‘රටේ සබෑ වෙසක් කිරීමට මේ දිනවල හැමෝම බලය ඉල්ලනවා .දේශපාලනඥයින් සොරකම් නොකිරීමට ඉගෙන ගත්තානම් අද රට සුරපුරයක්.මා දැන් දේශපාලනයෙන් ඉවත් වෙලා.එහෙත් රට ගොඩ නැගීමේ සටනට එක් වී සිටිනවා.’
චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග හිටපු ජනාධිපති හොරගොල්ලේදී ප්‍රකාශ කළාය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කියන්නා ඔලුව හොල්ල හොල්ල කීවත්, ඔලුව කස කස කීවත්, ඇග ගස්ස ගස්ස කීවත් අසන්නා දඟලන්නේ නැතිව සිහිබුද්ධියෙන් ඇසිය යුතුය. (අ)
තමන්ගේ කිල්ලෝට වල හුණු තියාගෙන අනෙක් අයගේ කිල්ලෝට වල හුණු හොයන්න එපා (දී)
හොරගොල්ලේදී හොරකම් ගැන කතාකරයි.
ඇත්ත හේතුවනම් ඒක තමයි (දී)
ලෝකේ හිනස්සන්නේ නැතුව ඉන්න (දී)
පිස්සු නේද (අ)
අනේ ඔබතුමිය ඊළඟ ජනාධිපතිවරණයට ඉදිරිපත් වෙන්නකෝ කොහොම හරි. එතකොට ඔබ තුමියට හොදින්ම අවබෝධ වේවි ඔබ තුමියව මේ රටේ ජනතාවට එපා වුනු තරමත් එපා වෙලා තියෙන තරමත්.(අ)
ඔය කතා විස්වාස කරන්න ජනතාව මැරිලා ආයේ ඉප දෙන්න ඕනේ.(අ)
ඔබ තුමිය බලයට එක්න ටික කාලයක් පාන් 3.50ට දුන්නා මතකයි (අ)
වික්ටර් අයිවන්ගේ " චෞර රැජින" පොත කියෙව්වේ නැද්ද? එකේ තියෙනවා ඔබ බොහොම හොඳ යහ පාලනයක ගෙන ගිය බව. (අ)
රටේ සබෑ වෙසක් කිරීමට මේ දිනවල හැමෝම බලය ඉල්ලනවා. වෙනසක්? (අ)
ඔබ ශ්‍රේෂ්ට දේසපාලන නායකයින් දෙදෙනෙකුගේ අසාර්ථක දියණියක්. හැබයි අප දන්නා තරමින් දේශපාලනයෙන් බඩ වඩා ගත්තේ නැහැ. අනුර මල්ලි මියයන විට දෙමව්පියන්ගෙන් උරුම වූ රොස්මීඩ් වල ගේ පමණයි අයිතිව තිබුනේ. ඒ කට දැන් ඉන්න මල්ලිලා. ඔබට ජනතාව මහා ඉහළින් බලය දුන්නේ යහ පාලනයකට හා සංවර්ධනයකට. ඔබ අතින් මානව අයිතිවාසිකම් කඩවීම අල්ප වශයෙන් උනේ. ඔබ නැවත ඇවිත් මේවා නොකරනවා කියල විශ්වාසයක් ජනතාවට නැහැ.(අ)
මෙය කරපු හරිය මුළු රටම දන්නවා රට ගැන දැන් හොයන්න එන්නේ නැතිව මුණුබුරෝ ටික බලාගෙන ගෙදරට වෙලා ඉන්න (අ)
ලාංකිකයා පුරුදු කර තිබෙන්නේ දනයට,බලයට ශරීරය දෙකට තුනට නෙවිලා නමස්කාර කිරීමටය. බටහිරයන් පුරුදු වී සිටින්නේ වැඩය හරියට කර දනයට බලයට දෙකට නොනැමී කොන්ද කෙලින් තබා ජීවත් වීමටය. (අ)
