

රට සහලින් ස්වයංපෝෂ්ත වී ඇති බව ආර්ථික සංවර්ධන අමාත්‍ය බැසිල් රාජපක්ෂ මහතා කියයි.
පූජාපිටිය වෑවල නව පාලමක වැඩ ආරම්භ කිරීමෙන් අනතුරු පැවැති ජන හමුව අමතමින් අමාත්‍යවරයා මේ බව කීය.
පසුගිය වසර දෙකේදී තුල නියඟ දෙකක් සහ ගංවතුර තුනක් ආවත් එක් හාල් ඇටයක්වත් ආනයනය කළේ නැත.ගබඩා වී වලින් පිරී තිබෙනවා.
රාජපක්ෂ ජනාධිපතිතුමාගේ දුරදර්ශන ආර්ථික හා කෘෂිකාර්මික ප‍්‍රතිපත්තිය මීට හේතු වූ බවද අමාත්‍යවරයා කීය .
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දෙයියන්ගේ හාල්කැවිලා ද (අ)
රට සහලින් ස්වයන්පොශිතෛලු නමුත් මිනිස්සුන්ට කන්න නැහැ බොරු සෝබන. (ස)
වී ගොවියා රටටම කන්න සහල් නිෂ්පාදනය කරනවා, රජයේ දේශපාලකයන්ගේ ඥාති හිතවත් මුදලාලිලා පිරිස වී ගොවියාගෙන් අඩු මුදලට වී ටික අරගෙන රජයට වැඩි මුදලට විකුණනවා. පස්සේ කියනවා වී ගොවියන්ට හොදයි කියලා. අන්තිමේට මොකද වෙන්නේ? (නි)
එහෙනම් ලුනුයි බතුයි කන්න පුලුවනි (අ)
විලි ලැජ්ජාවේ සන්තෝසේ බැ අනේ. (ස)
ඔය රට තියෙන්නේ කොහෙද අනේ. අපි සබරගමුවේ. (ස)
මේක කියවද්දී මට කලන්තේ වගේ හැදුනා...? (අ)
හරි හරි ඩුබය් තිලක් මහත්තයෝ, ටිකිරි මහත්තයෝ,අපි පළමු වෙඩි මුරය වයඹින් සහ මධ්‍යමින් පත්තු කරම එතකොට දැන් අපි කාටද ඡන්දෙ දෙන්න ඕනෑ? හරියට කියන්න. මොකද මේ රටේ මිනිස්සුන්ගේ මොළ හෝදන මැෂින් එක තාම අතනනේ තියෙන්නේ.ඒ හින්දා හෝදන්න කලින් මොලේ පාදාගෙන තීරණයක් ගන්න ඉක්මනින් කියන්න. අපිත් ආසා නැද්ද කිරියෙන් පැණියෙන් ඉතිරෙන, බෝධිසත්වවරු වගේ පාලකයෝ පාලනය කරන,කිසි අපරාදයක් දුෂණයක් නැති, හැම මිනිහාගේම ප්‍රශ්නවලට ක්ෂණිකව විසදුම් දීලා ඒවා විසදන, පොලිස් උසාවි හමුදා අවශ්‍ය නැති රටක ජීවත් වෙන්න..? (නි)
ඔබතුමන්ලා නිසා තමයි අපේ රට මේ තරම් සංවර්ධනය වුනේ. (ස)
අද අපි සහලින් පොහොසත් තමයි. නමුත් සමහර වැඩ, සමහර ඇමතිවරු, සමහර නිලධාරින්ගේ හොර වැඩ, තක්කඩි වැඩ වලින් මුළු රටම වනසනවා (නි)
රට සහලින් ස්වංපෝෂිතයි කියල කියන ඇමතිවරයාය එයාලගේ පවුලේ අය නම් ස්වංපෝෂිතයි. සාමාන්‍ය ජනයා තවම විඳවනවා.(අ)
ඇත්තෙන්ම ඔය කොයි රට ගැනද කියන්නේ. ලංකාවේ නම් අනිත් පැත්ත. බඩු ගන්න මෙයාල යන්නැතිව ඇති. (ස)
හාමුදුරුවෝ පිටුපස... ගිහියෝ ඉදිරියේ... හොදට බලන්න. (නි)
