මෙරට ජනගහනයෙන් හතරෙන් එකක් මේ වනවිට බරපතළ පානීය ජල අර්බුදයකට මුහුණ දී සිටින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා අද (18) පැවැසීය.
හදිසි නියං හා වියළි කාල-ගුණ තත්ත්වය යටතේ පානීය ජල අර්බුදය විසඳීම සඳහා රාජ්‍ය නිලධාරීන්ට අමතරව ත්‍රිවිධ හමුදාව ද යොදවා ඇතැයි ද ජනාධිපතිවරයා කීවේය.
කොළඹ බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලාවේ පැවැති ‘ශ්‍රී ලංකා නෙක්ස්ට් : නීල හරිත යුගයක්‘ පාරිසරික සමුළුව සහ ප්‍රදර්ශනයට එක්වෙමින් ජනාධිපතිවරයා ඒ බව පැවැසීය.
හදිසියේ ඇති වූ මේ තත්ත්වය හේතුවෙන් ජල බවුසර් හිඟයකට මුහුණ දී සිටින බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා කීවේය.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුද්දා ලෝකේ වටේ රවුම් ගහලා ඒගොල්ලන්ට අවශ්‍ය දේ කරගත්තා. අපිට අපිට අවශ්‍ය දේ කරගන්න තවමත් බැරිවෙලා තියෙන්නේ. සංස්කෘතිය විනාශ වෙලා. පරිසරය විනාශ වෙලා. ලාංකික ජනතාවගේ අනන්‍යතාව රැකගන්න, කොන්ද කෙළින් තියාගන්න පුළුවන් ක්‍රමයක් අවශ්‍යයයි. (නි)
තව කැලේ කපන්න දීලා බලා ඉන්න. එතකොට හරි. එක ගහක් හිටවලා අක්කර ගානක් වනසන හැටි?? (නි)
වනාන්තර වැනසූවිට මෙහෙම වෙනවා තමයි (නි)
ගංගා හාර හාරා වැලි ගන්නකොට ගංගා වලට කරදිය එනවා. මහවැලියට වුණෙත් ඔය ටිකනේ. ඒ ටිකම කළු ගඟටත් වෙලා. පහුගිය අවුරුදු 15 - 20 හිටපු වාරිමාර්ග ඇමැතිලාගේ වැඩ ගැනත් හොයන්න කාලය හරි. (නි)
මේ දේට විසදුම් හොයමු.(හේ)
වන විනාශය තමයි.(හේ)
ඔබ තුමාගේ පස් අවුරුද්ද ප්‍රීතියෙන්, සතුටෙන් ගතකරන්න. අපේ සතුටද එයයි.වතුර වගේද ඔබතුමා ගතකරන මනරම්,සුඛෝපබෝගී ජීවිතය. (අ)
මේ ප්‍රශ්නයට කුමක් හෝ දෙයක් කළාද?(හේ)
ඩුබායිවලින් 'මසාෆි' බෝතල් වතුර ගෙනල්ලා දෙන්න. ඒ වතුර බීමට හරිම හොඳයි. (අ)
ඉතින් රටටම වතුර දෙන්න ක්‍රමයක් හදන්නකෝ කියව කියව ඉන් නැතුව. (අ)
එදා කතාවෙන් ජනතාව හොදටම කලකිරිලා .(අ)
ජනාධිපති වශයෙන් ඔබතුමාත්, රජයේ විෂයබාර ඇමතිවරයාත් මෙම නියගයෙන් පිඩාවට පත්ව සිටින ජනතාව වෙනුවෙන් ගත් පියවර කවරේද? අපිට දැනගන්නේ අවශ්‍ය එයයි. රටේ යම් ප්‍රදේශ වල නියගයක් පවතින බවත් ජනතාව එයින් පිඩාවට පත්ව සිටින බවත් ඔබතුමා කියන්න කලින් අපි දන්නවා.(හේ)
මොරගහකන්ද-කළුගඟ ජල ව්‍යාපෘතිය නිමවෙනතුරු තව ටිකක් ඉවසලා ඉඳිමු (නි)
