පටු දේශපාලන වාසියට අරක්ගත්තවුන් නිසා රටේ ගමන් මඟ අඩාල වී ඇතැයි හිටපු ජනපතිනි චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග මහත්මිය පැවසුවාය.
පෞද්ගලික අවශ්‍යතා පසෙක තබා රට වෙනුවෙන් එක් වී කටයුතු කරන්නැයි ද විජය කුමාරතුංග 28 වැනි ගුණසැමරුමේ දී හිටපු ජනපතිනිය කීවාය.
වංචාවෙන් දූෂණයෙන් තොර තම තමන්ගේ මල්ල පුරවා නොගන්නා රජයක් තමා වර්ථමානයේ දී අපේක්ෂා කරන බව ද හිටපු ජනපතිනිය සඳහන් කළාය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ධම්මි ඔය කතාව මහින්දටත් කියන්න (බ)
මේගොල්ල හිතාගෙන ඉන්නේ ලංකාවේ ඉන්නේ තවමත් පොල්බුරුවෝ කියල ....(බ)
මෙතුමියගේ පරම්පරාව හොරකම් කරලා නැහැ. (ර)
මහනාම - කඳාන, එතුමියගේ වැරදි ඇති. නමුත් එතුමිය රාජපක්ෂ රෙජීමය පරාජය කරන්න පුරෝගාමී වුන කෙනෙක්. රට වෙනුවෙන් කළ ඒ උදාර මෙහෙවර අනිත් හැම දේටම වඩා බර වැඩි නේද? (බ)
ජනතාව රැවටෙන්නේ නැත (නි)
කවුරු මොනවා කිවුවත් මම චන්ද්‍රිකා මැතිනියට ගරුකරනවා. මෙතුමියට එයාගේ පාඩුවේ ඉන්න දෙන්නේ නැතුව සමහරු මෙයාව බලයට ගෙනාවා, ඔවුන්ගේ පැවැත්මට. අන්තිමට මෙතුමියට සදාකාලිකව ඇසක් නැතුව ජීවිතේ ගෙනියන්න වුණා. කිසිම කෙනෙක් ඒ ගැන කතා කරන්නේ නැහැ. මම මෙතුමියට ගරු කරනවා. (නි)
අවුරුදු 12 කට ආසන්න කාලයක් මෙතුමිය ජනාධිපතිකම කළා. කරපු එක විශේෂ දෙයක් කියන්න බලන්න. යුද්ධය නැවැත්තුවද, පාරක් හැදුවද, කරපු එක විශේෂ ව්‍යාපෘතියක්වත් තියනවද? මෙතුමියට තවමත් කැමති කට්ටියක් ඉන්නවනේ අම්මපා....! (නි)
ඒවාගේම මෙහෙම දෙයක් තියෙනවා බලය තියෙනකොට මොලේ නැහැ, මොලේ තියනකොට බලේ නැහැ. (බ)
දැන් එනවා මේවා කියන්න. බොරුද බලන්නකෝ, ඊළඟ මැතිවරණය තියන්න ඔන්න මෙන්න කියලා රට යනවා (නි)
මෙතුමියට මම කැමති වුණත් නැතත් මෙතුමිය මේ කියන දේ අගය කරනවා (නි)
නිම්මි කියන විදිහට අපිට දැන් රාජපක්ෂ පරාද කරලා පුදුම දේවල් ටිකක්නේ ලැබිලා තියෙන්නේ. අනේ මොකටද මගේ කට! (නි)
ජයවේවා! (නි)
වැදි බණ නම් නොවේවා! (නි)
මෙයා ගැන අපිට නම් තේරුනේ ගොඩක් කලින්. (නි)
හෂාන්, එහෙම කියන්න එපා. (නි)
නිම්මි, ඔයාලා හඳේද හිටියේ අර කොටි ගහනකොට? රට බේරාදුන් එක හැමදේටම වඩා බර නැද්ද එතකොට? ඔයාගේ තරාදිය සමබර නැහැ. ඒක හොඳට පරික්ෂා කරගන්න. (නි)
