රට සංවර්ධනය කිරීමෙන් පළක් නැති බවත්, පුංචි දරුවන්ගේ හදවත් ඇතුළු සියලු හදවත් සංවර්ධනය කළ යුතු බවත්, මහින්ද රාජපක්ෂ ජනපති මාතලේ පුරාණ බෝධි මළු විහාරයේ චෛත්‍යයේ කොත් කැරැල්ල විවෘත්ත කිරීමේ උත්සවයේ දී ප්‍රකාශ කළේය.
විහාරාධිපති කොස්සින්නේ සීලරතන හිමියන් පැවසුවේ ජනපති රාගමනය නිසා කොත් කැරැල්ල විවෘත්ත වීමට අමතරව ප්‍රදේශයේ පාරවල් ටික ද සංවර්ධන වූ බවයි.
මහලකොටුවේ විමලධර්ම හිමියන් සඳහන් කළේ ජනපති ගම්වලට ද යතොත් ගම්වල පාරවල් ද හැදෙන බවයි.
එක්සත් ජාතික පක්ෂයේ ප්‍රභල පවුලක් වන අළුවිහාරේ පවුලේ රංජිත් අළුවිහාරේ, වසන්ත අළුවිහාර්, ඩල්ජිත් අළුවිහාරේ ඇලික් අළුවිහාරේ මාතාව ද මේ උත්සවයට පැමිණ සිටියහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ජීවන්, පොඩි ලමයි සතුටුකරන්න වරායවල් හදනවද ? ඔයා වැස්සකටවත් ඉස්කෝලේ ගියාද? (නි)
ඒ කියන්නේ මෙයා කවදාවත් ගමක් පැත්ත පළාතකවත් ගිහින් නැහැ.(නදී)
ඒ කතාවත් ඇත්ත
ජනාදිපති තුමාම කියනවනම් රට සංවර්ධනය පමණක්ම මදි කියල ඒ කතාවත් විහිලුවට භාජනය වන කතාවක්. අද අපේ රට සංවර්ධනය සදහා ගත් නය ප්‍රමාණය දිහා බලපුවහම පේනවා එක පුද්ගලයෙක් ලෝකෙට කොපමණ නයද කියල. සමහර සංවර්ධන කටයුතු දිහා බලපුවහම පේනවා ඒ සංවර්ධන කටයුතු කොපමණ අසාර්ථකද කියල. ඒ අසාර්ථක ව්‍යාපෘති වලට යොදවපු මුදල් ජනතාවගේ සුබ සිද්ධිය සදහා වැය කලානම් කොතරම් අගේද! අපේ රටේ මුදල් නාස්තිය කොපමණද කියල ගණන් හදන්න බැරි තරම්. මේ නාස්තිය ගැන ජනාධිපතිතුමා නොදන්නවා නොවේ. නාස්තිය පාලනය කරන්න ගියොත් ඇමති මැතිවරු ටික ගානට කොක්ක අදියි. කොක්ක ඇද්දැයි කියන්නේ ආණ්ඩුව චක බලාස් කියන එකයි. එහෙම උනොත් කාටද පාඩු......අපිට නෙමෙයිනේ.........ඉතින් කොහොමද රට සංවර්දනය කරන ගමන් ජනතාව සංවර්ධනය කරන්නේ. (නදී)
අපේ ජනපති තුමා තැනේ හැටියට ඇනේ ගහනවා.(නදී)
මේක නම් සත්‍ය කතාවක් . රට සංවර්ධනය වෙනවා වගේම . අපේ පුරවැසියන්ගේ හදවත් සංවර්ධනයක් නැතිනම් . දෙමාපියන්ට ගරහන . පොඩි ළමයින් අපචාර කරන . මුදල් වෙනුවෙන් ඕනෙම දෙයක් කරන සමාජය සාදා ගත යුතුයි (අ)
අරුණ, රටක ආයෝජන වැඩිවෙනකොට ප්‍රතිලාභ වැඩි වෙන්නේ එම ආයෝජන සැලැස්මක් ඇතිව නිසි අයුරින් ආයෝජනය කලොත් පමණි. වසරක් පාසා රුපියල් බිලියන ගණන් පාඩු ලබන ව්‍යපෘති ඇත. එවැනි ආයෝජනයන් වල ප්‍රතිලාභ පේනතෙක් මානයක නැත. මෙවැනි, සමහර ආයෝජනයන් කර ඇත්තේ ණය මුදලිනි. එතකොට, සිදුවන්නේ කබලෙන් ලිපට වැටීමකි. (නි)
" කතාව දෝලාවෙන්... ගමන පයින් " අපට කියන්න ඇත්තේ එපමණයි ආයුබොවන්.(නදී)
අරුණගේ කතාව දැනට හොඳ වගේ පෙනේ නොපෙනේ.(නදී)