අනේ මගේ කට ...........මේවා අහනකොට වතුර ටිකත් ඉස්පොල්ලේ ගියා . කාලයක් ඉඳගන ගොඩගහ ගත්ත මට මතක නැහැ අනේ ....(අ)
හොරගොල්ලේ තමයි ඕව කියන්න තියෙන්නේ . අනික් පැතිවල ඕව කිව්වාට මිනිස්සු අහන්නේ නැහැ දැන් (අ)
වික්ටර් අයිවන්ගේ "අර" පොත මට මතක් උනා.(අ)
අනේ දුකයි
මෙතුමිය රට හරියට කලානම් අද මිනිස්සු මල් තියල වඳියි. (අ)
එක පාරක් 1997 ජුලි 14 ට පෙර විධායක ජනාධිපති ඩුරය අහෝසි කරනවා කිව්වේ [ලිඛිත පොරොන්දුවක්] කව්ද ඈ.(අ)
13 වෙනි විවස්ථාවට කරපු දේ අමතක උනාද ? (අ)
මට මතක් වෙන්නේ 2003 හෝ 2004 වර්ෂයේ එක් මසකදී ලංකාවේ සිටින මහා කොමසාරිස් වරුන්ට සහ තානාපතිවරුන්ට උදේ 9.00 කණිසමට කැදවපු රැස්වීම ඇමතීමට මෙතුමිය පැමිණියේ පස්වරු 3.30 පහු වෙලා. අපහසුතා මද්‍යයේ එම නිලධාරීන්ට දිවා ආහාරය සහ අනෙකුත් පහසුකම් සැපයීම පිලිබදව පසු දින මාධ්‍යවල පලවෙලා තිබුන මතකයි. හැබැයි මෙතුමියගේ පියාවන බණ්ඩාරනායක ශ්‍රීමතාණන් හරියට වෙලාවට අකුරට තිතට වැඩ කරපු රාජ්‍ය නායකයෙක් කියල තමයි මම අහල තියෙන්නේ. සමහරුන්ට නම් විදෙස්වල පවා සුරපුර කෙසේ වෙතත් සුර විමන් නම් පහල වුනාලු.(නදී)
ඇන්ඩ්‍රෘ කුමාරයාගේ මාලිගාව ගත්තේ කවුද. දැනගන්ට අහන්නේ අයිබෝවන්ඩ.(නදී)
විධායක ජනාධිපති ධුරය අහෝසි කරනවා කියලා බොරු කීවේ ඇයි? (නදී)
මට නිකන් පිස්සු වගේ අනේ.(නදී)
එක හේතුවක් තමා, ඔබතුමී අවුරුදු 11 කිසිම දියුණුවක් නොකර හැමකෙනාටම බැන බැන සිටීම. මොන වැඩේට ආවත් පැය ගානක් පරක්කුයි. රට හදන්න කලින් එම වරද හදාගත්තනම් වටිනවා. ඔබතුමී නිසා ප්ලේන් කීයක් පරක්කු වෙලා තියනවද? උත්සව කීයක් පරක්කු වෙලා පටන්ගත්තද? රටම පරක්කු වුනා නෝනා. සොරි තමා. (නදී)
විජය හිටියා නම් මේ ඉරණම ඔබ ට කවදා වත් අයිති වෙන්නේ නැහැ. ඔහු ගේ අවංක භාවය ගැන හිතා හෝ ඔබට තිබුනා ඔබ බලයේ හිටිය වසර 11 තුළ රට සුර පුරක් කිරීම කෙසේවෙතත් රට අපායෙන් ගොඩ ගන්න. (අ)
චන්ද්‍රිකා මැඩම් මට අඩනෙව කියන දේවල්වලට ,(අ).
