රුපියල් සිය කෝටියක් වැය කැර මීගමුව කලපුව සංවර්ධනය කිරිමේ ව්‍යාපෘතියේ පළමු අදියර යටතේ ලේල්ලම කලපු රොන් මඩ ඉවත් කිරිමේ සමාරම්භක උත්සවයකට ධීවර ඇමැති මහින්ද අමරවීර මහතා විසින් අද (12) ඇරඹිණි.
‘අපේ රටේ කලපු 116 තියනවා. ඒවායේ මත්ස්‍ය අභිජනනය වැඩි කොට ඉස්සන් බෝ කළොත් සල්ලි තමයි. යුරෝපා මත්ස්‍ය අපනයන තහනම ඉවත් කරන්න පුළුවන් වුණා. දැන් ලබන මාසේ ඉඳලා යුරෝපයට මාළු යවන්න සුදානම් කරනවා එතකොට මාළු නිෂ්පාදනය වැඩි වෙන්න ඕනෑ.’ යැයි අමරවීර මහතා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක බෞද්ධ රටක් කියල කෑ කෝ ගහන අය දැන් කියන්නේ මොකක්ද? “ඇයි බෞද්ධයෝ මුහුදු ගිහින් මාළු මරන්නේ කියලා“ ඇහුවහම, “උන් මරන්නේ නැහැ ගොඩට ගේනවා විතරයි“ කියපු අයත් ඉඳලා තියෙනවා මේ රටේ. (නි)
සිහින දැල් වලින්, සිහින කලපු වල, සිහින මාළුවෝ අල්ලනදාට අපිත් එනවා මාළු බාන්න. මොකද ඒ මාළු ඇල්ලුවට පව් නැති හින්දා. (නි)
සමහර අය අදහස් දාන්නේ එයාලා මාළු කන්නේ නැහැ වගේනේ (නි)
රට සල්ලි මෙහෙට අදින්ඩ කතා කතාව ඒ වගේ දෙගුණයක් රටවල් වලට යනවා. (ර)
වැඩේ හොඳයි යටිමඩි නොගහා වැඩේ කරනවානම්.(හේ)
ඉතා හොඳ යෝජනාවක් (නි)
මාළු මරණ කොට පවු නැද්ද ? හරක් මැරුවොත් විතරද පවු? (බ)
හොඳ වැඩක්. කලපුවට මසුන් ඇතිවෙනවට අමතරව සංචාරක කර්මාන්තයත් හොඳයි. (නි)
ඔය කියන අපනයන තහනම තියෙන කාලේත් වෙළඳපොලේ මාළු ගිනි ගණන්. ඉතින් අල්ලන මාළු ටික රට පටවන්න ගත්තාම වෙළඳපොලේ මාළු මිල තවත් ඉහල නගීවි. (ර)