ජල බවුසර් හිඟයක් තියෙනවා නම් රාජ්‍ය නිලධාරීන්ට අමතරව ත්‍රිවිධ හමුදාවද යොදවන්නේ කොහොමද? (නි)
ඔය කතා වැඩක් නැහැ. පොළොන්නරුවේම සංරක්ෂණ ඉඩම් කට්ටියක් අල්ලාගෙන. අරෙහේ විල්පත්තුව එළිකරනවා. ඒවාට මොකුත් නැහැ (නි)
මෙහෙම ගියොත් රටටම නැතිවෙයි (නි)
"රාජා භවතු ධම්මිකෝ" (නි)
ඉතින් වතුර නැති පැතිවල භවභෝගයක්වත් වවාගන්න බැරුව ඉන්නවාට වඩා හොඳ නැද්ද වතුර තියෙන පැත්තකට ගෙනවිත් පදිංචි කළා නම්. (නි)
නිදහසින් පසුව බිහිවූ අපේ රටේ පාලකයින්ගේ කෙරුවාවේ තරම තමයි මේ. අඩු තරමේ ජලයේ කිසිදු හිගකමක් නොමැති මේ ලක් භුමියේ ජීවත් වන ජනතාවට වතුර ටික දෙන්නවත් පාලකයින්ට බැරි වුනා. ඉතින් අනිත් දේවල් ගැන කවර කතාද? කයිවාරුව වගේම , වැඩටික කර ගත්තෙත් සංවර්ධනය වුනෙත් පාලක පැලැන්තිය විතරයි. කොහොමත් සුද්දෝ රට සුරගෙන කෑවත්, අපේ රටට විශේෂ යමක් කළා. (හේ)
දැනටමත් වර්ෂාව පටන්ගෙන ඇති නිසා ඔබතුමා කලබල විය යුතු නැත. මේ මොහොතේ ලක්ෂ 62 ක් ජනතාව කලබලවී ඇත්තේ මේ ජනවාරි 8 වැනිදා පත්කරගත් රජයමද කියායි. ජනතා අභිලාශය, ජනතා අපේක්ෂා වගේ ලස්සන වචන තවදුරටත් අපේ මතකයේ තබාගන්නට හැකිවේද? (නි)
විදුලිය කපලා ඉන්දියාවෙන් විදුලිය ගේන්න මිනිසුන්ගේ ඔලුව හදනවා වගේ පුළුවන්නේ මේ අස්සේ ඉන්දියාවෙන්ම බටදාලා වතුරත් ගේන ප්‍රොජෙක්ට් එකක් කරන්න. ඉන්දියාවේ අයියලට මේක ආරංචි වුණොත් ඒකත් කරන්න අණ කරනවා ෂුවර් (නි)
ඉස්සරත් මෙහෙම අමාරු කාල තිබුනානේ ඉතින් (නි)
අපිට විල්පත්තුව සිහිවෙනවා (නි)
නියඟයක් එන්නම ඕනෑ රටේ ජල අර්බුදය කතා කරන්න. කපන ගස් වලට නැවත ගස් ඉන්දනවා නම් මෙහෙම වෙන්නේ නැහැනේ (නි)
එෆ් සී අයි ඩී ගැන කිව්වා විතරයි ගොඩක් පළාත් වලට වැස්ස පටන් ගත්තා. යහපාලනේ ඉන්න සමහර ඇමතිවරු ගැනත් මොනවහරි කිව්වා නම් ඉතුරු ටිකටත් වැසි ලැබිලා ගංගා උතුරලා යාවි. (නි)
ගජරාමෙට කැලෑ එළිකරනකොට වතුර තියෙයිද? (නි)
ලක්ෂ 50 විතර ජීවිත අනතුරේ. වතුර නැතුව කෙනෙකුට ඉන්න පුළුවන් දින 5ක් විතරයි. දැන් මොකද කරන්නේ? (නි)
පෙර සිට සිංහල මිනිස්සු රට පුරා වැව් බැඳගෙන ජලය රැස්කර ගත්තා. දැන් උදවිය අහස දිසා කට ඇරගෙන පෙළපාලි යනවා. ඩුබායි මිනිස්සු සල්ලි වියදම් කරලා ලුණු දිය පානීය ජලය බවට පත්කර ගන්නවා. ඇයි තමුන්නාන්සේලාට බැරි මුහුදුකරයේ ලුණු වතුර පිරිසිදු කරන ස්ථාන ඉදිකරගන්න? (නි)