීම අරමුණු කරගනිමින් මෙම තීරණයට කාර්යාංශය එළැඹී තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතනත් සල්ලි අරගන්න එක විතරක් කරලා වගවීමෙන් නිදහස් වුණොත් මේකත් නිකම්ම ඉපයීමේ ව්‍යාපාරයක් වෙනවා...
රට යන එක එපා කරවන එකයි තව කීයක් හරි අසරණ මිනිස්සුන්ගෙන් කඩාගන්න එකයි හැර වෙන මොකක්ද මේකෙන් වෙන්නේ? මේ නිළධාරීන් නම් රටට පිළිලයක්.
ඇත්තටම ඒ ඒ රටවල ශ්‍රි ලංකීය දූත මණ්ඩලවලින් කරුණු හොයා බලලා හරියට කරනවා නම් මේක හොඳ වැඩක්. එක එක බොරුකාරයන්ට අහුවෙලා රට යන එක නවත්තගන්නත් ඒ මඟින් ඒ ඒ පුද්ගලයාගේ මුදල් හා ජිවිතය රැක ගන්න පුළුවන් වෙයි. ඩොලර් 60ක් වගේ නෙමේ බොරුකාරයන්ට අහුවුනාම. පාස්පෝර්ට් එකේ ඩිපොර්ට් ගහගෙන නැත්තන් මිනිස් ජාවාරම්වලට අහුවෙලා ජිවිතයත් අවදානමේ දාගෙන තමයි නවතින්නේ. ආණුඩුවලින් NGOවලින් සැහෙන්න මුදල් වියදම් කරන්න වෙනවා ඒ අයව බේරගන්න. ඒත් ලංකාවේ ගොඩක් දෙනා තාවකාලික සංචාරක විසා හරහා යනවා රැකියා විසාව රටට ගිහින් හදලා දෙනවා කියන පොරොන්දුව මත. ඒ අයව මේ ක්‍රමය මඟින් ආවරණය වෙන්නේ නැ. ගොඩක් රටවලින් ලංකාවට විසා නොදෙන්නේත් ලංකාවේ පාස්පොර්ට් එක ලෝකේ ඉතාම දුර්වලම එකක් වෙලා තියන්නෙත් මේ හේතුව නිසා.