(සුමිත් පොතුපිටිය සහ බිමල් ශ්‍යාමන් ජයසිංහ)
පෝලන්ත රටේ රැකියා ලබාදෙන බවට රවටා රුපියල් කෝටියකට අධික මුදලක් වංචා කළ ආයුර්වේද සමාගමක කළමණකාර නිලධාරීයකු අත්අඩංගුවට ගත්බව පානදුර කොට්ඨාස අපරාධ විමර්ශන ඒකකය පවසයි .
මෙසේ අත්අඩංගුවට ගෙන ඇත්තේ වාද්දුව මොරොන්තුඩුව ප්‍රදේශයේ පදිංචි ගම්පහ ආයුර්වේද ඖෂධ සමාගමක කළමණකරන නිලධාරී තණතුරක් දරණ 34 හැවිරිදි නිලධාරීයකු බැව් උසස් පොලිස් නිලධාරීයෙක් කීය.
මීගමුව ප්‍රදේශයේ පදිංචි පුද්ගලයකු විසින් පානදුර පොලිස් අධිකාරී සමන්ත වෙදගේ මහතාට කල පැමිණිල්ලක් අනුව සැකකරු අත්අඩංගුවට ගත්බව පොලිසිය කීය.
පුද්ගලයින් අට දෙනෙකුට යුරෝපීය රටක් වන පෝලන්තයේ රැකියා ලබාදෙන බැව් පවසා ලංකාවේදී රුපියල් හත්ලක්ෂ පනස් දහස බැගින් ලබාගෙන රුපියල් ලක්ෂ 15 ක් වටිනා ඩොලර් රැගෙන යන ලෙස පවසා වරින්වර අසර්බයිජාන් රටට රැගෙන ගොස් එරට නියෝජිතයා වෙත එම ඩොලර් භාරදීමෙන් පසු අතරමංකර පලාගොස් ඇති බවට අණාවරනය වූ බව පොලිසිය පවසයි .
මෙවැනි ආකාරයෙන් අසරණ භාවයට පත් පුද්ගලයන් සිටී නම් පානදුර පොලිස් අධිකාරී කාර්යාලයට පැමිණෙන ලෙසට ජනතාවට විවෘත ආරාධනයක් කරන බවද පරීක්ෂණ සිදුකරන නිලධාරීයෙක් කීය.
2025 දෙසැම්බර් මස 18
127
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
147
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
949
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රට රැකියා සිහිනය බොඳ කළ බෙහෙත් ශාලාවක කළමනාකරු මාට්ටු