විගමණික ශ්‍රමිකයින්ගේ සියළු තොරතුරු අඩංගු ජාත්‍යන්තර පර්යේෂණ මධ්‍යස්ථානයක් ශ්‍රීලංකාවේ ස්ථාපිත කිරීමට කොළඹ ක්‍රියාදාමයේ සාමාජික රටවල එකඟතාවයෙන් ඉතා ඉක්මනින් පිහිටුවන බව විදේශ රැකියා ඇමතිනී තලතා අතුකෝරළ මහත්මිය ප්‍රකාශ කළාය.
ආසියා ශ්‍රමිකයින් යොමුකරන රටවලට මෙන්ම, එම ශ්‍රමිකයින් ලබාගන්නා රටවලට වැදගත් තීරණ රැසකට එළඹුණු බවද ඇය පැවසුවාය.
කොළඹ ක්‍රියාදාමයේ උසස් නිලධරයින්ගේ තෙවන වාර්ෂික සමුළුව දෙදිනක් පුරා පැවැත්විණ.
එක්සත් ජාතීන්ගේ නිත්‍ය නියෝජිත රවිනාථ ආරියසිංහ මහතාද අදහස් දැක්වීය.විදේශ රැකියා අමාත්‍යංශයේ ලේකම් ජී.එස්.විතානගේ, අමාත්‍යංශ උපදේශිකා පත්මිණි රත්නායක, සභාපති රාජ්පාල් කුමාර් ඔබේසේකර, විදේශ රැකියා ඒජන්සියේ සභාපති ලක්ෂ්මන් අබේගුණරත්න,සාමාන්‍යාධිකාරී කේ.ඕ.ඩී.ඩී.ප්‍රනාන්දු යන මහත්ම මහත්මීන්ද මෙම අවස්ථාවට එක්ව සිටියහ.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැන් මේකෙන් අපිට ඇති ප්‍රයෝජනය මමත් දැනගන්න කැමතියි (නි)
හොඳ වැඩක් (නි)
දැන් මේවට කීයක් ගෙවන්න වෙයිද දන්නේ නැහැ. අපිට ලැබෙන දෙයක් නම් නැහැ කවදාවත් (නි)
මෙය තවත් මුදල් නාස්තියක් පමණක් නම් නොවේවා! (නි)
පතිරණ මහතා අනේවාසික ගිණුමක් පවත්වාගෙන යනවා නම් ඉන් යම් මුදලක් ගෙන්වාගත හැකිය. මම එසේ කළෙමි (නි)
නාමල්ට මේ අය මොනවා කළත් හොඳයි. හරිම වටිනවා. මෙහෙම අය ඉන්න තාක්කල් දේශපාලකයෝ ඕනෑම දෙයක් කරන්න බය නැහැ (නි)
රටගිය අයගේ තෝම්බුව හොයන්න කලින් ලංකාවේ ඉන්න අයගේ හොරමගඩි ගැන හෙව්වා නම් හොඳයි. රට ගිය මිනිස්සු කීයක්හරි හම්බ කරගෙන කාටවත් අතනොපා තමන්ගෙ වැඩක් කරගන්නවා (නි)
රටගිය හැමෝගෙම තෝම්බුව හොයනවාට වඩා පහසුයි මැපෙරදිග ගිය අයගෙ තෝම්බුව හෙව්වා නම්. ඒක හොයනකොට ඒ මිනිස්සු බිල්ලට දීලා ගසාකාපු අයගෙත් තෝම්බුව නිකන්ම එළියට එනවා. (නි)
මොන ආණ්ඩුව ආවත් රටගිය ඇත්තන්ට වෙන සේවයේ වෙනසක් නැහැ (නි)
මේ රටේ ඉන්න දුප්පත් මිනිසුන්ට රට ගිහිල්ලා කීයක්හරි හොයාගන්න එකට නම් වැට බඳින්න එපා (නි)
රට ගිහින් අපේ රටට විදේශ විනිමය උපයා දෙන ජනතාවට මීට වඩා සේවයක් විය යුතුයි. (ර)
කාන්තාවන් ගෘහ සේවයට යැවීම නැවත්වීමට දස වසරක වැඩ පිළිවෙලක් හදන්න. (ර)
