විදේශ රැකියා සඳහා යන ශ්‍රීලාංකිකයන්ගේ සේවා ගිවිසුම් අත්සන් කිරීමේ ඒකකය සෙනසුරාදා (31) සිට වසා දැමෙන බව ශ්‍රීලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශය පවසයි.
මෙම ඒකකය සමග දිස්ත්‍රික් හා පළාත් විගමණික මධ්‍යස්ථානවල රැකියා ගිවිසුම් අත්සන් කිරීමේ ඒකකද වසා දැමෙනු ඇත.
ඒ අනුව මෙතෙක් කාර්යාංශයේ නිලධාරියෙකු ඉදිරිපිට අත්සන් කළ රැකියා ගිවිසුම අදාළ ශ්‍රමිකයා සහ රැකියා නියෝජිතයා අතර අත්සන් කෙරෙනු ඇත.
සේවා ගිවිසුම් අත්සන් කිරීමේ ඒකක අහෝසි කළ නමුත් ගිවිසුම අත්සන් කළ යුතු බවත් එය අනිවාර්යය බවත් ශ්‍රීලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක උපුල් දේශප්‍රිය මහතා පැවසීය.
සේවා ගිවිසුම් අත්සන් කිරීමේදී මෙම ඒකකය සමග දිස්ත්‍රික් හා පළාත් විගමණික මධ්‍යස්ථානවල රැකියා ගිවිසුම් අත්සන් කිරීමේ ඒකකද වසා දැමෙනු ඇත.
ඒ අනුව මෙතෙක් කාර්යාංශයේ නිලධාරියෙකු ඉදිරිපිට අත්සන් කළ රැකියා ගිවිසුම අදාළ ශ්‍රමිකයා සහ රැකියා නියෝජිතයා අතර අත්සන් කෙරෙනු ඇත.
සේවා ගිවිසුම් අත්සන් කිරීමේ ඒකක අහෝසි කළ නමුත් ගිවිසුම අත්සන් කළ යුතු බවත් එය අනිවාර්යය බවත් ශ්‍රීලංකා විදේශ සේවා නියුක්ති කාර්යාංශයේ මාධ්‍ය ප්‍රකාශක උපුල් දේශප්‍රිය මහතා පැවසීය.
සේවා ගිවිසුම් අත්සන් කිරීමේදී ශ්‍රමිකයින්ට සිදුවන අපහසුතා සළකා බලා මෙම පියවර ගත් බවද හෙතෙම සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක ඇත්තටම හොඳ දෙයක් (නි)
අනේ හොඳයි. අඩු සම්පත් ප්‍රමාණයකින් වැඩි වැඩක් කරගන්න පුළුවන් ක්‍රම සෙවිය යුතුයි. මෙය අපි මහජනතාව ලෙස අගය කරනවා. (නි)
මෙය වසාදැමීම නිසා හොර විදෙස් රැකියා ආයතන වලට වාසියක් සැළසෙනවා නේද? අන්තිමට අමාරුවේ වැටෙන්නේ රැකියා වලට යන අහිංසක මිනිස්සුනේ. (නි)
ඔය කාර්යංශ සියල්ල වසාදමා විදේශ කටයුතු අමාත්‍යංශයට දෙන්න සම්පුර්ණ පාලනය (නි)
හොද වැඩක්. (ර)
ඉතා වැදගත් පියවරක්. (ර)
මාලදියිනේ වැඩ කරන අයට සේවා ගිවිසුම මෙහෙ තියෙන ලංකාවේ තානාපතිකාර්යාලයෙන් අනුමත කර යවන්න ඕනේ. මොකද මෙහෙ එන ගොඩාක් අය එන්නේ ඒජන්සි වලින් නොවෙයි දන්න කෙනෙක්ගේ මාර්ගයෙන්(අ)