අවුරුදු 12 ක් රට පාලනය කලත් රට වෙනුවෙන් ඔබතුමිය කල යමක් ඇත්නම් ඒ ගැන විස්තර කරා නම් හොඳයි. ඒ වගේම ඔබ තුමියට බලය තිබුන කාලේ කරන්න බැරිවුණු දේ. දේශපාලනයෙන් විශ්‍රාම ගිය විට රට ගොඩ ගැනීමට සටනට එකතුවෙනවා කියන්නේ රටේ ජනතාවට කරන විහිළුවක්.(නදී)
කවුරුත් ඔය කතාව කියනවා . බලය ලැබෙන තුරු.(නදී)
ඔබ තුමිය බලයේ හිටපු කාලේ හොරු ටික මේ අතරේ ඉන්නවා බලයේ ඉන්නකොට දැක්කේ නැද්ද (අ)
වැලිකිලියක් ගිලපු එකා ආචිචිට වාතයක් පිට උනාම කියනවාලු ගදයි ගදයි කියලා (අ)
අම්ම, තාත්ත, මල්ලි හොරු නොවනබව ලොවම දන්නවා. රටම ආදරය කල ස්වාමි පුරුසය ජනතා වාදී දෙසපාලනයක් කලවගත් රටම දන්නවා. නමුත් මේ කතා කරන්නේ ඒ සැමට නින්ද කරමින් රටේ දේපල කොමිස් වලට විකුනපු මාම සමග එක්ව යුද්දය වවන්කාපු වලවුවේ හමු බව අප නොදන්නවය ? (අ)
අවුරුදු 12ක් රටේ රැජිනක් වෙලා හිටපු මෙතුමියගේ කතා අහල පිස්සු හැදෙනවා . ඒ කාලේ රටට කරන්න බැරිවුනා කියලනේ ඔය කියන්නේ. අවුරුදු 12ක් ම නාස්ති කරලා රටේ ප්‍රශ්න කිසිවක් විසදන්න උත්සහ නොර නිකම්ම ඉඳල,දැන් රට බේරගන්න කියල තවත් පාරක් බලය ඉන්නන්න නේද ඔය එන්නේ. මෙන් කියල දෙයි (අ)
මෙයාට අමතක වෙලාද අර මොකද්දෝ අරමුදලකින් ඉඩම් එහෙම ගත්තේ දියවන්නාව පැත්තෙන්.(නදී)
මම ජනී සහ සත්‍යයා ගේ කීම් වලට එකඟ වෙමි. ඇය හොරකම් කර නැතිව ඇති. නමුත් ඇයට දැන් කතා කරන්න සදාචාරාත්මක අයිතියක් නැහැ. (නදී)
ඇත්තටම මැඩම්, හොරකම් නොකිරීමට ඉගෙන ගන්න ඕනද? මා නම් හිතාගෙන හිටියේ හොරකම් කරන්නයි ඉගෙන ගන්න ඕනේ කියලා.(නදී)
මෙයා වසර 12 ඉඳලා රටට මොනවද කරේ. (නදී)
.ඔබ තුමිය දේශ පාලනයට එනකොට කවුරුත් හිතුවේ නුතන විහාරමහා දේවිය කියල?.තවලම්, පැකේජ් ,සුදුනේලුම්,බටහිරට ඕන විදියට නටනට හිටිය මිසක් මොනවද රටට කලේ.?ඒ අතින් මහින්ද මහත්තය නියම කොන්දක් ඇති නායකයෙක් . (අ)
මොනවා උනත් මහින්ද මහත්තය වගේ එඩිතර රටට ආදරේ ජාත්‍යාන්තර බය නැති නායකයෙක් කවදාවත් බිහි වෙන්නෙත් නැහැ ගොඨාභය මහත්තය වගේ රටට ආදරේ ආරක්ෂක ලේකම්කෙනෙක් අයෙත් බිහි වෙන්නෙත් නැහැ මේ අය රටට විරුද්ද මොන යෝජනාව ආවත් කෙලිම්මා අකමැති වෙනවා (අ)
බලයේ ඉන්න කාලෙ තිබුනනෙ රට ගොඩ නගන්න ,ඒ කාලෙ කරන්න බැරි උන කෙනාව ආයිත් විශ්වාස කරන්නේ කොහොමද ?(නදී)
බලයේ ඉන්න කාලෙ එක පාරක් කාපර්ට් කලාද ?එක පාලමක් ,ඉස්කෝලයක් අඩුම ගානෙ පන්සලක් රෝහලක තීන්ත ටිකක් ගෑවද ?(නදී) .
