(අංජුල මහික වීරරත්න)

රට ඉදිරියට යාමට නම් ජාති, ආගම් කුලභේද අමතක කර සියලු දෙනා එක්වී 13 වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ක්‍රියාත්මක කළ යුතු යැයි ජ්‍යෙෂ්ඨ මාධ්‍යවේදී වික්ටර් අයිවන් මහතා පැවසීය . 

“13 වන සංශෝධනය යටතේ බලය බෙදන විට  ඉන්දියාව අනුගමනය කළ  යුතු බවද  ඉන්දියාව හැම ප්‍රාන්තයකටම එකම විදියකට  බලය දී නැතැයි ද වික්ටර් අයිවන් මහතා පැවසීය. 

13 වන ව්‍යවස්ථා සංශෝධනය ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් මාධ්‍යට ප්‍රකාශයක් කරමින් වැඩිදුරටත් අදහස් දැක් වූ වික්ටර් අයිවන් මහතා:-

ඉන්දියාව සමහර ප්‍රාන්ත වලට වැඩිපුර බලය දීල තියෙනවා. සමහර ඒවට දීල තියෙන්නේ ටිකයි. ඒකෙන් තේරෙන්නෙ  බලය බෙදීම එකම විදියකට වෙන්න ඕන නැහැ කියන එක. 

ඕනනම් අපිට පුලුවන් අවුරුදු කිහිපයකට උතුරට බලය බෙදා දීල කෙහොමද පාලනය වෙන්නෙ කියල බලන්න. හොඳට වැඩ පිළිවෙල යනවනම් අපිට පුලුවන් අනිත් අවශ්‍ය අයටත් ඒ විදියට බලය බෙදල දෙන්න. සමහර දේවල් වලදී අපේ පැත්තෙනුත් ලිහිල් ප්‍රතිපත්තියක් අනුගමනය කරන්න වෙනවා. අපි මේ දිහා අලුත් විදියටකට බැලිය යුතුයි.

 දැනට තියෙන තත්වය පදනම් කරගෙන වඩා අලුත් විදියකට බලන්න ඕන. ඒ බලන අලුත් විදිය  රටට යහපත් වුනොත් සුළු ජාතීන්ටත් යහපත් වුනොත් ඉන්දියාව ඇතුළු වෙනත් රටවල් අපිට ඇඟිලි ගහන්න එන්නේ නැහැ” යැයි වික්ටර් අයිවන්  මහතා පැවසීය.