අරලගංවිල ඉසෙඩ් ඩී ඇළට වැටී මිය ගිය දස දෙනාගෙන් අවමඟුල සිය ගණනකගේ සෝ සුසුම් මැද දෙහිඅත්තකණ්ඩිය විජයපුර සොහොන් බිමේ දී අද (21) සවස සිදු විය.
අවුරුදු නෑ ගමන් ගොස් දියේ ගිලී මිය ගිය මෙම දස දෙනාගේ සිරුරු එකම වළක තැන්පත් කැරිණි.
මේ අතර කතරගම දෙටගමුව වැවට වෑන් රිය වැටීමෙන් මිය ගිය එකම පවුලේ පස් දෙනාගේ අවසන් කටයුතු අද මහයියාව පොදු සුසාන භූමියේ දී සිදු කැරිණි.
මහා සංඝරත්නය ආගමික වතාවත් සිදු කළහ.
(දෙහිඅත්තකණ්ඩිය විජිතපුර - ඡායාරූප ජේ ඒ ජයකොඩි)
(මහනුවර මහයියාව - ඡායාරූප මොහොමඩ් ආසික්)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ආරක්ෂාව ගැන හිතන්නේ නැති, දන්නේ නැති, නීතියට ගරුකරන්නේ නැති අනිත් මිනිස්සු ගැන නොහිතන අය ඉන්න ලංකාවේ මේවා සිදුවීම අරුමයක් නොවේ.කරුමයද නොවේ. (නි)
රටේ මාර්ග නීති පද්ධතියක් නැති නිසා තමා මේ අනතුරු. මේවා වගකිවයුත්තන්ට පෙනෙන්නේ නැද්ද? (නි)
මරණ ගැන ගොඩක් කණගාටුයි.පොලිසියේ අය මොන තරම් දඩ ගැහුවත්, ජනාධිපතිතුමා ආරක්ෂක වැටවල් ඉදිකළත් වැඩක් නැහැ. වාහනේ ඉන්න අනිත් අය පැත්තකින් තියමු. රියදුරා හිතුවා නම් පොඩ්ඩක් වැරදුනොත් මමත් මැරෙනවා කියලා මේවා වෙන්නේ නැති වේවි කියලයි ,මම නම් හිතන්නේ (නි)
අල්ලාහ් දෙවි පිහිටයි. සියලු දෙනාට නිවන් සුව ලැබේවා! (නි)
අනේ මෙහෙමත් අපරාධයක්! (නි)
මින් ඉදිරියටවත් රියදුරන් අවධානයෙන් යනවා නම් ගොඩක් හොඳයි (නි)
මේ සියලු දෙනාටම නිවන් සුව.රියදුරන්ගෙ නොසැලකිල්ල නිසා අහිංසක ජීවිත කීයක් නම් මේ දවස් ටිකට නැති වුණාද?? (ස)
සියලු දෙනාට නිවන් සුව ලැබේවා! (නි)
මීට වඩා පාරේ පරික්ෂාකාරීව යනවා නම් හොඳයි. (ස)
නොසැළකිලිමත්කමේ විපාක නේද මේ? (නි)
මෙවන් භුමි දාන දකින්න වුණේ එල්.ටි.ටි. කාලේ.දැන් සිංහල අවුරුදු කාලේ.මෙවන් අකල් මරණ සිදු නොවේවා .සියලු දෙනාටම නිවන් සුව පතමි. (ස)
ඔබ සැමට නිවන් සුව! නොසිතු මොහොතක අපෙන් සමුගත් ඔබ සැම යළි අප අතරම ඉපදේවා! (නි)
අනතුරක් සිදුවුණ ගමන් අහන ප්‍රශ්නයක් තමයි කවුද මෙයාට ලයිසන් දුන්නේ කියල. ප්‍රශ්නය ලයිසන් දුන්නේ කවුද කියන එක නෙමෙයි. රථය පදවන තැනැත්තා/තැනැත්තිය සතු වගකීමක් තියෙනවා තමන් වාහනය එලවන්ට සුදුසු මානසික සහ ශාරීරික තත්වයකින් ඉන්නවද කියා තීරණය කරන්ට . නිදිවරා නොසිටීම, සුරාපානය කර නොසිටීම, හොඳ සෞඛ්‍ය සහ හොඳ සිහි කල්පනාවකින් සිටීම සහ සියල්ලටම වඩා මාර්ග නීති ගරු කරන හොඳ විනය ගරුක, ඉවසීම පුරුදු ( හදිස්සි කාරයකු නොවීම ) පුද්ගලයකු වීම සහ වාහන එලවන්ට හොඳ පුරුද්දක් තිබීම. වාහනයේ ගමන් කරන්නන්ගේ යුතුකම තමයි තමන් ගමන් කරන වාහනයේ රියදුරා ගැන අවධානයෙන් සිටීම සහ ඔහුට බාධාවන විදියට ඔහුගේ අවධානය වෙනතකට යොමුවන විදියට ( කතාවට ඇදගැනීම සහ විහිළු තහළු වලට ) කටයුතු නොකිරීම. මිය ගිය අයට නිවන් සුව පතමි. (ස)