එහෙම කළාම මෙ කාර්යංශ ඉන්න පුටු රත් කරන අයට කරන්න වැඩක් නැහැ නේද (අ)
ඕස්ට්‍රේලියව එංගලන්තය ඉතාලිය වගේ රටවල් වලට යන ශ්‍රමිකයන්ටත් ඔය විදේශ සේවා එකේ නීති තියෙනවද. ඒ අයගේ පස්සෙනුත් එයාර්පෝර්ට් එකේදී ගැණු පස්සෙන් පන්නනවද. මේක මැදපෙරදිග යන ශ්‍රමිකයන් ගැසකෑමේ නියුක්ති කාර්යාංශය. (අ)
විදෙස් ශ්‍රමිකයෙකුට ප්‍රශ්නයක් වුනම ඒ පුද්ගලයාට කරන්න පුළුවන් උදව්වක් කරන ආයතනයක් බවට මෙය පත් වේවායි මගේ පැතුම. මොකද අපි දැක්කා සමහර සිදිධි ගනනාවකදී මේ අය ගත්තේ, කතා කලේ, කෙරුවේ, ශ්‍රමිකයගේ වැරදි හෙව්ව එක විතරයි. ශ්‍රමිකයාගෙ වැරදි හොයන්න නෙමෙයි මේ අයව අපි දුක් විඳලා ගන්න සල්ලි වලින් පඩි ගෙනවන්නේ, රට සවාරි යන්නේ. ශ්‍රමිකයො වැරද්දක් කරනවා නම් එය වීමට ඇති ඉඩකඩ වහලා ශ්‍රමිකයන්ව රැකගැනීමට ක්‍රියාකිරීමයි මේ අය කළයුත්තේ. වුණේ නැත්තෙත් ඒකයි හැබැයි.(අ)
නැහැ පතී. පහත් තැනින්න යයි ජලේ ගලා කියලා කතාවක් තියෙනවා අහලා නැද්ද? හැම පුස් පාට් එකක්ම අධ්‍යාපනය අඩු, ඉංග්‍රිසි කතා කරන්න බැරි අහිංසකයිනට විතරයි (අ)
විදේශ නියුක්ති කාර්යාංශය කියල රට යන ශ්‍රමිකයන්ගේ සල්ලි ටික හූරන් කන අමාත්‍යාංශය අයින් කරලා ඒ මිනිස්සු දහදිය මහන්සියෙන් රටට හම්බ කරලා දැන් විදේශ විනිමයට ප්‍රයෝජනවත් උදව්වක් කරලා දෙන්න බලන්න (අ)
මේක කොරියානු රැකියා වලටත් තිබෙනවාද නොදනි (අ)
ඉතා හොඳ දෙයක්. (අ)
විදේශ නියුක්ති කාර්යාංශය කියල කට්ටියක් අපි රට යනකොට අපේ අතේ තියෙන අවසන් තුට්ටුදෙකත් උදුරාගෙන අපිට රට විරුවෝ කියනවා ඒ අය දන්නවා අපි හම්බකරන හැම සතේම ලංකාවට එනවකියල නමුත් අපිව තබෙකට මායින්කරන්නේ නැහැ (අ)
විදේශ නියුක්ති කාර්යාංශය විසුරුවා හරින්න බැරිද? ඒක රට ඉන්න අයට කරන සේවයක්. (අ)
විදේශ නියුක්ති කාර්යාංශයෙ සමහරු කැමැති එයාලට අනේ බුදු සර් , මැඩම්, කියලා වැඳ වැටෙනවනම් විතරයි. ඒ අහිංසක දුප්පත් ශ්‍රමිකයන්ට තමා රාජ උෂ්නෙ පෙන්නන්නේ. (අ)
එත් හාම්පුතුන්ගෙන් ගැලවෙන එක ලේසි නැහැ, (අ)