රට සහලින් ස්වයං පෝෂිත තියෙන වෙලාවේ රජ රට ගොවියාට වැව් අමුණු ටික වත් ප්‍රති සංස්කරණය කර දීල පොහොර ටිකත් වෙලාවට දුන්නාම් ,මෙලහකට අතිරික්තය චීනය ටම පටවලා.. මොන තරම් විදේශ විනිමයක් ලබලද ? (ස)
ඒ කොහොමද? (නි)
ජනපති තුමා ඇතුළු ඔබ තුමාලා කවදාහරි අපේ රට සංවර්ධිත රටක් කරනවා නොඅනුමානයි ! ජය වේවා ඇමතිතුමනි.. (ස)
මම කොහෙද ඉන්නේ කියලා හිතාගන්න බැහැ මට. (නි)
මම ගොවියෙක්. එත් අපි හැමදාම ණය කාරයෝ.රට ස්වයංපෝෂිත උනාට අපි නම් හැමදාම දුකේ. (ස)
රට සහලින් ස්වයංපෝෂිත බව ඇත්තකි. දැන් හාල් කිලෝව රුපියල් 75 කි. එය නම් ආශ්චර්යක් නොවේද? මට පිස්සු වගේ දැනේ (නි)
මේකට මොකක්ද කියන්න ඕනෑ කියල තමා හිතා ගන්න බැරි ... (නි)
රට කෙසේ වෙතත් දේශපාලකයෝ නම් හොදට ස්වයංපෝෂිත වෙලා (නි)
පෙරට වඩා අපේ රට දැන් හොදයි තමයි. හැබැයි ඒ වෙනස දෙස සුභවාදී ඇසකින් බැලිය යුතුයි. හැමදේම වැරදියට පෙනෙන අයට හොදක් පෙනෙන්නෙ නැහැ (නි)
අපි දන්නවා ඔයාලගේ හැටිත්. (ස)
මොකද සදරුවන්, ඔබතුමා කතාකරන්නේ වෙන තැනකින්ද? ඔයා ඔය පුරුද්දට වෙන අයගෙන් ඕවා අහන්නේ නැතුව ඔය කතා කරන තැන පරිස්සමින් තියා ගන්න. (නි)
ඒ වගේම මැරකම්, හොරකම් , දූෂණවලිනුත් 200% ස්වයංපොෂිතයි.(ස)
ඔබතුමාගේ වත්කම් හෙළි කරන්න පුලුවන්ද ? (අ)
නමුත් අද රටේ මිනිසුන්ට කන්න අදින්න නැහැ. වේලක් හැර වේලක්වත් කන්න පුළුවන් රටේ කීයෙන් කී දෙනාටද?ඒත් කෝටි 10-15 ලැම්බෝගිනි,ෆෙරෙර්රි,පොර්චේ චාර් වලින් නම් සමහරු සුඛිත මුදිතයි (නි)
අනේ මන්දා! ඒ වුණාට හරියට වේලක් කන්න නොහැකි මිනිස්සු අද රටේ කී දාහක් ඉන්නවද? හරියට පාන් ගෙඩියක් ගන්න සල්ලි නැති මිනිස්සු කීදෙනෙක් ඉන්නවද? අනේ මන්දා. මට නම් තේරෙන්නේ නැහැ. (නි)
කුඩු වලින් සහ කුඩ්ඩංගෙන් රට ස්වයංපෝෂිත කියල දැන් දැන් මටත් දැනිල තියෙන්නේ. (අ)
නමුත් රුපියලේ වටිනාකම කොයි තරම් 'බාල්දු' කරලද? 1994 සිට 2013 දක්වා සංවර්ධනය හොදට දැක්කා අපි. 1994 ඩොලර් එකක් රුපියල් 38යි, දැන් ඩොලර් එකක් 131 යි. (නි)
ඉස්සරට වඩා අපේ රට දැන් දියුණුයි. පෙරට වඩා බයක් නැතුව ජීවත් වෙනවා.හම්බ කරන දෙයක් පරිස්සමින් වියදම් කරලා සන්තෝසෙන් ජීවත් වෙනවා.ඔය විවේචන කරන අය කිසිම විදිහකින් සන්තෝෂ කරන්න බැහැ. (නි)
ඩුබායි වල වගා කරන්න කුඹුරු නැහැ. ඒත් බාස්මති කිලෝ 10 යේ ගෝනියක් වෙන්නේ 10 ඩිරාම්. ඒ කියන්නේ කිලෝ 10 යේ හාල් ගෝනියක් රුපියල් වලින් 350යි. (නි)