මේ 15 දෙනා පතාගෙන එන්න ඇති මේ විදියට අවසන් ගමන් යන්න. මෙවන් අකල් මරණ නැවතත් සිදු නොවේවා. මේ සියලු දෙනාටම නිවන් සුව !!! (ස)
දවස් දෙකක් ඇතුළත මරණ 15ක්? මේ හැම දෙනාටම නිවන් සුව පතමි...!!! (නි)
මෙවැනි බීමත් රියදුරන් ඇල්ලීමට මීට වඩා ප්‍රායෝගික හොඳ වැඩ පිළිවෙලක් ක්‍රියාත්මක කළ යුතුයි. (ස)
ජාති ජාතිත් මෙවන් විපත් නොවේවා! ඔබ සැමට නිවන් සුව අත්වේවා! (නි)
ඔබ සියලු දෙනාටම නැවත උපදින කිසිම ආත්මයක මෙවන් අකල් සමුගැනීමක් නොවේවා. (ස)
මෙවැනි අකල් මරණයකට කිසිකලක ගොදුරු නොවේවා! ඔබ සැමට නිවන් සුව ලැබේවා! (නි)
මෙවන් විපත් සතුරෙකුටවත් නොවේවා. (ස)
නිශාන්ත, රටේ නීති පද්ධතිය නෙමෙයි, මේ මිනිස්සුන්ගෙ නොසැළකිලිමත්කම තමා මේ විපතට මුල.(දිල්)
ඔබ සැමටම නිවන් සුව ලැබේවා! (නි)
නිවන් සුව පතමි! (ස)
පවු අප්පා.... මේ අය හීනෙන් වත් හිතන්න ඇද්ද මේ වගේ දෙයක්. සැමට නිවන් සුව පතමි. (නදී)
අපේ තාත්ත කියල තියෙන්නේ ටිකක් හයියෙන් ගියාට කමක් නැහැ කියලයි ..? දැන් රටේ පාරවල් හොඳයිලු ..? දුප්පත් මිනිසුන්ගේ ජීවිත නේද .?පව් ..! නිවන් සුව පතමි ..!!! (ස)
ලංකාවේ සිංහල අලුත් අවුරුද්දට තමා වැඩිපුර මරණ සිදුවෙන්නේ. (නධී)
සියලු දෙනාට නිවන් සුව අත්වේවා !!! (ස)
මෙවැනි අකල් මරණ සිදුවන්නේ.රියදුරන්ගේ නොසැල කිලිකම් හින්දයි. අවූරුදු සමයේ අදිකව බිමත්ව රිය පදවා සිදුවූනූ මරණ අදිකයි .මේ ගැන සියලුම රට වැසියන් බුද්දීමත්ව සිතා සුරාව රටින් තුරන් කලයූතූයි.(නදී)
සියලු දෙනාට නිවන් සුව අත්වේවා !!! (ස)
ජාති ජාතිත් මෙවන් විපත් නොවේවා! හැමෝටම නිවන් සුව ලැබේවා! (නි)
සසර වසනා තුරා මෙවන් විපත් නොම වේවා. මේ සියලු දෙනාටම නිවන් සැප ලැබේවා !(නදී)
නිවන් සැප ලැබේවා! (නි)
මෙවැනි රියදුරන්ට ලබා දිය යුතු ඉහළම දඩුවම නොපමාව ලබා දිය යුතුයි. (ස)
කෙසේ වූවද අහිමි වන්නේ අපේ අහිංසක මිනිසුන්. සැමටම නිවන් සැප ලැබේවා !!! (ස)
ඔබ සැමට නිවන් සුව! (නි)
මේ වගේ දේ තවත් සිදු නොවේවා!!!!!! නිවන් සුව ලැබේවා !!!! (ස)
සියලු දෙනාට නිවන් සුව ලැබේවා! (නදී)
නිවන් සුව අත්වේවා !!!!! (ස)
