විදේශ ගත ඇතැම් ශ්‍රී ලාංකිකයන් ද එතෙර පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් බවට පවා පත්ව සිටි සමයක විදේශගත ශ්‍රමිකයන්ට ඡන්ද අයිතිය ලබා දීමට ශ්‍රී ලංකාව සමත් නොවීම කනගාටුවට කරුණකියි එතෙර අපි සංවිධානයේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා ප්‍රකාශ කළේය.
ඔවුන්ගේ ගැටළුවලට පිළියම් සොයන්නට දේශපාලනඥයන් උනන්දු නොවන්නේ ද ඔවුන්ගේ ඡන්ද ලබා ගත නොහැකි බැවින් බව ද ඔහු කීවේය.
එසේ වුව ද තිස් ලක්ෂයකට අධික විදේශගත ශ්‍රී ලාංකිකයන්ට ඉක්මනින් ඡන්ද අයිතිය දිය යුතු යැයි කී හදුන්නෙත්ති මහතා, ඒ සඳහා ඉදිරිපත් කොට ඇති යෝජනාව මේ වන විට පාර්ලිමේන්තු න්‍යාය පුස්තකයට ඇතුළත් කොට ඇති බැවින් ඉක්මණින්ම තේරීම් කාරක සභාවක් පත් කිරීමට කතානායකවරයා කටයුතු කරනු ඇතැයි බලාපොරොත්තු වන බව සඳහන් කළේය.


COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලංකාවේ විශ්වවිද්‍යාල වලට වෙලා තියන විශාලම ව්‍යසනය තමා දේසපාලනය ඒවා තුලට රිංගා ගැනීම. අද එම ආයතන අර්බුද ගංගාවක් බවට පත්වෙලා හමාරයි. අද වනතුරු විදේශික රැකියාවන් සදහා රටින් පිටත සේවය කරන අය සිටින කිසිම රටක දේසපාලන බෙදීම් නිසා ආරවුලක් පැන නැඟී නෑ. මේ ඡන්ද ක්‍රමය ගෙන එ්මෙන් විශ්ව විද්‍යාල වලට සිදුඋන දේම මෙයටත් සිදුවනවා. හදිසියකට තමන්ගේ රටේ කෙනෙක් කියල ඉන්න කෙනත් නැතිවෙනවා. අනෙක මේ කවුරුන් රජ උනත් අපට වන හෝ අපේ දරුවන්ට වන කිසිම සෙතක් නෑ. එ්ක නිසා අපට මේ ඡන්දය ඕනෙම නෑ. මේක අපට කරන විශාල විනාසයක්. අපව බෙදා වෙන්කරන ව්‍යසනයක්. එක නිසා මේක එපා එපාමයි. (ස)
ඔය එතෙර කිසිම සංවිධානයකින් මෙතුවක් අපිට වුණ කිසිම සෙතක් නැහැ. (නි)
මැදපෙරදිග මරු කතරේ දුක්විඳින අපිට ඡන්ද අයිතියට වඩා දෙයක් අවශ්‍ය බව වටහා ගත්තොත් හොඳයි. ඔය අපේ ඡන්ද අයිතීන් ගැන මොරදෙන්නේ අපේ පිටින් ගිහින් එයාලා රජවෙන්න මිසක් අපි ගැන සොයාබලා කටයුතු කරන්න නෙමෙයි කියලා අත්දැකීමෙන් අපි දන්නවා (නි)
රට රටවල දුක්විඳින අපේ සහෝදරයන්ගේ දුක තවම ඔයාලා දන්නේ නැහැ. මේ රටවල උපයන රුපියල අපිට වටිනවා ඔයාලට ඡන්දෙ දෙනවට වැඩිය...... (නි)