දේශපාලනේ කරලා හම්බ කලේ නැති එකම පවුල ඔබ තුමියගෙ පවුල.(නදී)
දැන් ඉතින් "රැවටුන තරම් ඔබ හින්ද මන් "කියල රිගින් ටොන් එක පොන් එකට දාගෙන පැත්තකට වෙලා ඉන්න (අ)
අනේ මෙතුමියට පහල වෙච්ච සත්ත කරුණාව අපි නොදන්නවි මේයා කරපු දේවල්, මේයා මොනවද කලේ බලයේ ඉන්න කලේ? ඒවාට උත්තර්ට දීල එන්න කියන්න මෙතුමියගේ මොලේ හොඳ නැතිවෙලා (අ)
ඔබතුමියගේ කලේ යුද්දය තිබිලත් මෙචර බඩුමිල නෑ......... සත්‍ය කතාව (දී)
මම දන්නේ නැහැ මගේ අදහස දායි ද කියලා. අපි ඉන්නේ බංගලිදේසයේ. මෙහෙත් බඩු මිල ලංකාවේ වගේම තමයි, පිටි , පොල් , ලංකාවට වඩා රු. 40 විතර වැඩියි. අල, ළූණු රු. 50 විතර අඩුයි, පෙට්රෝල් , ඩීසල් එකම ගණන්. පාන් ගෙඩියක් රු. 104ක් වෙනවා, ටීවී වගේ ඉලෙක්ට්‍රොනික් දේවල් ලංකාවට වඩා ගොඩක් ගණන්. කාර්, වැන් වගේ දේවල් ලක්ෂ 4-5 අඩුයි. ඕකයි තත්වේ. කව්රු ආවත් ලෝකේ යන විදියට යන්න වෙනවා. (නදී)
ඔබතුමිය දේශපාලනයෙන් ඉවත්වුනාට ඔය කියනදේට වග කියන්න ඕනේ මබතුමියත්.එහෙම නැතුව කියන්න හදන්න එපා ඔබෙන් පස්සේ හොරකම් වැඩි උනා කියල.වපුරපු දෙයින් තම අස්වැන්න ලැබෙන්නේ. (දී)
පුටීන් ආව වගේ ඔබ තුමිය නැවත දේශ පාලනයට එන්න. (දී)
ජේ ආර් මහවැලිය කලා. ප්‍රේමදාස ගෙවල් හැදුවා. , මහින්ද යුද්දය ඉවරකලා. මෙයා මොනවද කලේ? (නදී)
ඔබ හරි. වැරැද්ද පේන්නේ එතනින් ඉවත් උනාමලු. ආයෙත් එන්න.(නදී)
කට බොරු කිව්වත් දිව බොරු කියන්නේ නැහැ කියල කතාවක් තියෙනවා. දැන් ද රට ගොඩ නැගීමේ සටනට එක්වෙන්න හිතුනේ. බලාගෙන ඉන්න ජනාධිපතිතුමා රට ගොඩ නගන හැටි. (දී)
මාව පුපුරනවා මම දන්නවා මේ තියෙන කේන්තියට අම්මපා .... (දී)
ඔබ තුමිය නැවත දේශපාලනයට එනවද (දී)
මටනම් හිනාව නවත්තා ගන්න බැහැ අයියෝ මට හිනා යන එක නවත්තන්න කවුරුත් නැද්ද (දී)
ඇඩෙනවා තනි ඇහැට. (දී)
මේ මොනවා කියවනවාද මන්දා (දී)
රට සුර පුරයක් නොවූ හේතුව මමත් කෙටියෙන්ම කියන්නද දේශපාලනයට ආපු අය මාරුවෙන් මාරුවට .....රටේ දේපල හොරා කාපු එක මිසක් වෙන මොකක්ද.... (දී)