ගුවන් තොටුපොලේදී සාරි ඇඳගත්තු නියුක්ති කාර්යාංශයේ බවලත්තු අපේ පස්සේ පන්නන ඒකකයත් වහල දාන්නකෝ. අපිට නම් ලැජ්ජයි. (බ)
මමත් පිටරට කලක් සිට වැඩ කරන කෙනක්. විදේශ සේවා නියුක්ති කර්යංශයන් කිසිම සේවයක් අපිට වෙලා නැහැ. මුදල් ගන්නවා අපෙන්. අපිව අපහසු තාවයට පත්කරනවා. අපි ලංකාවට විදේශ මුදල් එවන පිරිසක් හැටියට කිසම සැලකිල්ලක් නැහැ. අඩුම ගැන එහි ශාකාවක් ගුවන් තොටුපොලේ නැහැ. ඒ වැඩ කරගන්නත් කටුනයකට යන්න ඕන. එකත් ජාවාරමක් වෙලා . (අ)
ගුවන් තොටුපලේ ඉන්න විදෙස් සේවා කර්යංශයේ නෝනලා හරියට හැසිරෙන්නේ ඇමති කමක් ලැබුණ වගේ ඔය නෝනලා වෙනත් තැනකට අරන් යනවනං ගොඩක් හොඳය. (අ)
විදේශ නියුක්ති කාර්යාංශය කියන්නේ මට නම් අප්‍රසන්නම ආයතනයක්.අසරණ අපෙන් මුදල් ගසා කන විදේශ නියුක්ති කාර්යාංශය විසුරුවා හරින්න බැරිද? (අ)
අවරුදු 7 ක් තිස්සේ මැදපෙරදිග රැකියාව කරන මම ,මිට අවරුද්දකට කලින් මස යක් ඇතුලත අලුත් කලේ නැහැ කියල ගුවන් තොටුපලේ ඉන්න විදෙස් සේවා කර්යංශයේ මගෙන් රුපියල් 11800 ගසා කාපු දවසේ මමත් ඔය නිලධාරීන් සමග පැටලුන.වැඩක් නැහැ ඔවුන් කරන්නෙත් රැකියාවක්.ඒ අපෙන් ගසා කෑම. (අ)
ඔය කාර්යාංශයෙ ලොක්කො රට ඉන්න ශ්‍රමික ප්‍රශ්න වවන් කනවා. ඕවා හැමදාම එන පොදු ප්‍රශ්න. ඒවා විසඳන්න නිතිමය ක්‍රමවේදයන් බොහොම පහසුවෙන් හදලා විසඳන්න පූළුවන්. හැබැයි එහෙම කරන්නෙ නැහැ. මොකද එතකොට ප්‍රශ්න විසඳන්න කියලා එයාලට රට සවාරි යන්න බැරි වෙනවනේ. හිඟන්නගේ තුවාලේවගේ ප්‍රශ්න තියෙන තරමට තමා ඒ අය කැමති. (අ)
1977 ඉඳන් ශ්‍රමිකයින් විධියට රට යනවා. එකම ප්‍රශ්න ටිකයි කැරකි කැරකි මේ අවුරුදු ගානක් තිස්සේ අවේ. නමුත් ඒවා විසඳන්න ක්‍රමයක් නීතියක් අද වෙනතුරු නැහැ. මේ ගොල්ලො කරන්නේ ප්‍රශ්නයක් එනකම ඉඳලා ඒක විසඳනවා. තව එකක් ආවාම ඒක විසඳනවා. ඔක කරන්න සුදු අලියෙක් වගේ මෙක නඩත්තු කරන්න ඔනෙද? වෙන අමාත්‍යංශෙකට දුන්න නම් ඒත් ඔයටික නම් වෙනවා.(අ)
මේ කිව්වා වගේ සිද්ධ වෙන්නේ නෑ.(හේ)
මේකේ ඉන්නේ ගොඩක් පිනට කන අය උන් සේරම එලව දමන්න ඕනේ (බ)