ජාති ජාතිත් මෙවන් විපත් නොවේවා! ඔබ සැමට නිවන් සුව අත්වේවා! (නි)
මෙම පුවත දුටු වෙලේ සිට මසිත කම්පාවෙන් නිම්හිම් නොමැත. මැද පෙරදිග රටක සිට පාකර එවන මගේ සෝසුසුම් එවමි. රියදුරු මල්ලි ටිකක් කලපනා කලේ නැහැ කියලයි මම හිතන්නේ,සසර ගමන ඔහොම තමා.(නදී)
දුක හිතුනා රත්තරනේ .. හිත රිදුනා රත්තරනේ... මා හැරදා ඔබ ගියදා..දුක හිතුනා රත්තරනේ...මා හැදුව රත්තරනේ...(නදී)
අනතුරින් මියගිය සියලුම දෙනාට නිවන් සැප ලැබේවා.කිසිදු දිනෙක මෙවන් විපත් අසන්නට නොලැබේවා.(දී)
නිවන් සුව පතමි.(නදී)
සියළු දෙනාට නිවන් සුව ලැබේවා! (නි)
සියලු දෙනාට නිවන් සුව ලැබේවා! (අ)
හැබැයි දුකට බීලා එන සමහර නෑයන්ගෙන් තමයි හරිම කරදරේ, මළ ගෙවල් මඟුල් ගෙවල් වලදී. (නි)
සියලු දෙනාට නිවන් සුව පතමි..!! මෙවන් අකල් මරණයක් කිසිම අත් භවයක නොම වේවා! (නි)
මේ ගැන කලින් හොයල බලන්න තිබුණා. ආරක්ෂාව ගැන. (ස)
සියළු දෙනාට නිවන් සුව !(දිල්)
අත් ට්‍රැක්ටරය ආරක්ෂාකාරී වාහනයක් නොවෙයි. මෙය මගීන්ගේ ගමන ගමනයට සකස් කරපු වාහනයකුත් නොවෙයි. සමහර ගොවි ගම්මානවල මෙය මගී ප්‍රවාහනයට යොදවා තිබෙනවා. මෙම අපරාධය සිදුවෙලා තියෙන්නේ නොසැලකිලිමත්කම හා අනාරක්ෂිත වාහනයක ගමන් කිරීම නිසයි. කවුරුත් මේ ගැන සැලකිලිමත් විය යුතුයි. මියගිය සැමට නිවන් සුව! (ස)
සියලු දෙනාහට නිවන් සුව ලැබේවා (අ)
ඔබ සැමට නිවන් සුව පතමි. (ස)
මෙවන් අකල් මරණ අසන්නට ලැබීමත් දුකකි. මියගිය සියලුම දෙනාට නිවන් සුව පතමි. (නි)
වෙන්න තියෙන දේවල් අපිට වළක්වන්න බැහැ, මේකට තමා කරුමය කියන්නේ. මොනවා කරන්නද? අපිට මොන වගේ ඉරණමකට මුහුණ දෙන්න වෙයිද කවුද දන්නේ? සියලු දෙනාට නිවන් සුව ලැබේවා!!!! (නි)
ඔබ සියලු දෙනාටම නිවන් සුව පතමි! (නි)
පොලිසිය අවුරුදු දවස්වල පාරේ ඩියුට් කරලත් මෙහෙම නම් පොලිසිය නොහිටියා නම් අපේ අය බිලා පාරේ ගිහින් මොන තරම් අනතුරු කර ගනිද?? ඔබලාට නිවන් සුව!!! අපේ රටේ මිනිස්සුන්ගේ ආකල්පමය වෙනසක් කළොත් අනතුරු විතරක් නෙමේ දුෂණ වංචා මිනිමැරැම් පවා අඩුවෙිවි. (ස)
ලංකාවේ පාරවල් හැදුවට වාහන එලවන්න උගන්වල නැහැ මීට වඩා වාහන නීති දැඩි කළ හැකි නම් මේ ජීවිත බේරෙනවා .(අ)
නිවන් සුව පතමි.......! (අ)
ටැක්ටර් එකේ 23 දාගෙන ඒයි ගියේ..වහනයක් එලවනවා වගේ ලේසි නෑනේ මල්ලි ටැක්ටරේ අමාරුම වාහනේ පොඩ්ඩ වෙරදුනත් ඉවරයි.. ඔයාට හරෝන තැනදී ලෝඩ් එක වැඩි හින්දා වැරදුනා නේද............නිදිමරාගෙන ඒයි දෙයියනේ කතරගම අවේ...වයස 65 නින්ද යනවනේ ඉතින් 5 දෙනෙක් අපරාදේ...මේ හැම තැනම අරක්ෂක වැටක් තිබුනානම් අනේ ජීවීත...ඔක්කොටම නිවන් සැපෙ ලෑබේව..(අ)
