ලෝකයේ පස්වෙනි කුඩාම රට වන සැන් මැරිනෝ ඉතාලියට අයත් භූමි ප්‍රදේශයකින් වට වී ඇති අතර එය ඉතාලියේ උතුරු මධ්‍යම ප්‍රදේශයේ ටිටානෝ නම් කන්දේ පිහිටා ඇත.
යුරෝපයේ ධනවත් රටවල් අතරින් කුඩා ස්වාධීන ජනරජයක් වන සැන් මැරීනෝ රාජ්‍යය ක්‍රිස්තු පූර්ව 1600 වෙනි සියවසේදී නීති ගත වු ලොව පැරණිතම ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට හිමිකම් කියයි.
හතරවෙනි සියවසේදී සොයා ගනු ලැබු මෙම රාජ්‍යය යුරෝපයේ පැරණිතම රාජ්‍යය බව කියනු ලැබේ.
එහි විශාලත්වය වර්ග සැතපුම් 24 කි. එහි පදිංචිව සිටින ජනගහනය තිස් දෙදහසක් පමණ වෙයි.
එහි ඒක පුද්ගල ආදායම රුපියල් හතලිස් නව ලක්ෂ තිස් අටදහසක් වන අතර වසරකට සංචාරකයින් ලක්ෂ තිස්පහක් පමණ පැමිණෙන අතර මෙය සංචාරක මධ්‍යස්ථානයක් ලෙස සැලකේ.
සැන්මැරීනෝ හි ප්‍රකට ලක්ෂණය වන්නේ ලොකු කුඩා කඳු වැටි ය.
රටේ ඉහළම කඳු මුදුන අඩි 2477 වන ටිටානෝ කඳු මුදුනය. පහළම ස්ථානය අඩි 180 ක් උසය.
ශ්‍රී ලංකාව හා සැන් මැරීනෝ අතර තානාපති සබඳතා ඉතා මෑතකදී ආරම්භ කෙරිණි.
සැන් මැරිනෝ පිහිටි ටිටානෝ කඳු මුදුන දැඩි ශීත කාලගුණයකින් යුක්ත වන අතර එහි මුදුනට නැග ගත් විට ඉතාලියේ පෙදෙස් ගනනාවක්ම දර්ශනය වේ.
ලොව සිටින ප්‍රධාන පෙළේ ධන කුවේරයන් තම ගිනුම් වල රහස්‍ය භාවය රැක ගැනීම සඳහා සැන් මැරීනෝහි තම ධනය තැන්පත්කොට ඇති බව වාර්ථා වෙයි.
සිනහවෙන් සංග්‍රහ කරන ඉතා මිත්‍රශීලී පොලිස් සේවාවක් මෙහි පවත්වාගෙන යන අතර කිසිම බාධාවකින් තොරව සැන්මැරීනෝ පාර්ලිමේන්තුව ඇතුළු වැදගත් ස්ථාන වලට යාම සඳහා ඔවුහු ක්ෂණිකව කටයුතු කරති.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලොව සිටින ප්‍රධාන පෙළේ ධන කුවේරයන් තම ගිනුම් වල රහස්‍ය භාවය රැක ගැනීම සඳහා සැන් මැරීනෝහි තම ධනය තැන්පත්කොට ඇති බව වාර්ථා වෙයි. (අ)
පහුගිය දවස්වල ලංකාවේ ඉන්න ඉහළ පෙළේ දේශපාලඥයෙකුත් සන්මැරීනෝ ගිහින් හොර සල්ලි තැන්පත් කෙරුවා කියලා ආරංචියක් ආවා.(නදී)
සන් මැරීනෝ රාජ්‍යයේ ශ්‍රී ලාංකිකයන් විශාල වශයෙන් වැඩ කරනවා. ඔවුන්ගේ පඩිය ඉතාමත්ම ඉහලයි. මෙහි බදු අය නොකරන නිසා විශාල මුදලක් ඉතිරිකර ගත හැකිය. මෙම ධනවතුන්ගේ රාජ්‍යයේ රැකියා අවස්තාවන් බහුලව ඇත.(නදී)
තානාපති කාර්යාල දැම්මේ අර කට්ටියගේ හරි මුදල් දාන්න නේද? (නදී)
එහෙම වෙලා තිබුනොත් ලංකාවත් අද පොහොසත් රටක්. සන්මරීනෝ වගේ පොහොසත්වෙලා දකුණේ අය ගිහින් තමන්ගේ හොර සල්ලි එහෙ බැංකුවල දාවි. (නදී)
තල්මසා නිතරම පොඩි සතුන් ගිලිනවා දේශපාලන විද්‍යාවේ මොකද්ද නමක් කියනවා මට මතක නැහැ ...... මත්ස්‍ය න්‍යායද මොකද්ද (දී)
අපේ ජනාධි පති තුමාට, ත්‍රිවිධ හමුදා පති වරු ඇතුළු සෙබළුන්ට පින්සිද්ද වෙන්න යාන්තම් අපි බේරුනා අපේ රටෙත් රටක් ඇතුළෙ රටක් තමයි වෙන්න ගියේ (දී)