ඔය ආණ්ඩුවට බරක් නොවී ආණ්ඩුවේ සහයෝගයක් නැතුව ස්වෝත්සාහයෙන් විදේශගතවෙලා රස්සාවල් කරන අයගෙන් මොනතරම් මුදලක් රටට ලැබෙනවද? ලංකාවේ ඉන්න පවුල් කි ලක්ෂයක් ඒ අයගෙන් යැපෙනවද? නමුත් ඒ අයට මොන ආණ්ඩුවෙන්වත් කිසිම සහනයක් නැහැ. (නි)
මේ ක්‍රමය ආවොත් විදේශ වල ඉන්න අයගෙ එකමුතුකමත් නැතිවෙයි (නි)
මේ ජවිපෙ හදන්නේ බොහෝ රටවල පදිංචි ශ්‍රී ලංකික ද්‍රවිඩ ඩයස්පෝරාව නම් කොටි සංවිධානයේ සුරතලුන්ට මෙරට තුල පෙන්වීමට නොහැකි ඔවුන්ගේ හයිය එතෙර සිට පෙන්වීමට පාර කැපීම නොවේද. ජවිපෙ යනු තුන්වන පාර්ශවයකගේ බළල් අතකි. (ස)
රට ඉන්න අපිට ඡන්දය දාන්න බැරිවෙන්න හේතුවක් නැහැනේ. (නි)
අද ලෝකයේ තිබෙන බොහෝ රටවල ශ්‍රමිකයන් ලෙස ශ්‍රී ලාංකිකයන් සේවය කරනවා. නමුත් ඔවුන් ගැන හෝ ඔවුන්ගේ රැකියාවන් හා අනෙකුත් කිසිදු පහසුකමක් ගැන කිසිම රජයක් සොයන්නේ නැහැ. රටගිය ඇත්තනට ඡන්ද අයිතිය ලබා දුන්නොත් පිටරට ඉන්න සියලුම ශ්‍රමිකයන්ගේ ඇඟිලි සලකුණු අරගෙන ඇඟිලි සලකුණු මඟින් පමණක් ඡන්දය ප්‍රකාශ ක්‍රමයට නීතියක් පනවන්න.නමුත් මගේ හැඟීම නම් එසේ රටගිය ඇත්තනට ඡන්ද අයිතිය ලබාදීමේ අවශ්‍යතාවක් නැත කියාය (නි)
මැදපෙරදිග ඉන්න අපි දන්නවා ඔය කවුරු මොන කතා කිවුවත් සෞදි වගේ රටක ඡන්දය දාන්න යන්න හැමෝටම බැහැ. අපි ඉන්නේ නගරයේ සිට සැතපුම් දහස් ගණනක් දුර. ඉතින් අපි කොහෙද ඡන්දය දමන්න යන්නේ? (නි)
රජය විසින් අන්තර්ජාලය මඟින් කළහැකි ඡන්ද ලබාදීමේ ක්‍රමයක් හඳුන්වා දුන්නොත් මෙය සාර්ථක වේවි (නි)
විදේශගත අපේ ශ්‍රමිකයන්ට අනිවාර්යයයෙන් ලබා දියයුතු අයිතියක්. දැන් විද්‍යුත් තැපැල් ඡන්ද ක්‍රමයක් හඳුන්වාදීමට කාලය එළඹිලා. (නි)
සරත්, ගෘහ සේවිකාවන්ට ඔයා ගානේ අන්තර්ජාල පහසුකම් දෙනවද? (නි)
මේක අනවශ්‍ය වැඩක් (බ)
මේක අනවශ්‍ය වැඩක් (බ)
රටේ පාලකයන් පත් කර ගැනීමේ අයිතිය මොන රටක සිටියත් තිබිය යුතුය..ලොව පුර විසිරි සිටින ශ්‍රී ලාංකිකයින්ට ඒ අවස්ථාව ලබාදීමට උනන්දුවීම පැසසිය යුතු වැදගත් තීරණයකි....ඒ සඳහා අපට ඇති අයිතිය වෙනුවෙන් පෙළ ගැසෙමු....ජයවේවා...(බ)