රුපියල් හතලිස් ලක්ෂ පනස් හතර දාස් පන්සිය හතලිස් හතක් වටිනා විදේශ මුදල් තොගයක් තම ගමන් බෑගයේ සගවාගෙන සිංගප්පුරුව බලා යාමට පැමිණි ශ්‍රී ලාංකිකයෙක් අද අළුයම කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී අත් අඩංගුවට ගත් බව රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේය.
සැකකරු මඩකලපුව ප්‍රදේශයේ පදිංචි 40 හැවිරිදි පුද්ගලයෙකි.
ඔහු ලග තිබී බ්‍රිතාන්‍ය පවුම් දාසය දාස් නවසිය තිහක්, කටාර් රියාල් අටදාස් පනහක් සහ යුරෝ 1350 ක් සොයා ගෙන ඇත.
ඔහු අද අළුයම 1.30 ට පමණ ශ්‍රී ලංකන් ගුවන් සේවයට අයත් යු.එල් 306 දරණ ගුවන් යානයෙන් සිංගප්පූරුවබලා යාමට කටුනායකට පැමිණ තිබේ.
මේ පිළිබඳ විමර්ශණ කටයුතු නියෝජ්‍ය රේගු අධ්‍යක්ෂක එච්.ආර්.එන්.සී හේරත් මහතාගේ මෙයෙවීමෙන් රේගු අධිකාරී උදිත ජයසිංහ, සහකාර රේගු අධිකාරීවරුන් වන එම්.ජී.සී ධම්මික, කිව්.එල්.එස්.සී.අයි මහේෂ්, කේ.පී.ඩී.එච් කෞෂල්‍යා, පී.ජී.ඩී.එස් ධර්මසේන සහ යු.ඩී.ෙජ් මොන්ටි යන නිලධාරීහු සිදු කරති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ අය මොනවා කරන්නද හදන්නේ කියල හොයන්න වෙනවා. ඉක්මණීන් බෙහෙත් දෙන්න නැත්නම් පසුවට පසුතැවෙන්න වෙන්නේ. (ම)
මුදල් ඉපයීමේ නව ක්‍රම. මෙවන් අයට මුදල් අමාත්‍යංශයේ උපදේශක තනතුරු පිරිනමන්න. (ම)