හොද වැඩක්. (ර)
ලෝකෙම ප්‍රශ්න විසඳන්න අවශ්‍ය නැහැ. අර මැදපෙරදිග ගිහින් අසාධාරනකම් වන අහිංසක ගැහැණු බේරා ගන්න මොනවහරි කරන්න. හොර ඒජන්සි වසා දමන්න. ටිකෙන් ටික මැදපෙරදිග ගෘහ සේවය සඳහා ගැහැණු යවන එක නවත්වන්න බලන්න. (ර)
මේ එක එක තෝම්බු හොයනවට වඩා මැදපෙරදිග ඇවිත් ඉන්න අපේ අම්මලා, අක්කලා නංගිලට වෙන අසාධාරනකම් වලට විසදුමක් දෙන්න බලන්න. (ර)
ලෝකෙම ප්‍රශ්න විසඳන්න අවශ්‍ය නැහැ. අර මැදපෙරදිග ගිහින් මිනීපෙට්ටි වලින් එන සහ පරාල ඇණ ඇඟ පුරා ගසා, උණු වතුර වත්කර, පණපිටින් සදාකාලික අබ්බගාතව එන අහිංසක ගැහැණු බේරාගන්න මොනවහරි කරන්න. හොර ඒජන්සි වසා දමන්න. ටිකෙන් ටික මැදපෙරදිග ගෘහ සේවය සඳහා ගැහැණු යවන එක නවත්වන්න බලන්න. (නි)
හොද අදහසක්. (ර)
මේවායින් පිටරට සිටින අපිට ඇති ප්‍රයෝජනය කුමක්ද? (නි)
හොඳ වැඩක් (නි)
මම දැන් අවරුදු 19 ක් තිස්සේ ලංකාවට සල්ලි යවනවා නමුත් වැඩකරන කොම්පැනියේ ප්‍රස්නයක් වෙලා දැන් මාස 4 ක් තිස්සේ පඩි ගෙවන්නේ නැහැ මට කන්න බොන්න වත් විදිහක් නැතුව එක එක් කෙනාගෙන් නයට ඉල්ලාගෙන කන්නේ, මගේ බිරිද බැංකුවක් බැංකුවක් ගානේ රස්තියාදු වෙනවා මම යවපු සල්ලි වලින් ටිකක් ආපහු මට එඅවාගන්න නමුත් ලංකාවෙන් රුපියලක් වත් මෙහාට ගෙන්නාගන්න විදිහක් නැහැ විදේස විනිමය පීටර යවන්න බැහැ කියලා නමුත් මෙයාලා අපි එවන සල්ලි වලින් හොදට කාලා ඇදලා බුරුතු පිටින් රට සවාරි ගහනවා දකිනකොට ලොකු කේන්තියක් ඇතිවෙනවා. ..(රේ)
පුලාරා,ඔබ හරියට හරි. (නි)
අනාගතේ දී කරන්න බලාපොරොත්තු වෙන වැඩ ගැන කියව කියවා ඉන්නේ නැතුව, වැඩක් කරලා, අපි මේ වැඩේ කළා කියලා කියන්න. (ර)
පතිරණ ඔබට සිදුව ඇති කරදරය ගැන කනගාටු වෙමි. තමන්ගේ අනේවාසික විදේශ මුදල් ගිණුමෙන් ඔබට යම් මුදලක් ආපසු ගෙන්වා ගත හැකි වුවද එය බැංකුවෙන් කර දෙන්නේ නැත. (ර)
කරන්ඩ ඕනේ ගෘහ සේවයට කතුන් අරාබි රටවලට යවන එක නැවත්වීමට ,ලෝකයේ වෙනත් රටවල ඇති පුහුණු ශ්‍රමිකින් සදහා ඇති ඉල්ලුමට අනුව සැපයුම නිර්මාණය කීරීමයි . පිටරට ඉන්න මට ඉහත දෙඉන් කිසි පලක් නැත. (අ)
කරනවා කියනවා විතරයි. (ර)