අපි ඔබතුමිය සමඟ එකඟයි (නි)
අනේ ඔව්, සහතික ඇත්ත. බලය තිබුන කාලේ වැඩ කළේ එහෙමනේ. කාටත් ඇත්ත වැටහෙන්න බලයෙන් විසිවෙන්නම ඕනෑ (නි)
බොහොම හරි (නි)
පද්මිණි, එතකොට අර රැජිණගේ පොත මොකක්ද? කතෘගේ නමත් දන්නවා පොතත් තියෙන එකේ නඩු දාන්න පුළුවන්නේ. (නි)
අපිට අතීතය හොඳට මතකයි නෝනා (නි)
දැනුත් ඔය ඔක්කොම එකතුවෙලා ඉන්නේ හරිම හොඳ කට්ටියක් නිසා නොව, තනිවම මහින්ද එක්ක හැපෙන්න බැරි නිසා කියලා අපි දන්නවා. මෙයාලට අවශ්‍ය මහින්ද එක්ක තිබෙන පුද්ගලික වෛරය නිසා කොහොමහරි මහින්දට වැටෙන්න දෙනවා කියන කරුණ මිස රට හැදීම නොවේ. එහෙත් එයම ඔවුන්ට පාරා වළල්ලක්ව දැන් මහින්ද වඩා ශක්තිමත්ව ඇත. එයයි සත්‍යය. (නි)
යහපත් අරමුණක් (නි)
පද්මිණි, එයා හොරකම් කළේ නැතුව ඇති. ඒත් රටට කළ දෙයක් නැහැ. දැන් කරන්නෙත් නැහැ. ඉස්සරහට කරයි කියලා හිතන්නත් බැහැ (නි)
කව්රු නිසාද මෙහෙම උනේ.කව්ද මේවට වග කියන්න ඕන.(අ)
සිංහ ධජය ලොව සැම තැන වීරව බැබලුවනේ සිංහ කඩුව දැන් ධජයෙහි දෙකට නැමිලානේ සිංහය නෙරපලා අද කඩුව කොස් කොටලානේ සිංහ කොඩිය හෙලුව සිංහලය හැමට පේන්නුවනේ (බ)
මෙයා තමයි සිංහල ජාතියේ සාපය (බ)
රට වෙනුවෙන් විතරද ?ජාතිය ආගම ගැන හැගීමක් නැත්ද ....(බ)
එකට වැඩ කරන්න දැන්ද හිතිලා තියෙන්නේ .දත් දොස්ත්රත් දැන් ළගින්මයි (බ)
රට වෙනුවෙන් කිසිම දෙයක් නොකළ මෙතුමිය රට දෙකඩ කිරීමට තවලම් ගිය අය සමග අදත් ඒ සඳහා කටයුතු කරනවා. (කෞ)
ඒ කියන කතාවෙත් ඇත්තක් තියෙනවා.(හේ)
මෙයාගේ හැටහතර මායම ගැන අපි හොඳට දන්නවා අපේ ජාතිය විනාශ කරන්න ආපු ,සිංහල ජනතාව තව දුරටත් රවටන්න මෙයාට බැහැ, (කෞ)
විශ්‍රාම ගියාම කටවහගෙන ඉන්න තවත් රටකන්නෙ නැතුව (කෞ)
මහානාම ඔබ හරියට හරි. (ර)
වංචාව දුෂණය ගැන කොහොමද කතා කරන්නේ, අර දියවන්නාවේ අක්කරයකට අඩු වැඩි තරමින් තිබුණු ඉඩම කුණු කොල්ලයට ලියා ගෙන බලහත්කාර කමින් වගේ තියාගෙන හිටියේ අපිද. ලජ්ජා නැතිකම මහා මුදලි කමටත් වැඩිය ලොකුයි කීවලු. දැන් එනවා බණ කියන්න. මෙවැනි අයට පක්ෂපාත අයත් මේ රටේ ඉන්නවා නේ. (බ)
