රටේ ලොකුම ප්‍රශ්නය පරාජිත මන්ත්‍රීන් පත් කිරීමදැයි ඇමති විජිත් විජයමුණි සොයිසා මහතා අද (26) පැවැති මාධ්‍ය හමුවක දී මාධ්‍යවේදීන් ඇසූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමින් කීවේය.
මනාපයෙන් ජය පැරදුම තීරණය කළ නොහැකි බව ද ඔහු පැවසීය.
පසුගිය මහ මැතිවරණයේ මොණරාගල දිස්ත්‍රික්කයෙන් පරාජයට පත් විය.
තව වසර පහක් හයක් ඇතුළත මෙරට භූගත ගෑස් සම්පත භාවිතයට ගැනීමට හැකිවනු ඇතැයි ඛනිජතෙල් සහ පෙට්‍රෝලියම් වායු සංවර්ධන අමාත්‍ය චන්දිම වීරක්කොඩි මහතා එම මාධ්‍ය සාකච්ඡාවේ දී කීවේය. තෙල් මිල සඳහා මිල සූත්‍රයක් කඩිනමින් හදුන්වාදීමට කටයුතු කරගෙන යන බව ද ඔහු සඳහන් කළේය.
‘පසුගිය මහ මැතිවරණයේ දී පරාජය වූ ශ්‍රී ල.නි.ප අපේක්ෂකයින්ට ජාතික ලැයිස්තුවෙන් මන්ත්‍රීධූර ලබාදී අමාත්‍යධූරත් ලබාදුන්නා. දැන් තවත් පැරදුණු තිදෙනෙකුට විශේෂ ව්‍යාපෘති අධ්‍යක්ෂ තනතුරු ලබා දී තිබෙනවා. ඇයි ජනතාව ප්‍රතික්ෂේප කළ අයටම තනතුරු දෙන්නේ?‘ යැයි මාධ්‍යවේදියෙක් ප්‍රශ්න කළේය.
චන්දිම වීරක්කොඩි - ‘පෞද්ගලිකව මටත් මේ ප්‍රශ්නය තිබෙනවා. ඒත් අපි ඉතිහාසය සලකා බැලූවොත් 1988 මැතිවරණයෙන් පසු අගමැතිවරයා ලෙස ලලිත් ඇතුළත්මුදලි මහතා හෝ ගාමිණී දිසානායක මහතා පත්වනු ඇතැයි ජනතාව බලාපොරොත්තු වුණා. ඒත් රණසිංහ ප්‍රේමදාස මහතා ඩී.බී විෙජ්තුංග මහතාට ජාතික ලැයිස්තු මන්ත්‍රීධූරයක් ලබා දී ඔහුට අගමැතිධූරය දුන්නා. ජාතික ලැයිස්තුවේ නම ඇතුළත් නොවී මැතිවරණයටවත් තරඟ නොකර ජාතික ලැයිස්තුවෙන් ආ අය ගැන උදාහරණ ඕනෑ තරම් තිබෙනවා.
විජිත් විජිතමුණි සොයිසා - ඩලස් අලහප්පෙරුම, බැසිල් රාජපක්ෂ යන මන්ත්‍රීවරුන් මුලින් පාර්ලිමේන්තුවට ආවේ එහෙමයි.
ප්‍රශ්නය - ඡන්දයට ඉදිරිපත් නොවී ආ අය පත්කිරීමට වඩා ජනතාව ප්‍රතික්ෂේප කළ අය පත්කිරීම වැරදියි නේද?