වරුණ,හා හා ඕවා කියල දම්මික පෙරේරා වගේ අයව කේන්ති ගස්සන්න එපා.ලංකාව කියන්නේ ඒ වගේ අයටම වෙන් කරපු රටක්. (නි)
සහලින් ස්වයංපෝෂිත නිසා තමයි බත් බැලයෝ වැඩියෙන් බෝවෙලා ඉන්නවා ඇත්තේ (නි)
එහෙනම් ඉතින් දැන් අපේ රටේ මිනිස්සුන්ට තිබුණු ප්‍රශ්ණ ඔක්කොම අවසානයි. මෙන්න ආශ්චර්යය! (නි)
උපුල්, මේ මොනවා කියනවද ? අද බයක් නැතුව ගැහැණු දරුවෙකුට වුණත් පාරක බැහැලා යන්න පුළුවන්නේ.තරුණියකට අවුරුද්දක් ගාර්මන්ට් එකක වැඩ කරලා හම්බ කරපු සල්ලි වලින් ආශාවට කියලා රත්තරන් චේන් එකක් දාගෙන පාරේ බැහැලා යන්න පුළුවන්නේ. (නි)
රට සහලින් ස්වයංපෝෂිත වෙලා තියෙන්නේ රටේ ඉන්න පොඩි මිනිහගේ මහන්සියෙන්. දැන්වත් බඩු මිල ටිකක් අඩු කරන්න බලමුද ? (ස)
අපි දන්නේ නැහැනේ විපක්ෂෙන් අහලා බලමු.(ස)
මේ අට හැම දෙනාම කියන්නේ කටිං නොවෙයි (අ)
රට සහලින් කිව්වේ,පිටරට සහලින් වගේ.(ස)
දම්මික පෙරේරා, රටේ අයට කන්න අදින්න නැතත් රට නිදහස් කර දුන්නා මදිද? මොකද මේ මිනිස්සු ආණ්ඩු පෙරලන්නවත් හදනවද බොරු අදහස් දාලා. (නි)
ඒ වගේම මැරකම්, හොරකම් , දූෂණ වලිනුත් 200% ස්වයංපොෂිතයි. (ස)
ඇමති තුමා ඕක කිව්වේ කටෙන් නන් වෙන්ඩ බෑ (අ)
සිල්වා, චන්ද්‍රිකා මැතිනියගේ කාලේදී පවා ඩිරම් එකක් ගියේ රුපියල් 25 ටනේ. ඒත් දැන් හැම මාසෙකටම සත විසිපහ ගානේ වැඩි වෙනවා. දැන් ඩිරාම් 1ක් රුපියල් 35.80. අපේ ගෘහ සේවිකාවෝ ටික නැත්නම් බලාගන්න තිබුණා රගේ (නි)
හෙට අනිද්දා වෙනකොට එංගලන්තෙන් ගෙනාපු පලංචි පාලම් වලිනුත් රට ස්වයංපෝෂිත වෙයි. (අ)
ඒ වුනාට රට සහලින් ස්වයංපෝෂිත කරන අසරණ ගොවියාගේ දුක ගැන බලන්න කවුරුත් නැහැ.පොහොර ටික ගන්න සොරොව්වෙන් වතුර ටික ගන්න උපවාස උද්ඝෝෂණ අරගල කරන්න වෙලා. ඊට අමතරව පොලිසියෙන් කදුළු ගෑස් ජල ප්‍රහාර වෙඩි කන්න ඕනෑ, රටේ මිනිස්සුන්ට බත සපයන්න. අනේ මන්දා මේවා පාලකයන් කවදා තේරුම් ගනීද කියලා (නි)
ඉස්සර නම් මහ බැංකු වාර්තාවවත් බලලා නිවැරදි කරගන්න තිබුනා. කොහෙද අද ඒකත් පිළිගන්න අමාරුකොට. (නි)
දැන් කොහෙද සංවර්දනය වෙලාතියෙන්නේ චිනේද ?(අ)
එඅ වගේම මනුස්සයෙකුට වතුර ටිකක් ළිඳකින් බොන්න බැරි තරමටම අපි ඒ ලැත්තෙනුත් සව්‍යංපෝෂිතයිො. (ස)
නිල්මිණිට විතරම තමා මෙතුමා කියපු දේ තේරුනේ. කොමිස් ගැහිල්ලෙනුත් ස්වයංපෝෂිත වෙලා අපි ඉන්නේ.(ස)
ලාබයි. හාල් ද ? (ස)