මේ රටේ මේ ආගමික සන්හිදිආවක් නැහැ කියලා මෙතුමිය ලෝකෙට කියා කියා ගියා 2014 දී . ඒ වට වන්දි තමා අද අපි මේ ගෙවන්නේ . මෙතුමිය හොරු ගැන කතා කරනවා . එතකොට අර රැජින ගේ පොතේ මොනවද ලියලා තියෙන්නේ ? නඩු දාලා රුපියල් කෝටි 1000 ක් විතර නිකන්ම ගන්න පුළුවන් නේ කතෘ ට විරුද්දව . කතෘ ත් ඉන්නවා , ලියපු පොතත් තියෙනවා . මේ රට විනාශය කරා යන මේ මොහොතේ , මෙතුමිය නම් මුලින්ම ඉතිහාස ගතවෙනවා (බ)
අපි ඔබතුමියට මෙන්ම විජය මෙතිතුමාටද හදවතින්ම ආදරය කරන්නෙමු. ඔබතුමිය රට වෙනුවෙන් දක්වන උනන්දුව ඔබගේම දරුවන්ටත් කියලා දෙන්න. ඔවුන් දොස්තරවරුන් නිසා ලංකාවට පැමිණ අපේම දුප්පත් සහෝදර ජනයට සායන පවත්වා මහජන සේවය කරන්න.විජය ප්‍රාර්ථනා කල සේවය රටට (කෞ) ලබා දෙන්න.විමුක්ති වෙත තිබු විජය පැතුම් ඉටුකරන්න යොමුකරන්න.ස්ථුතියි!
බලය තිබුණ කාලේ කරපුවා අපිට මතකයි (ම)
නිම්මි, ඔබතුමිය හරි. එතුමිය රාජපක්ෂ පරාජය කරන්න තම පියා හැදු පක්ෂය, තම මව රැකගත් පක්ෂය, තමා නායකත්වය දුන් පක්ෂය පාවා දුන්නා. ඉතින් මොනවද ලැබුනේ ජනතාවට? මහින්ද මහතා නැත්නම් අදත් ජයටම යුද්ධය කරගෙන යනවා. උතුරට යන්න වෙන්නේ වෙනම පාස්පෝර්ට් එකකින්. ඔබතුමිය 2002දි උතුරු නැගෙනහිරට ගියාද? ගියේ නැහැනේ? ගිය කෙනෙක්ගෙන් අහන්න. අද ජිනීවා හරහා මුළු ශ්‍රී ලංකාවම පාවා දුන්නා. ඇමෙරිකාව ගෙනා යෝජනාව දණගහලා පිළිගත්තා. මේ වැරදි ආයෙත් හදන්න බැහැ. මහින්ද කළ ලොකුම වරද තමා යුද්ධය ඉවර කළ එක. (නි)
මම නම් එයාට කැමති නැහැ (නි)
මොනවද මේ කියන්නේ? අපිට අතීතය මතකයි (නි)
මෙතුමිය හරි (නි)
මහානාම කියපු කතාවනම් මරේ මරු (බ)
සිංහල වීම ලැජ්ජාවක් කියල කිවුවෙ ඔබතුමිය නේද... අපිට නම් හිතේන්නෙ ඔබ වගේ කෙනෙක් සිංහලයැයි කිමත් අපිට ලැජ්ජාවක්. (බ)
විජය සිහි කිරීම හොද දෙයක් . එ්ත් කතා නොකර උන්නොත් වඩාත් හොදයි. කවුරු එක්කද ඔය වාඩිවෙලා ඉන්නේ. ඔය කියන කිසි කෙනෙක් තමුන් ගැන නොසිතා අනුන් ගැන හිතන්නේ නැහැ. දැන්ද මතක් වුනේ රට ගැන. තම මල්ල පුරවා නොගත් අය උන්නේ ඉස්සර, දැන් හුගදෙනෙක් වගේම කරන්නේ තමන්ගේ මල්ල පුරවගන්න එකමයි. ඒකෙ නරක තම මල්ල පුරවගෙන අවසානයක් නැති එකයි. (බ)
දම්මි , මෙතුමිය කරපු සේවය හොදට හොයලා බලන්න. (ර)