පතිරණ ඔබට ඉතාම විශ්වාස හිතවතෙක් ඔය රටේ සිටි නම් මේ විදියේ දෙයක් කරන්න පුළුවන්. බිරිඳ ලවා ඔහුගේලංකාවේ බැංකු ගිණුමට මුදල් තැන්පත් කර ඊට සමාන මුදලක් ඔයරටේ මුදල් වලින් ඔබේ ඔය රටේ ගිණුමට තැන්පත් කරන්න කියන්න. පුළුවන් නං දෙපාර්ශවයම බැංකු රිසිට් පුද්ගලික ගනු දෙනු සාක්කි ලෙස තබා ගන්න. නමුත් මේ කටයුත්තට දෙපාර්ශවයේම එකඟතාවත් විශ්වාසයත් ඉතා වැදගත්. (ස)
විදේශ සේවා නියුක්ති කාර්යංශයට අවුරුදු පතා අපි ගෙවන මුදලින් අපට සිදුවී ඇති කිසිම යහපතක් මේ වෙනතෙක් නම් නැහැ. (නි)
රටගිය හැමෝම ගැන පරීක්ෂණ කරන්න කලින් අර මැදපෙරදිගට යන කාන්තාවන් විඳින දුක්කරදර ගැන කරුණාකරලා පරීක්ෂණයක් කරලා බලන්න. (නි)
පතිරණ,බොහෝකලක් විදේශයක සේවය කර,කරදරයට පත් වූ ඔබ ගැන කණගාටුවෙමි.චාන්දනී කිව ලෙස වත් කටයුතු කර ඔබ පත්ව ඇති කරදරයෙන් මිදීමට බලන්න. (අ)
දැන් සෞදි අරාබියට ඉන්දියවෙන් සහ පිලිපීනයෙන් ශ්‍රමිකයන් එවන්නේ නැහැ සිමා කරලා ගොඩක්ම කම්කරු රැකියාවට එවන්නේ නැහැ එක නිසා පහුණු ශ්‍රමිකයන් එවීම වැදගත් එහෙම නැතුව නුපුහුණු කම්කරුවන් එවීමෙන් ඒ අය අනවශ්‍ය කරදරවල පැටලෙනවා. (ර)
චාන්දනී කියපු විදිහට වැඩ කටයුතු කරගන්න පුළුවන් වුණා, ඇයට තුති, නමුත් මෙවැනි තත්ත්වයකදී අපි කොච්චර ලජ්ජාවකට පත්වෙනවාද? පිට රට ඉදලා සල්ලි යවන අපි කව්රුත් දෙසැරයක් සිතිය යුතුයි. ඔබේ සල්ලි ගන්න මිසක් ඔබට වැඩක් කරන්න අපේ රටේ කව්රුවක් නැහැ කියන එක. (ස)
පතිරණ, ලංකාවේ බැංකුවේ ඒටීඑම් පත ඔබ ගාව තිබේ නම් එය සිරස් ජාලයේ සමාජිකයෙකු නම්, ඔබ සිටින රටේ ටෙලර් යන්ත්‍රයකින් මුදල් ගත හැක. මම එසේ අරගෙන ඇත. (ස)
ඉතාලියෙ සිටින විශ්‍රාමිකයන්ගේ විශ්‍රාම වැටුප ලංකාවට ගෙන්වා ගැනීමට රජය මැදිහත් වී කටයුතු කරන්න, (බ)
ඉතාමත් හොදි සංවිධාන බිහිවීම විතරක් මදි මෙම සංවිධාන වල නියෝගිතයන් රටවලටත් පත් කරන්න (ම)
ඔයිට වැඩිය හොඳ නැතිද ඔය දියවන්නාව පැත්තේ ඉන්න සුදෝසුදු සිල් රෙදි හැඳගත් උපාසක මහත්වරුන්ගේ තොම්බුවක් හැදුවොත්. ඒක රටටත් හොඳයි අපිටත් හොඳයි..(බ)
අපි ටිකෙන් ටික දියුණුවෙන්න බලමු (නි)
ඕක පිහිටවලාම කතා කරනවා නම් වඩා හොඳයි (නි)
මොන දේවල් කිවුවත් විදේශ විනිමය උපයාදෙන අපිට කිසිම සුගතියක් නැහැ. යහපාලනයෙන්වත් අපිට වටිනාකමක් ලැබෙයිද බලමු. (නි)