කවුරුත් ඔය කතාව කියනවා . බලය ලැබෙන තුරු . නමුත් බලයේ සිටින විට කියපු කතා අමතක වනවා . (දී)
රටක අවංක සේවකයින් නැති එක තමයි හේතුව (දී)
මට නිකන් පිස්සු වගේ (දී)
මෙයා කටින්ද දන්නෙ නෑ දේශපාලකයො හොරකම් කරන එක ගැන කියන්නෙ? එයාර් ලංකා, ගෑස් කොම්පැණිය විකුණලා දැන ගන්න වික්ටර් අයිවන් මහත්තයා මෙයා ගැන ලියල තියෙන "චෞර රැජින" පොත කියවන්න.. (අ)
දේශපාලනය ගැන අපි කතා නොකර ඉම්මු (දී)
එතකොට ඔබතුමිය අවුරුදු 12ක් මොකද කෙළේ? ඔය කතාවලට ආයේ මිනිස්සු රවට්ටන්න බැරිවෙයි (අ)
ඔබ තුමිය ඉන්න කලේ කියපු කරපු දේවල් අපට අමතක නෑ. ඔය කියන දේවල් එදා කරලා තිබුනානම් යුද්ධය ඉවර උනහම මේක සුර පුරයක් තමා. එහෙනම් අතිගරු ජනාධිපති තුමාට මෙච්චර දගලන්න වෙන් නෑ. (දී)
මම නම් මේ කතාව ඇහෙද්දී කනේ ඇගිල්ල ගහ ගන්නවා (දී)
මෙයා පාලනය කරද්දී තාම 2001 දී 1963 ට පසු පළමු වරට ආර්ථික වර්ධන වේගය රින අගයක් ගත්තේ. අමතක නැහැ අපට.(නදී)
මෙතුමිය අවුරුදු දොළහක් මේ රට පාලනය කළා. ඒ කාලෙත් දේශපාලනඥයින්ගේ සොරකම්වල අඩුවක් අප දැක්කේ නැහැ. (දී)
බලයට ආවහම ඔක්කොම අමතක වෙනවානේ (දී)
දැන් ඕවා කතා කරලා වැඩක් නැහැ, රට නහස්ති වෙලා ඉවරයි (දී)
ඔව් ජගත් මටත් පිස්සු හැදෙන්න වගේ .(දී)
මගේ ඔලුවට පොලු පාරක් වැදුනා වගේ මේ කතාව අහුනහම (දී)
ඒ දවස්වල රාජකියන්ගේ ගෙයක් මිලට ගත්තා කියලා කවුද මන් දන්නේ නැහැ එංගලන්තේ පත්තරයකට ලියලා තිබුනා. පස්සේ පත්තරය යම් කිසි රාජකීය බලපෑමක් නිසා ඒ කතාව බොරුවක් කියලා තිබුනා. සමහරුන්ට මතක ඇති මේ කතාව.(නදී)
අයියෝ කොහෙන් හිනා වෙන්නද? (නදී)
තමන් බලයේ හිටපු කාලෙ ලංකාව සුර පුරයක් කරන්න තිබුනනේ දැන් මොකද කලබල වෙලා (දී)
ඔබ තුම්යත් දේශපාලනය කල කෙනෙක් ඒ නිසා මේ ප්‍රකාශය උඩබලාගෙන කෙල ගහගත්තු වැඩක් (දී)
චන්ද්‍රිකා හොරකම් නොකරපු එක ගැන අපි සන්තෝෂ වෙනවා නමුත් තමන්ගේ පාලන කාලේදී රටට කරපු කිසිම දැනෙන දෙයක් නෑ. නිකම්ම පතෝල ආණ්ඩුවක් තිබුනේ. දැන් අඩු ගානේ රු. 100 ක සංවර්ධනයක් කරලා තව රු. 200 ක් හොර කනවා. එතකොට සන්ධාන පාක්ෂිකයෝ කියනවා අපේ ආණ්ඩුව රු. 300 ක යෝධ සංවර්ධනයක් කලා කියල. කට්ටියම එකතුවෙලා රු. 300 ණය ගෙවනවා. (අ)