සියලු දෙනාටම නිවන් සුව. මෙවන් අකල් මරණ වනේ වන හතුරෙකුටවත් නොවේවා. (ස)
නිවන් සැප ලැබේවා! (නදී)
ඔබ සැමට නිවන් සුව අත් වේවා. (අ)
මෙ හෑමදාම ආවුරුදු වල ප්‍රතිඵල ශ්‍රි ලංකාවෙ වැඩියෙන්ම බොන දවස් නිතියෙ හිඩැස්..(අ)
සියලු දෙනාටම නිවන්සුව (අ)
සියලු දෙනාටම නිවන් සුව පතමි.මෙවන් අකල් මරණයකට..මින් මතු පත් නොවේවා..නිවන් සුව...(දිල්)
ඔබ සැමට නිවන් සුව ලැබේවා
විශාල කණගාටුවක් හිතන්නටත් බැහැ මෙවැනි අකල් මරණ ගැන . සැමදෙනාටම නිවන් සුව ! (ස)
සියලු දෙනාටම නිවන් සුව ලැබේවා!(මුදී)
හැම දෙනාටම නිවන් සැප ලැබේවා (දී)
මෙහෙම රංචු පිටින් පවුල් පිටින් අකල් මරණ වලට ලක් වෙන්න හේතුව පොඩ්ඩක් හිතල බලන්න .කර්මයේ බියකරු ස්වභාවය වැටහෙනවද ? .. පෙර ආත්මයක මේ අය එකතු වෙලා මේ විදියෙම අකුසලයක් කරලා ඇති.මේ ඔවුන්ට අපහාස කරනවා නෙමෙයි.නමුත් සංසාරයේ ස්වභාවය මේකයි.ඔවුන්ට නිවන් සුව අත්වේවා ... (ස)
ඇත්තටම බිමතින් රිය පදවන අයගෙ රියදුරු බල පත්‍රය අවලංගු කරන්න ඕන. (ස)
හැමෝටම නිවන් සුව ලැබේවා! (ස)
මේ වගේ දෙයක් කවමදාකවත් කාටවත්ම වෙන්න එපා කියල මම ප්‍රර්ථනා කරනවා. අපි ඉපදෙන්නේ හැමෝම මරණයේ සෙවනැල්ලත් එක්ක. නමුත් ඒ ජීවිතය කෙටි කාලයකින් අවසන් උනොත් ඒක දරා ගන්න අමාරුයි ජීවත් වෙලා ඉන්න තමන්ගේ අයට.මොකද මැරෙන කෙනාට වඩා මැරී මැරී ඒගොල්ලෝ ජීවත් වෙන්නේ. මේ වගේ දෙයක් හතුරෙකුටවත් වෙන්න නම් එපා. (නදී)
මේ අනාරක්ෂිත තැන් ගැන ඇයි නොසොයන්නේ (ස)
ඇත්තටම කියා ගන්ඩ බැරි තරන් දුකක් , වේදනාවක් දැනෙනවා , මොනවා කරන්ඩද ? ඔබ සැමට නිවන් සැප ලැබේවා ! (නදී)
රාත්‍රී කාලේ නිදිමතේ වාහන පැදවිමෙන් අනතුරු වෙන බව හැමදාම අසන්නට ලැබෙනවා. නමුත් මිනිසුන් කරන මෝඩකම් වලින් කෙරවලක් නැති අනතුරු ජිවිත හානි බොහොමයි.(නදී)
සියලු දෙනාටම නිවන් සැප ලැබේවා. (ස)
මෙවන් අකල් මරණ නොවේවා! (නදී)
අනේ දෙවියනේ යලි කිසි දිනක මෙවන් අපරාධ නොවේවා (දී)
ඔබ සියලු දෙනාටම නිවන් සුව. (ස)
යලිත් උපදින කිසිම ආත්මයක මෙවන් විපතක් නොවේවා ඔබ සැමට නිවන් සුව. (ස)
සියලු දෙනාට නිවන්සුව අත්වේවා.(නදී)
කනගාටුයි ! නිවන් සුව පතමි. ! (නදී)
නිශාර්ඩ් ෆ්රීනට මම එකඟ වෙනවා.(දිල්)
සියළුම දෙනාට නිවන් සුව ලැබේවා! මින් මතුවට මෙවන් සිදුවීම් අහන්න දකින්න නොලැබේවා! (නි)
ඔබ සැමට අල්ලාහ් දෙවි පිහිටයි! (නි)