සොයිසා - මෙය දැන් පිළුණු වූ ප්‍රශ්නයක්. හෝද හෝද මඩේ දැමිය යුතු නැහැ. මනාපයෙන් දිනුම පැරදුම හොයන්න බැහැ. එයින් පැහැදිලි ජනමතය ප්‍රකාශ වෙන්නේ නැහැ. මනාපයේ දිනුම් පැරදුම් නැහැ. තිබෙන්නේ ලැයිස්තුවක් පමණයි. ලැයිස්තුවේ ප්‍රමුඛතාව අනුව අපිත් කවුරුන් හෝ නැති වුණොත් පාර්ලිමේන්තු යන්න සුදුස්සන් ලෙස ඉන්නවා. මේකද රටේ ලොකුම ප්‍රශ්නේ.‘
වීරක්කොඩි - ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුව මැතිවරණයට තරග කළ ඒත් තේරී පත්නොවූ අයත් ජාතික ලැයිස්තුවෙන් පත් කළ හැකියි. ඒ නිසා එය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට පටහැනි නැහැ.
ප්‍රශ්නය - ‘ඒත් එක්සත් ජාතික පක්ෂය පැරදුණු අයව එලෙස පත් කළේ නැහැ. එහෙම කරන්න නම් මැතිවරණ පවත්වන්නේ මොකටද?
සොයිසා - අපේ පක්ෂය වැඩ කරන්නේ එක්සත් ජාතික පක්ෂය කරන විදියට නෙවෙයි.
ප්‍රශ්නය - දැන් පැරදුණු අයට තවත් තනතුරු දීමේ අරමුණ මොකක්ද?
වීරක්කොඩි - ඡන්දයෙන් පැරදීම හෝ මනාප අඩුවීම තනතුරක් දැරීමට නුසුදුසුකමක් නෙවෙයි. සුදුසුකම් තිබෙන අයට තනතුරක්දීම වරදක් නෙවෙයි.
ප්‍රශ්නය - ඔබ කියන ආකාරයට විශේෂ ව්‍යාපෘති අධ්‍යඬ තනතුරු ලබා දීමේදී සලකා බැලු සුදුසුකම් මොනවාද?
වීරක්කොඩි - මම ආවේ බඳවාගැනීමේ පටිපාටිය හෝ සුදුසුකම් කියන්න නෙවෙයි. සුදුසු නිසයි තනතුරු දී තිඛෙන්නේ.
ප්‍රශ්නය - මුදල් ඇමතිවරයාට එරෙහිව ශ්‍රී ල නි පක්ෂය නියෝජනය කරන කණ්ඩායම ගෙන ඒමට යන විශ්වාසභංග යොජනාවට ඔබතුමාලාත් අත්සන් කරනවාද?
වීරක්කොඩි - මට එවැන්නක් ගැන දැනුම්දීමක් කරලා නැහැ.
ප්‍රශ්නය - ඔබ පක්ෂයේ විපක්ෂය නියෝජනය කරන පිරිස අයවැයට විරුද්ධ වුණොත් ඔවුන්ට එරෙහිව පියවරක් ගන්නවාද?
සොයිසා - කැමති අයට කැමති විදියට ඡන්දය දීම සදහා ජනාධිපතිතුමා අවසරය දී තිඛෙනවා. අපේ පක්ෂයේ අයට පසුගිය කාලයේ නායකත්වය ගන්නා තීරණ හමුවේ ගොලූවා කසාය බිව්වා වගේ ඉන්න සිදුවුණා. නමුත් දැන් ප්‍රජාතන්ත්‍රවාදය තිඛෙනවා.
ප්‍රශ්නය - දේශපාලන රැදවියන්ට නිදහස දෙන ලෙස ඉල්ලා යාපනයේ දී තරුණයෙක් දුම්රියට පැන දිවි නසාගෙන තිඛෙනවා. ඒ ගැන රජයේ අදහස කුමක්ද?
වීරක්කොඩි - මේ සිදුවීම ගැන මම තවම දන්නේ නැහැ. එවැන්නක් වී ඇත්නම් ඒ තරුණයාගේ ජීවිතය ගැන කණගාටු වෙනවා. ඒත් කෙනෙක් දිවි නසා ගත් පළියටම ඉල්ලන දේ දීමට තරම් රජයක් දුර්වල විය යුතු නැහැ.