ඒ දවස්වල සුරපුරේ ආර්ථික වර්ධනය (-) !!! (අ)
දේශපාලනය කියන්නේ බලයයි (දී)
සුනීල් පෙරේරා මහත්තයා දේශපාලනය හදුන්වා දුන්නු විදිහට තමයි මමත් දේශපාලනය හදුන්වන්නේ (දී)
මොනවා වුනත් ඔබ තුමිය දෙවරක් ජනාදිපති වෙලා වැදගත් විදිහට ගෙදර ගියා (දී)
අපිට කෙසේ වෙතත් ඔබ තුමියටනම් සුරපුරයක් වෙලා තිබුණා ඔබේ කාලේ,අහිංසක මහජනයා එදා සිට අද දක්වා කලේ ඔබලා ට සුරපුර හදල දීපු එක තමා.මහජනයා හැමදාම අතර මග . (දී)
කතාව නම් ඇත්තයි (දී)
මේ මැතිනියනි, ඔබ මොනවාද කියවන්නෙ හැන්ද අතේ තිබුන කලෙ මොනවද කලේ. කවුරුවත් ඔහොම ආවාට ගියාට කතා නොකියන බව මගේ අදහසයි. (දී)
දැන් රටේ කෙරෙන සංවර්ධනය ගැන,විවේචන තිබුනත් බොහෝ අය ලාංකිකයින් විදියට එකඟ බවයි මට හැඟෙන්නේ.අපරට සංවර්ධනය වෙමින් පවතිනවා.ඇත්ත ඒකයි. තවද,අප මව්බිමට ආදරය කරන කිසිවෙකු මේ රටේ සිංහළ ජාතිකයෙකුව ඉපදීමට සිදුවීම ගැන ලජ්ජාවට පත්වෙනවා යයි, ලොවට නොකියනු ඇත. (දී)
දේශපාලනය වේදිකාවේ විහිලු (දී)
මොකද පරක්කු (දී)
හොරාගේ අම්මගෙන් පේන අහනවා වගේ වැඩක්. (දී)
කලන, දැන් ඉන්න මනුස්සයානම් රට හොඳට කරගෙන යනවා. ඔබතුමා දැන් ලංකාවේ ඉන්නවනම් පොඩ්ඩක් ඇවිදලා බලන්න. (දී)
මට හැමතැනින්ම හිනහ යනවා (දී)
මම මගේ වචන නහස්ති කර ගන්න කැමති නැහැ (දී)
හිනා තමයි , අර කවුද මාධ්‍යවේදියෙක් පොතක් ලියුවේ කවුරු ගැනද එතකොට?(අ)
මේ අය හිටිය කාලෙත් දැන් කරන්නෙත් එකම දේවල් නේද (අ)
ඒ කාලේ... ලංකාව පුරාම බාර් ඇරියා. දැන් බේබද්දෝ වැහි වැහැල ලංකාව පුරාම....(අ)
දුෂණය වංචාව හමුවේ රට සුරපුරයක් කරන එක නම් හීනයක් විතරයි (දී)
බලේ තියෙනකොට මොලේ ණෑ, මොලේ පෑදෙනකොට බලේ ණෑ , දත් නැති දා උක් දඩු ගිනි තපින්නද ? (අ)
රට වැඩි යෙන්ම අගාදයට ගියේ කොයි කාලේ ද කියල කාටත් මතක තියෙනවා. මේ වගේ දේවල් කියා තවත් පිරිහෙන්න එපා. (අ)