IMG-LOGO

2025 දෙසැම්බර් මස 26 වන සිකුරාදා


රටක් ඇතුළෙ රටක්

ලෝකයේ පස්වෙනි කුඩාම රට වන සැන් මැරිනෝ ඉතාලියට අයත් භූමි ප්‍රදේශයකින් වට වී ඇති අතර එය  ඉතාලියේ උතුරු මධ්‍යම ප්‍රදේශයේ ටිටානෝ නම් කන්දේ පිහිටා ඇත.

යුරෝපයේ ධනවත් රටවල් අතරින් කුඩා ස්වාධීන ජනරජයක් වන සැන් මැරීනෝ රාජ්‍යය ක්‍රිස්තු පූර්ව 1600 වෙනි සියවසේදී නීති ගත වු ලොව පැරණිතම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හිමිකම් කියයි.

හතරවෙනි සියවසේදී සොයා ගනු ලැබු මෙම රාජ්‍යය යුරෝපයේ පැරණිතම රාජ්‍යය බව කියනු ලැබේ.

එහි විශාලත්වය වර්ග සැතපුම් 24 කි.  එහි පදිංචිව සිටින ජනගහනය තිස් දෙදහසක් පමණ වෙයි.

එහි ඒක පුද්ගල ආදායම රුපියල් හතලිස් නව ලක්ෂ තිස් අටදහසක් වන අතර වසරකට සංචාරකයින් ලක්ෂ තිස්පහක් පමණ පැමිණෙන අතර මෙය සංචාරක මධ්‍යස්ථානයක් ලෙස සැලකේ.

සැන්මැරීනෝ හි ප්‍රකට  ලක්ෂණය වන්නේ ලොකු කුඩා කඳු වැටි ය.

රටේ ඉහළම කඳු මුදුන අඩි 2477  වන ටිටානෝ කඳු මුදුනය. පහළම ස්ථානය අඩි 180 ක් උසය.

ශ්‍රී ලංකාව හා සැන් මැරීනෝ අතර තානාපති සබඳතා ඉතා මෑතකදී ආරම්භ කෙරිණි. 

සැන් මැරිනෝ පිහිටි ටිටානෝ කඳු මුදුන දැඩි ශීත කාලගුණයකින් යුක්ත වන අතර  එහි  මුදුනට නැග ගත් විට  ඉතාලියේ පෙදෙස් ගනනාවක්ම  දර්ශනය වේ.

ලොව සිටින ප්‍රධාන පෙළේ ධන කුවේරයන් තම ගිනුම් වල රහස්‍ය භාවය රැක ගැනීම සඳහා සැන් මැරීනෝහි තම ධනය තැන්පත්කොට ඇති බව වාර්ථා වෙයි.

  සිනහවෙන් සංග්‍රහ කරන ඉතා මිත්‍රශීලී පොලිස් සේවාවක් මෙහි පවත්වාගෙන යන අතර කිසිම බාධාවකින් තොරව සැන්මැරීනෝ පාර්ලිමේන්තුව ඇතුළු වැදගත් ස්ථාන වලට යාම සඳහා ඔවුහු ක්ෂණිකව කටයුතු කරති.

 

 



අදහස් (0)

රටක් ඇතුළෙ රටක්

නිහාල් ගුණතිලක Saturday, 08 March 2014 05:35 PM

ලොව සිටින ප්‍රධාන පෙළේ ධන කුවේරයන් තම ගිනුම් වල රහස්‍ය භාවය රැක ගැනීම සඳහා සැන් මැරීනෝහි තම ධනය තැන්පත්කොට ඇති බව වාර්ථා වෙයි. (අ)

:       0       0

රොෂාන් ප්‍රනාන්දු Saturday, 08 March 2014 09:31 PM

පහුගිය දවස්වල ලංකාවේ ඉන්න ඉහළ පෙළේ දේශපාලඥයෙකුත් සන්මැරීනෝ ගිහින් හොර සල්ලි තැන්පත් කෙරුවා කියලා ආරංචියක් ආවා.(නදී)

:       0       0

ලේක්කෝ ගලබඩ Saturday, 08 March 2014 09:35 PM

සන් මැරීනෝ රාජ්‍යයේ ශ්‍රී ලාංකිකයන් විශාල වශයෙන් වැඩ කරනවා. ඔවුන්ගේ පඩිය ඉතාමත්ම ඉහලයි. මෙහි බදු අය නොකරන නිසා විශාල මුදලක් ඉතිරිකර ගත හැකිය. මෙම ධනවතුන්ගේ රාජ්‍යයේ රැකියා අවස්තාවන් බහුලව ඇත.(නදී)

:       0       0

අචලා Saturday, 08 March 2014 10:10 PM

තානාපති කාර්යාල දැම්මේ අර කට්ටියගේ හරි මුදල් දාන්න නේද? (නදී)

:       0       0

සෙන්තිල්නාතන් Sunday, 09 March 2014 07:53 PM

එහෙම වෙලා තිබුනොත් ලංකාවත් අද පොහොසත් රටක්. සන්මරීනෝ වගේ පොහොසත්වෙලා දකුණේ අය ගිහින් තමන්ගේ හොර සල්ලි එහෙ බැංකුවල දාවි. (නදී)

:       0       0

රනුක Saturday, 08 March 2014 11:46 PM

තල්මසා නිතරම පොඩි සතුන් ගිලිනවා දේශපාලන විද්‍යාවේ මොකද්ද නමක් කියනවා මට මතක නැහැ ...... මත්ස්‍ය න්‍යායද මොකද්ද (දී)

:       0       0

සමන්ත Sunday, 09 March 2014 02:12 AM

අපේ ජනාධි පති තුමාට, ත්‍රිවිධ හමුදා පති වරු ඇතුළු සෙබළුන්ට පින්සිද්ද වෙන්න යාන්තම් අපි බේරුනා අපේ රටෙත් රටක් ඇතුළෙ රටක් තමයි වෙන්න ගියේ (දී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 552 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 276 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1077 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site