මාතලේ හා ග‍්‍රෑන්ඞ්පාස්හි තිදෙනකු රුපියල් දෙකෝටියක රට සල්ලි හා රන්කාසි සිංගප්පූරුවට හා චෙන්නායි නුවරට හොරෙන් රැගෙන යෑමට ගත් උත්සහායක් කටුනායක ගුවන්තොටුපොළ රේගුව අද අලූයම අසාර්ථක කෙළේය. මාතලේ පුද්ගලයා යුරෝ 83000ක් ද සෙසු දෙදෙනා ළඟ රුපියල් ලක්ෂ 46ක් ද රන් කාසි ද රුපියල් තිස් අට ලක්ෂයක යුරෝ හා යෙන් ද රැුගෙන චෙන්නායි බලා යෑමට ආ බව නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂ එල්.කේ.පී. එල්. පෙරේරා මහතා පවසයි.