ප්‍රශ්නය - උතුරේ මහ විරු සතිය සැමරීමට සූදානමක් ඇති බව කියනවා. ඒ ගැන ඔබතුමන්ලාගේ ස්ථාවරය කුමක්ද?
වීරක්කොඩි - රටේ නීතියට පටහැනි කිසිවක් කිරීමට ඉඩ දිය යුතු නැහැ. එවැනි සැමරුම් කරන අයට එරෙහිව නීතිය ක්‍රියාත්මක විය යුතුයි.
ප්‍රශ්නය - අයවැය ගැන ඔබතුමාලගේ ස්ථාවරය කුමක්ද?
වීරක්කොඩි - ශ්‍රී ලංකා නිදහස් පක්ෂය ලෙස අප එයට පක්ෂව ඡන්දය දෙනවා.
ප්‍රශ්නය - අයවැයෙන් දෙන බව කී මූලික වැටුපට දීමනා එකතු කිරීම සිදුවුණේ නැහැ. ඒ ගැන අදහස කුමක්ද?
වීරක්කොඩි - එය නොලැබීම ගැන අපි කණගාටු වෙනවා.
ප්‍රශ්නය - ඔබතුමාලගේ පක්ෂයේ විපක්ෂ නියෝජනය කරන සිව් දෙනෙක් ආණ්ඩුවට එක්වීමට යන බව කියනවා. එය ඇත්තක්ද?
වීරක්කොඩි - බලමු. මීට පෙර එවැනි දේ වී තිබෙනවා.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දීකිරට බළල්ලුත් සාක්කි කීවලු....! නැත්නම් මේ හවුල් ආඬි හත්දෙනාගේ ආණ්ඩුව කොහොම ගෙනියන්නද..? (රේ)
එහෙම නම් ජාතික ලේඛනයක් වැඩක් නැහැ පරාද වෙන අය එකට පත් කලාම වැඩේ ඉවරයි (රේ)
පැරදුන අය හිරේ නොදැම්මා එක තමා රටේ දැවෙන ප්‍රශ්නය.(හේ)
ඔය ජාතිය දුම්මල ටොන් එකක් ගහලවත් එලවන්නන බෑ පෙරේතයන්ට කන්න මොනවා හරි දුන්නම යනවා මෙයාල ඇඹලයෝ වගේ (රේ)
"අප්පච්චි මලා " ගොයියටනම් කියන්න තියෙන්නේ ඕක තමයි .කාපු බතේ පහරපු එවුන්ට ජනතාව නියම තීන්දුව දුන්න.එත් ඉතින් මලපෙරෙතයෝ ටික එකතු වෙලා. (අ)
ඔවු. එක තමයි තියන ලොකුම ප්‍රශ්නේ. තැනට නුසුදුසු, ප්‍රතික්ෂේප කොරපු ජරා යක්කු ආයෙත් ඇතුළට ගත්තාම තමයි අනිත් ප්‍රශ්න ඔක්කොම ඇතිවෙන්නේ. පරාද වෙච්ච අය භංග වෙන්න ඕන! (අ)
කතා කරන්නේ මොලය කලඳක් නැති ගානටයි (අ)
ඔය ප්‍රශ්නයට කියන්න තියෙන්නේ ඔවු කියල තමයි. අපේ ඡන්ද ලැබුණු මිනිස්සු ගෙදර. එපා කියල එලවපු එවුන් ඇතුලේ. ඒ මදිවාට දැන් මහජනතාවට පිනට ගත්ත මන්ත්‍රීකමේ බලෙන් සයිස් කතාවලුත් දානවා. ලැජ්ජා නැතිකම මහමුදලිකමටත් වඩා ලොකුයි කිව්වේ ඉස්සර. දැන් කියන්න තියෙන්නේ පැරදිලා පස්ස දොරෙන් ආව මන්ත්‍රීකමටත් වැඩියෙන් ලොකුයි කියලා. (අ)
