මීගමුව හා  ජාඇල දී  අනවසරයෙන් රට සල්ලි  මාරු කළ රන්බඩු සාප්පු ඇතුළු ව්‍යාපාරික ආයතන කිහිපයක්  වැටලු බස්නාහිර  පළාතේ  අපරාධ කොට්ඨාසය විසින් ව්‍යාපාරිකයෝ 17 දෙනෙක්  සැකපිට  අත්අඩංගුවට  ගනු  ලැබුහ. ශ්‍රී  ලංකා  මහ බැංකුවේ  ද සහයෙන් මෙම වැටලීම සිදුවිය. යුරෝ, ඇමරිකා ඩොලර්, ඉන්දියා රුපියල් , මලයාසියා රින්ගිට් ඇතුළු රුපියල් ලක්ෂ පහක්  වටිනා  මුදල් සොයා ගෙන ඇත.