"රටක ආයෝජනය වැඩි වෙනකොට ඒවාගෙන් ලැබෙන ප්‍රතිලාබත් වැඩිවෙනවා. හැබැයි ඒවගේ ප්‍රතිලාබ ලබා ගන්න වෙන්නෙ අනගතයේදී. හැම දෙයක්ම එකපාර කරන්න අමාරුයිනේ. අනික රට දුශිත වුණෙත් අදම නෙමෙයිනේ, ඒ කාලෙ ඉදලමනෙ. ජනධිපතිතුමා ඒවටත් පියවරක් ගනියි ඉක්මනටම. පොඩක් ඉවසලා ඉන්නකො. මෙහෙම හිතන අය ඉන්නකම් රටට දෙවියන්ගෙම පිහිටයි. ආයෝජනය කරන්නත් පෙර ප්‍රතිලාබ ලබා ගන්නා හැටි දන්නා කට්ටියක් පිටු පසින් ඉන්දවා ගෙන තමයි මේ අය මල් වට්ටි උස්සගෙන බබාල වගෙ හැසිරෙන්නෙ. මුළු ලංකාවම පුද්ගලික දේපොලක් විදියටනෙ පරිහරණය කරන්නෙ. සී.අයි.ඩී එක, පොලීසිය, උත්තරීතර උසාවිය මේ සියල්ලම පුද්ගලික දේවල් විදියට පාවිච්චි කරන විට ප්‍රජාතාන්ත්‍රික බවට නව අර්ථකතනයක් දෙන්න පුංචි ළමයින්ගෙ විතරක් නොවෙයි උපදින්න ඉන්න දරුවන්ගෙත් හදවත්/මොළය වෙනස් නොකර බැහැනෙ.(නදී)
මේ කතාව ජනපති තුමාම කියපු එක හොඳා. දැන් රට සංවර්ධනය වෙලා තියෙන්නේ මිනිස් ඝාතන, හොරකම්, ලෝකේ කොහෙවත් නැති විදියේ ළමා අපචාර, වැනි දුෂිත අධර්මිෂ්ඨ දේවලින්. අනෙක රටේ ඉන්න දුප්පත් පිඩිත පන්තියේ මිනිස්සු දේශපාලකයන්ගේ, ලොකු සල්ලි කාරයන්ගේ අතකොලු බවට පත් වෙලා. මෙන්න මේවා නතර කරන්න පුලුවන්නම් තමා අතිගරු ජනාධිපති තුමනි ඔබතුමාගේ පාලන සමයේ සිදු කල ලෝකයේම ආශ්චර්ය බවට රන් අකුරෙන් ඉතිහාස ගත වෙන්නේ.(නදී)
රට සංවර්ධනය වෙලා කිවුවට තාම වර්ධනයටත් ඇවිත් නැතිකොට කොහේ සංවර්ධනයද? යටිතල පහසුකම් වල දියුණුව පමණක් රටකට අදාළ නැහැ. අනික යටිතල පහසුකම් දියුණු වෙනකොට අතුරුපලයක් වශයෙන් උද්ධමනයක් ඇතිවෙන්න බැහැනේ. ආයෝජනය වැඩිකරනෙක හොඳයි අනාගතයට නමුත් වර්තමාන ජනතාවගේ ජීවන තත්වය විවිධ පැතිවලින් ඉතා පිරිහිලා. මිනිස්සුන් මානසිකව කඩා වැටෙන්නත් මේවා හේතු නොවේද? ජනපති තුමා බොහෝදේ කළා උනත් දැන් එන්න එන්න රට දුෂිතයි හැම අතින්ම. මේවට ස්ථීර පිළියම් ආයුතු කාලයයි මේ.(නදී)
තැනට නොබිනා අවවාදය අවමගුලේ ඇති සංගීතය මෙනි.(නදී)
අළුවිහාරේලා මාතලේට කරපු අපරාද හොදටම ඇති. මාතලේ මිනීවල පරීක්ෂන වලින් බේරෙන්න වෙන්න ඇති ජනාධිපතිතුමා ලගට කිට්ටුවෙන්නේ.(නදී)
එකනම් ඇත්ත තමයි. බලන්නකෝ මෙයා පොඩි ළමයින්ගේ සිත් සතුටු කරන්න ප්‍රකෝටි ගණන් වියදම් කරලා හදලා තියෙන දේවල්. සෙල්ලන් වරායවල් , සෙල්ලන් ගුවන් තොටුපොළවල්.(නදී)
අරුණ ඔයාට මම කියපු දේ තේරිලා නැහැ නේ. ඔයා දන්නේ නැද්ද පොඩි ළමයි හම්බන්තොට ඒ වරායට එන්නේ කඩදාසි බෝට්ටු යවන්න කියලා. ඇයි මත්තල ගුවන් තොටුපොල , එතනට පොඩි බබාලා යන්නේ කඩදාසි රොකට් ගහන්න කියලා. ඒ ඇයි දන්නවද? වරායට නැව් එන්නේ නැති නිසා සහ මත්තලට ප්ලේන් එන්නේ නැති නිසා. ඔයා දන්නේ නැද්ද ලගදී එතුමා ලොකු උත්සවයක් තියල ඒ දෙකම පොඩි බබාලාගේ අයිතියට පවරපු බව. අයියෝ ඔයා ප්‍රවුර්ති බලන්නේ නැද්ද.(නදී)