මොන පිස්සුද ගරු මැතිතුමනි, ඔබතුමා පරාද නැහැනේ. කොත්තමල්ලි, සැමන් සහ හාල්මැස්සෝ සමග ගෑස් මිල අඩුකළ එකේ අපිට මොකෝ කවුරු මැති ඇමතිකම් ගත්තත් (නි)
මෙතුමා කියන විදියට ඡන්දයෙන් කිසිම කෙනෙක් ප්‍රතික්ෂේප වෙලා නැහැ. මම ඡන්දෙ ඉල්ලුවත් මගේ ඡන්දෙන් විතරක් දිනන්න පුළුවන්. (නි)
ඔවු ඔවු ලොකුම ප්‍රශ්නය නම් මේක නෙමෙයි තමයි (නි)
ලජ්ජා නැතිකම ඇමතිකමටත් වඩා ලොකුයි කියන්නේ ඕකට තමයි. නිශ්ශබ්දව ඉන්නේ නැතුව තව ලොකු කතාත් කියන්න එනවා. එකපාරක් අප්පච්චි මළා කියලා දැඟලුවා. (නි)
විජිතමුණි සොයිසා කියන්නේ මොනවගේ කෙනෙක්ද කියලා අපි පහුගිය දවස්වල එයාගෙ කටින්ම අහගත්තා. තමන්ගෙ සුදුසුකම් ඇහුවහම ඒකට කෙළින් උත්තර දෙන්න බැරි ඇයි? ඔයතරම් ඒකාධිපති විදියට කතාකරන්න එයාලා හිතාගෙන ඉන්නේ මොකද? (නි)
තෙල් මිල අඩු වෙයි කියලා බලන් ඉන්නවා.(හේ)
විජිතමුණි මහත්තයෝ, මොනවද මේ කරන කතා? (නි)
රටේ ලොකුම ප්‍රශ්නය නම් වැඩ බැරි අය පාලනයේ සිටීමයි.(හේ)
රටේ තියෙන මුලික ප්‍රශ්නය ඕක තමයි කියල විජිතමුණි සොයිසා ට කියන්න. මොකද අනිත් සේරම ප්‍රශ්න වලට මුල වුනේ මේ වගේ සිද්ධ වුණු සමාජ අසාධාරණය තමයි. රටේ ජනතාවගේ බදු ගෙවන සල්ලි වලින් පිස්සු කෙලින්න මෝඩ දේශපාලනයට හෝ දේශපාලකයන්ට ඉඩ දෙන්න බැහැ . එනිසා බදවා ගැනීම ගැන අහන්නටත් , ඒවාට නිසි ලෙස උත්තර දෙන්නත් යහපාලනය සහිත ප්‍රජාතන්රවාදී රාජ්‍ය ක මිනිස්සු පඩි ගෙවන නිලධාරීන් හෝ වෙනත් පුද්ගලයන් බැදී ඉන්නවා. එක එහෙම නොවෙන්නේ , බදවා ගැනීම ගැන ප්‍රශ්න නොකරන්නේ, ඔහේගේ ගෙදර පොල් කඩන මිනිහා ගැන හෝ අතු ගැන කෙනා ගැන ඇහුවා නම් විතරයි.(හේ)
රජයේ රැකියාවකට නිල අයදුම් කිරීමේදී අවම සුදුසුකම් අහනවා. එසේ නැතුව රැකියාවක් ලබන්න දේශපාලන පන්දමකින් එන්න ඕනෑ. රාජ්‍ය සේවයට පිළිගත්, වැදගත් ඉහළ අභිමානයක් ඉස්සර පැවතුනා. මේ සියල්ල දේශපාලකයින්ගේ මැදිහත්වීම මත ප්‍රශ්නගත කරන්නට මුල්වෙලා. රටේ පාලනය