රිටිගල පුරා විද්‍යා ස්ථානයේ දෙස් විදෙස් සංචාරකයන්ගෙන් ආධාර එකතු කිරීමට යොදා ඇති පෙට්ටිය නිසි පරිදි මුද්‍ර නොතැබීම සහ තවත් චෝදනා කිහිපයක් මත රිටිගල පුරාවිද්‍යා ස්ථානය භාර නිලධාරීගේ රාජකාරි තහනම් කළ බව ඇමැති අඛිල විරාජ් කාරියවසම් මහතාගේ කාර්යාලයය කියයි.
පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව අධ්‍යාපන අමාත්‍යංශය යටතේ ඇති දෙපාර්තමේන්තුවකි.
රිටිගල පුරා විද්‍යා ස්ථානයේ අක්‍රමිකතා ගැන මාධ්‍යවේදී කාංචන කුමාර ආරියදාස මහතා හෙළි කිරීමෙන් පසු ස්ථාන භාර නිලධාරී මාධ්‍යවේදියාට එරෙහිව පැමිණිල්ලක් ද කර තිබිණි.
එම පැමිණිල්ල විභාග කිරීමට පැමිණෙන ලෙසත්, නොපැමිණියහොත් අධිකරණයට ඉදිරිපත් කරන බවත් පොලිසිය මාධ්‍යවේදියාට ලිකිතව දැන්වීය.
මාධ්‍යවේදියාට එරෙහිව පැමිණිලි කිරීම ගැන අද විරෝධතාවක් ද පැවැත්වුණු අතර පුරාවිද්‍යා කොමසාරිස් ජනරාල් සෙනරත් දිසානායක මහතා එම පැමිණිල්ල ඉල්ලා අස්කරගත්තේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ හිටපු සුදුස්සෝ සේරම පිටරට ගිහිල්ලා ඉවරයි. ඉතින් කුෂාන්ගේ කතාව පිස්සු එකක් වන්නේ කොහොමද? (නි)
පුරා විද්‍යාව ම හොර ගුහාවක් තමා(කෞ)
අයියෝ ඇයි මෙයා ඔය පැමිණිලි අනම් මනම් වලට ගියේ. දැක්කත් නොදැක්ක වගේ අහක බලාගෙන. කට නලියනවානම් ඔහේ හැපිලා පලයන් කියල ඇඟිල්ලක් වත් කටේ දාගෙන උන්නනම් තවමත් ඔතන වැඩකරනවනේ? (බ)
කුෂාන් පිස්සු කියවන්න එපා. ලංකාවේ හිටපු සුදුස්සෝ සේරම පිටරට ගිහිල්ලා ඉවරයි.(කෞ)
දැන් හැම දේකටම නඩු (බ)
මේ තීරණය ගැන ඉතා සතුටු වෙමි. මේ පුද්ගලයා මේ දෙපාර්තමේන්තුවට සුදුසු කෙනෙක් නොවේ. ඔබ මේයට මාස කීපයකට පෙර මා හට බොහෝ පහත් අයුරින් බැන වැදුනා. (හේ)
පුරා විද්‍යා එක සහ සංස්කෘතික ත්‍රිකොනය ,හරියටම අධ්‍යාපන දෙපාර්තමේන්තුව වගේම හොරගුහවක් බව මම දන්නේ අපුරේ මගේ ගම නිසයි (අ)
ජන මාධ්‍ය නිසා තවත් රහස් එළි වේවි ඉදිරියට. කාංචන කුමාර ආරියදාස මහතා ජනතා උපහාරයට සුදුස්සෙක්. (ම)