
(යොහාන් භාසුර)
විදේශ රැකියාවල නියුතු ශ්‍රී ලාංකිකයන්ගේ දරුවන්ට අධ්‍යාපන ශිෂ්‍යත්ව ප්‍රදානය කිරීමේ වැඩසටහන යටතේ මාතලේ සහ කෑගල්ල දිස්ත්‍රික්කවල දරුවන් 358 කට රුපියල් ලක්‍ෂ 93 කට ආසන්න ශිෂ්‍යත්ව පිරිනැමූ බව එම කාර්යංශය පැවසීය.
විදේශ රැකියා නියුක්තිකයන්ගේ දරුවන් 2021 වසරේ දැක්වූ අධ්‍යාපන කුසලතා අනුව එම ශිෂ්‍යත්ව පිරිනැමූ බවත් එම ශිෂ්‍යත්වය මහපොල ශිෂ්‍යත්වය පමණක් දෙවැනි වන බවත් විදේශ රැකියාවල නියුක්ති කාර්යංශය පවසයි.
මහනුවර දිස්ත්‍රික් ලේකම් කාර්යාලයීය ශ්‍රවණාගාරයේදී එම ශිෂ්‍යත්ව ප්‍රධාන පැවැත්විණි.
ශ්‍රී ලංකා විදේශ සේවා නියුත්ති කාර්යංශයේ මධ්‍යම පළාත් ජ්‍යෙෂ්ඨ කළමණාකාර සජිත් චාමින්ද මහතා එහිදී පැවසුවේ උසස් පෙළ, සාමාන්‍ය පෙළ සහ පහ වසර ශිෂ්‍යත්ව විභාගයෙන් විශිෂ්ට කුසලතා දැක්වූ දරු දැරියන් වෙනුවෙන් මෙම ශිෂ්‍යත්ව ප්‍රදානය කරන බවත් විදෙස්ගත ශ්‍රී ලාංකිකයන් සිය පවුල් සබඳතා තාවකාලික අතහැර රටින් බැහැරව ගියත් ඔවුන්ගේ පවුල රැක ගැනීම වෙනුවෙන් විදේශ සේවා නියුක්ති කාර්යංශය මැදිහත් වන බවත්ය.
එම ශිෂ්‍යත්ව ලැබීමට විදේශ සේවා නියුක්ති කාර්යංශයෙන් නිවරැදි පුහුණුව ලබා නීතියානුකූල අයුරින් විදේසගත වීමත්, කාර්යංශයේ ලියපදිංචි වීමත් අනිවාර්ය බව ඒ මහතා සඳහන් කළේය.
මධ්‍යම පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂ අමරසිරි පියදාස, රජරට විශ්ව විද්‍යාලයේ ඉතිහාස අධ්‍යයන අංශයේ මහාචාර්ය අජිත් තල්වත්ත, මහනුවර සහකාර දිස්ත්‍රික් ලේකම් එල්.එම්.එම්.සඳමාලී යන මහත්ම මහත්මීහූ ඇතුලු පිරිසක් මේ අවස්ථාවට සහභාගි වූහ.
2025 දෙසැම්බර් මස 18
312
1
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
202
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1000
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රට විරුවන්ගේ දරුවන්ට ලක්‍ෂ 93 ක ශිෂ්‍යත්ව
Suneth indika Friday, 08 September 2023 10:58 AM
මගේ දුව සාමාන්‍යෙපළ විභාගය පාස්... ඒත් අපි කිසිම දෙයක් ගත්තේ නැහැ...