අද පස්වරු 2 සිට 4.15 දක්වාත් ඉන් පසුවත් විදුලිය ඇණ හිටීම කඩාකප්පල්කාරී ක්‍රියාවක්දැයි සොයා බලන ලෙස රනිල් වික්‍රමසිංහ අගමැති හා විදුලි බල ඇමැති රංජිත් සියඹලාපිටිය මහතාද බලධාරීන්ට නියම කළහ.
රජය මහජනයා හමුවේ අප්‍රසාදයටත් අපකීර්තියටත් පත් කිරීමේ අරමුණින් කඩාකප්පල්කාරී පිරිසක් මෙම ක්‍රියාව පිටුපස සිටිද්දැයි සොයා බැලීමට නියම කර ඇත.
විදුලිබල ඇමැති රංජිත් සියඹලාපිටිය මහතාගේ ප්‍රධානත්වයෙන් විශේෂ කමිටුවක්ද ඒ සඳහා පත්කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
වැරදිකරුවන් ඔක්කොම හිරේ දාන්නම ඕන. (අ)
මොකද මෙච්චර සැක? (නි)
පරීක්ෂණ ප්‍රතිඵල ලෙස සොබාදහමටත් එෆ්සීඅයිඩී යන්න වෙයිද දන්නෙ නැහැ (නි)
මේක මේ පරීක්ෂණ කරන්න තරම් දෙයක්ද? (නි)
අප්‍රසාදයට පත්කරන්න මෙච්චර මහන්සි වෙන්න ඕනෑද? ඒක එයාලම කරගන්නවනේ දවස ගානේ. (නි)
සමහර අය කියන කරන ඒවාට මෙහෙම වුණේ නැත්නම් තමයි පුදුමේ (නි)
අළුතින් අඳුරුවෙන්න දෙයක් නැහැ. දැන් යහපාලනයේ අනුහසින් මුළු රටම අඳුරේ තමයි ඉන්නේ (නි)
මම හිතන්නේ යහපාලනයට තිබෙන කැමැත්ත ප්‍රකාශ කිරීමක් (නි)
හැම එකටම පරීක්ෂණ පරීක්ෂණ පරීක්ෂණ. හේතුව සොයාගෙන ඊට අදාළ පිළියම් සිදුකර නැවත මෙවැනි බිඳවැටීමක් සිදු නොවීමට කටයුතු කරනවාන ම් ගොඩක් හොඳයි. තවත් දෙයක්. නිතරම ක්ෂණිකව විදිලිය නැතිවෙන එක ගැනත් සොයා බැලුවා නම් හොඳයි. (නි)
ඒකත් රාජපක්ෂ රෙජිමයටද? (නි)
අගමැතිතුමා සොයාබැලීම අගය කරමු. විදුලි බල ඇමතිතුමා පරීක්ෂණ ප්‍රතිපල ජනතාවටත් කියන්න. (ර)
අපේ ශීතකරණයේ තිබී නරක්වුණ දේවල් වලින් වුණේ ලොකු පාඩුවක් (නි)
ඔබ හරි අගමැතිතුමනි (බ)