මහජනතාව වෙනුවෙන් පත්කරන නියෝජිතයින් හරහා සිදුවෙනවා නම් එම පාලකයින් රටක අනාගතය තීරණය කිරීමට මුලික සුදුසුකම්වත් සැපිරිය යුතුයි. එසේ නොවන අය පත්කර යැවීමේ විපාක අපි අදත් විඳිනවා. ඉදිරියටවත් මෙම වරද නිවැරදි කරන්න පියවර ගන්නවා නම් මේ රට ලස්සන වේවි! (නි)
මීට කලිනුත් එක්කෙනෙක් මිල සුත්‍රය මාස හයක් ඇතුලත ගේනවා කීවා. එයා වාෂ්ප වෙලා දැන් මෙගා පොලිස් වෙලා.(හේ)
ඔව් මේක තමයි රටේ මුලික ප්‍රශ්නය. මොකද රට කරවන තැනට වැරදි අය ගියාම අනිත් එ්වත් වැඩක් නෑනේ . ඕක ව්‍යවස්ථාව වැරදි ලෙස අර්ථකථනය කිරීමක් කියල මුළු රටම දන්නවා.. ඔය වගන්තිය තියෙන්නේ ආණ්ඩුව කරන්න අත්‍යවශ්‍ය කෙනෙක් පාර්ලිමේන්තුවට ගන්න මිසක් ජනතාව ප්‍රතික්ෂේප කරපු නුගත් චන්ඩි අපේක්ෂකයන්ට ඇමතිකම් දෙන්න නෙවෙයි. රටට අවශ්‍ය නිවැරදි දර්ශනයක් තියෙන රට ගැන පමණක් හිතන නියෝජතයින්. (ස)
හා හා මෙයාලා කාලයක් රට පාලනය කළ හැටි කවුරුත් දන්නවනේ. ඔය වගේ පැනලා යන පිළිතුරු මිසක් අවංකව කතා කරන්න ඉතින් නැවත ඉපදිලා එන්න වෙයි. ඉදිරියට ඡන්දෙ වෙනුවට පොලු කෑල්ලක් ගන්න වෙයි. (ස)
ඇත්තෙම්ම ඔව්. ජනතාවට එපා වෙච්චි ජනතාවම ඉස්සරහ දොරින් එලියට දාපු මිනිසුන් පස්ස දොරෙන් ඇවිත් ජනතාව මෙහෙයවීමේ තනතුරු ලබා ගත්තම එක ලොකුම ප්‍රශ්නය නොවේද? (ස)
ඔව් ..ඔව් ... ලොකුම ප්‍රශ්නය මේක තමයි (නි)
අපරාදේ අපේ ඡන්දය! (නි)
මේවා බලලා අපි අපිටම ගහගන්නවා ඇරෙන්න වෙන කරන්න දෙයක් නැහැ (නි)
එහෙනම් ඉතින් ඡන්දයක් තියන්නත් අවශ්‍ය නැහැනේ (නි)
හොඳයි නේද යහපාලනය? (නි)
අනේද කියන්නේ! (නි)
මේවා බොහොම සරල ප්‍රශ්නනේ. මහජන ඡන්දයෙන් පැරදුනා කියන්නේ තමන් නියෝජනය කරන ප්‍රදේශයේ මහජනයා ඒ පුද්ගලයාව තමන්ගේ නියෝජිතයෙක් වශයෙන් පිළිගැනීම ප්‍රතික්ෂේප කිරීමනේ. එහෙම පුද්ගලයෙක් පාර්ලිමේන්තුවට පත්කළොත්, ඒ පුද්ගලයා එයා පත්කරන කෙනාගේ නියෝජිතයෙක් මිස කවදාකවත් "මහජන නියෝජිතයෙක්" වෙනවාද? (නි)
අපෝ නෑ ලොකුම ප්‍රශ්නය විසදුවා කරවල අඩු කරලා. (අ)