ඒක ඇත්ත. ලෝකෙට ණයවෙලා කරන සංවර්ධනය බොරුවක්. හැබැයි හදවත් සංවර්ධනය කරන්න ගිහින් හාර්ට් ඇටැක් හැදෙන්න බැරි නැහැ.(නදී)
ඒක හරි. දේශසපාලකයන් කරන කියන ඕනෑම දෙයක් "යේස්" සර් කියල පිළිගන්න ජාතියක් හදන්න ඕනා.(නදී)
අවවාදයට වඩා ආදර්ශය උතුම්ය. (නදී)
ලලිත්ගෙ කතාව හරි.(නදී)
මම නම් හිතාගෙන උන්නේ පාරවල්, ගුවන් තොටුපලවල්, වරායවල් හැදුවම ඔක්කොම ප්‍රශ්න විසඳෙනවා කියල. (නදී)
හදවත් සංවර්ධනය වූ මිනිසුන් එනම් යහපත් ආකල්ප ඇති බහුතරය රටක සිටිනම් එවැනි රටක, එවැනි ගමක පාරවල්, ව්‍යාපාර, අධ්‍යාපනය, සාමකාමී බව සතුට වැඩිදියුණු කිරිම මහත් පහසු අඩු වියදම් කටයුත්තකි.(නදී)
කතාව දෝලාවෙන් ගමන පයින් කියන කියමන මතක් උනානේ. හෙටම ගිහින් දොස්තර බෙහෙතක් ගන්න ඕනේ මේවාගේ භූත කියමන් මතක් වෙනවට.(නදී)
ලුම්බිණි, ඔය එක එක ගීත එක එක වෙලාවට ගායනා කලාට ෂෝ එක දුවන්නේ ඔයා සඳහන් කරපු දේවල් කලොත් රටේම ප්‍රශ්න විසඳෙනවා කියන ආකල්පය උඩ තමයි. ජීවන් කියනවා වගේ ළමා හදවත් කුල්මත් කරලා තියන්න අනේ කොච්චර නම් වියදම් කරනවද පුද්ගලික මුදලින්ම? (නදී)
හාමුදුරුවොත් දේශපාලනීකරණය වෙලා.(නදී)
අපේ ගමටත් ලයිට් නැහැ (නි)
ආණ්ඩුවේ පාසල් පොකුරු පිටින් වහල දාලා වෙන්න ඇති පුංචි දරුවන්ගේ හදවත් සංවර්ධනය කරන්න හදන්නේ. (නදී)
මේවා සියල්ලම ක්‍රියාත්මක කළ යුතුයි (නි)
මිනිස්සුන්ගේ ආචාර්ය ධර්මත් හදන්න ඕනේ
පුංචි දරුවන්ගේ හදවත් වලට කලින් දේශපාලනඥයන්ගේ හදවත් ඉතා ශීඝ්‍ර සංවර්ධනයකට භාජනය කළ යුතු බව මගේ හැඟීමයි. (නි)
කතාව ඇත්ත
රටක ආයෝජනය වැඩි වෙනකොට ඒවාගෙන් ලැබෙන ප්‍රතිලාබත් වැඩිවෙනවා.හැබැයි ඒවගේ ප්‍රතිලාබ ලබා ගන්න වෙන්නෙ අනගතයේදී. හැම දෙයක්ම එකපාර කරන්න අමාරුයිනේ. අනික රට දුශිත වුණෙත් අදම නෙමෙයිනේ, ඒ කාලෙ ඉදලමනෙ.ජනධිපතිතුමා ඒවටත් පියවරක් ගනියි ඉක්මනටම.පොඩක් ඉවසලා ඉන්නකො (නි)
වැඩිය කතා ඕනෑ නැහැ. ලුණු ඇටේ ඉදලා පිට රටෙන් ගෙනල්ලා කන්න පුරුදු වුණ අපේ රටේ මොන කතාද? අපිට අවශ්‍ය කනබොන ටිකවත් හදාගන්න බැරිකොට මොන කතාද?මේක මෙතුමාගේ වරදක් නෙමයි, දේශපාලන ක්‍රමයේ වරදක්. (නි)
අරුණ, ඔබේ අදහසට අනුව අතීතයේ සිට මෙවැනි තත්වයන් පැවතියානම් ඇයි ජනපතිට මේ ඊයේ පෙරේදද මේවා පෙනුනේ.(නදී)
එතුමාම එම ප්‍රකාශය කරපු එක ගැන මම සතුටු වෙනවා. (නි)
රට සංවර්ධනය කරනවා සේම රටේ ජීවත්වන ජනතාවගේ සාරධර්මද දියුනු විය යුතු බව ජනපතිගේ හැගීමයි. (නි)