බදුල්ලේ ගොවින සේවා නිෂ්පාදන සහකාර නිලධාරීහු අද (9) ඌව පළාත් සභාව ඉදිරිපිට උද්ඝෝෂණයක් ඇරඹූහ.
පාර්ලිමේන්තු මන්ත්‍රී නලින් බණ්ඩාර පොහොර සම්බන්ධයෙන් ගොවීන්ට බැන වැදුණු බව කියන සිද්ධියකට විරෝධය පළ කරමින් ඔවුහු උද්ඝෝෂණයේ යෙදුණහ.
ගොවිජන සේවා මධ්‍යස්ථාන 32ක නිලධාරීහු බදුල්ල බණ්ඩාරනායක මාවතේ සිට බදුල්ල නගර මධ්‍යයට පාගමනින් පැමිණියහ.
මේ අතර ගොවියාට ඇතිවී ඇති පොහොර සහනාධාර ගැටළුව, වී විකුණා ගැනීමේ ගැටළුව, ගොවීන් ලියාපදිංචි කිරීම ඇතුළු ගැටළු රැසක් සම්බන්ධයෙන් විරෝධය පළ කරමින් තිස්සමහාරාම ගොවීහු පිරිසක් වීරවිල හංදියේදී උද්ඝෝෂණයක නිරත වූහ.
මහියංගනය - පොළොන්නරුව ප්‍රධාන මාර්ගය හරස්කරමින්ද මහවැලි බී කලාපයේ ගොවි සංවිධාන 8ක නියෝජිතයෝ අද උද්ඝෝෂණයක නිරතවූහ.
ජායාරූප - නිමල් ජයරත්න
ජායාරූප- ප්‍රසාද් රුක්මල්




![IMG_20160309_110731[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/IMG_20160309_1107311.jpg)
![IMG_20160309_111156[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/IMG_20160309_1111561.jpg)
![IMG_20160309_110537[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2016/03/IMG_20160309_1105371.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පන්දම් අල්ලලා පස්සෙන් ගිහිල්ල කුලියට කහල දිනාගන්න පුළුවන් කෙන් ගෙඩියක් නැහැ. දැන්වත් තේරුම් ගන්න නිවැරදි අවංක නායකයන් එක්ක එකතු වෙලා සටන් කරන්න .පාරට ගල් ලය්සෝන් කරල් දෙනවා කීවට, කෙලීට සිකියුරිටි ජොබ් එකක් හදල දෙන්නම් කීවට, ගෙට ගොඩවෙලා විරිත්තල හිනා වුණ පලියට, ළමයෙක් වැඩ ගත්ත පලියට නිවටයෝ වගේ මාරුවෙන මාරුවට ඒ අය පස්සේ ගිහිල්ල කතිරේ ගහන් නැතිව දීපල්ලා අවංක මිනිස්සුන්ට. (අ)