මැයි මාසයේදී සෞදි අරාබියේ රැකියාවකට ගිය තම බිරිය එහි ඒජන්සිකරුවන් තැන් තැන්වලට විකුණතියි කියමින් මොණරාගල සැමියෙක් දරු තිදෙනාද සමග මොනරාගල බස් නැවතුම් පොළ අසල දී අද (12) උපවාසයක් ආරම්භ කළේය.
බිරිය ගෙන්වා ගැනීමට රජයට කළ ඉල්ලීම් වලින් පළක් නොවු නිසා උපවාසය ඇරැඹු බව ඔහු කියයි.
දරු තිදෙනාගේ වයස අවුරුදු 4 -12 වේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ගෙනෙරල් සරත් ෆොන්සේකා ජනාදිපති කර ගත්තනම් අද අපිට මෙහෙම විදවන්න සිද්ද වෙන්නේ නැහැ. ඔබ තුමා ජනාදිපති වුනොත් මුලින්ම කරන්න ඕනේ ලාංකීය ගැහැණිය මැද පෙරදිග යවන එක නතර කරන එක. පිට රැටියන්ගේ ඉදුල් හෝදන එකද ලාංකීය කම. ඉස්සර කක්කුස්සි හේදුවේ සක්කිලි. දැන් සිංහල ජාතිය කක්කුස්සි හෝදන්නේ, අපිට ලැජ්ජියි ලංකාවේ කියන්න.(නදී)
මේ වගේ පිරිමින්ට ඔහොම තමයි වෙන්න ඕනෑ. කන්න අදින්න දෙන්න බැරිනම් බදින්නේ නැතුව ඉන්න එක කාටත් හොදයි. දරුවන් තමයි දුක් විදින්නේ. (දී)
මේක ජාතික ප්‍රශ්නයක්. අපේ පාලකයන්ට, ජනතාවට තේරෙනකොට වෙන්න ඕනෑ ටික වෙලා ඉවර වෙලා තියෙයි. හොදම අවබෝධයක් ගන්න නම් මැදපෙරදිග රටවල ඉන්න පිරිමින්ගෙන් අහලා බලන්න .අපේ රටේ අහිංසක කාන්තාවෝ පිටරට ඇවිත් සිද්ද වෙන දේවල් හොදට කියලා දෙන්න පුළුවන්. කීයක් නම් අසරණ පවුල් ජීවිත විනාස වෙනවද. (නි)
දැන් උපවාසේ කරලා හරියනවාද? යවන්න ඉස්සර කල්පනා කරන්න තිබුනා නේද අහිංසක ළමයි දෙන්න ගැනවත් (දී)
මේවා මිනිස්සුන්ගෙත් වැරදි.අග ගිඟකම් නිසා කියලා ගෑනු රට පටවනවා.හිතන්නේ තමන්ගේ වාසිය. ඒත් අපේ ගෑනු මේ රටවල අනන්ත දුක් විඳිනවා.භාගෙට භාගයක් ගෙවල් වලින් පැනලා යනවා.එහෙම යන හුඟ දෙනෙක් කරන්නේ මිනිස්සු තියාගෙන හම්බු කරන එක.එහෙම නොකර ඉන්න අයට මේ රටවල අරාබින්ගෙන් ගැලවුමක් නැහැ.ගෙවල් වලින් පැනලා කියල දැනගත්තහම බොරු පොලිස් පාට් දාලා බලෙන් වාහන වල අරන් ගිහින් දුෂණය කරලා අත හරිනවා.ගෙවල් වලින් පැනලා නිසා පොලිසියකටවත් යන්නේ නැහැ.එහෙම අයට ලංකාවට එන්නවත් තානාපති කාර්යාල උදව් කරන්නේ නැහැ.පැනලා ගියේ ඕකටනේ කියලා එලවා ගන්නවා.ඒත් මොන දේ කරලා හරි හම්බු කරලා එවන විදේශ විනිමය අපේ රටෙන් ඉහලින් බාර ගන්නවා.තානාපති කාර්යාල වල උත්සව තියෙනකොට නම් අඩු තැන පුරවගන්න මේ වගේ අයගේ සේවයත් ඉහලින් ලබා ගන්නවා. (දී)
ප්‍රිය,නිලූ,හුසේන්,සේර,ගමගේ,අසේල,ඔබල හරි. රජයට විදේශ විනිමය කොයි විදිහට ආවත් කමක් නැහැ. පිරිමි නැති පාර්ලිමේන්තුවක් අපිට තියෙන්නේ. විදෙස් සේවා නියුක්ති කාර්යාංශය තරම් ලාබ ලබන ආයතනයක් රජයට තවත් නැති තරම්. නමුත්,ඒ ආයතනය තරම් අසික්කිත/අකාර්යක්ෂම/ජනතාවට සහනයක්ම නොමැති ආයතනයක් ලංකාවේ නැතිම තරම්.(නදී)
අනේද කියන්නේ ? (දී)
නැති බැරිකමට නේ ඒ මනුස්සයා රට ගියේ. ඇයි හොර ඒජන්සිකාරයට විරුද්ධව පැමිණිලි කරන්නේ නැත්තේ? ඇයි, විදේශ රැකියා කාර්යංශයට කියන්නේ නැත්තේ? ගහක් ගලක් ගානේ ඉන්න දේශපාලුවෙකුටවත් කියන්නේ නැත්තේ ඇයි? ළමයින්ගේ නම්බුව ඔහොම විනාශ කලාම ඒ ළමයි ඉස්කොලේවත් යන්නේ කොහොමද? (දී)
පව් අහිංසක දරුවෝ, ඔවුන්ගේ මේ අත්දැකීම් විශ්ව විද්‍යාලයට ගිය දවසට තමයි ප්‍රයෝගික වෙන්නේ. (නදී)
මේ අය ගැන අපි අනුකම්පා කළ යුතුයි. මේ මනුස්සයා මේක කරන්නේ වෙන කරන්න කිසිම දෙයක් නැතුව. මේ ළමයින් ගැනවත් යමක් කල හැකි අය උදවු කල යුතුයි. අන්ත අසරණ භාවයට පත් වුන කෙනෙකුට උදවු කරනවා විනා බැනලා හෝ උපදෙස් දීලා හෝ ප්‍රශ්න අහලා වැඩක් නැහැ. (දී)
දැන් ලංකාවේ ගැහැණු රට යන්නේ මිනිහගේ කොන්ද පන නැති නිසා නෙවෙයි රටේ ආර්ථිකේ හදන්න ඉන්න නායකයන්ගේ කොන්ද පන නැති නිසා.(නදී)
මාසේ අන්තිමට ගෘහ සේවිකාවෝ ලංකාවට සල්ලි යහමින් යවනකොට රුපියලේ අගය නගිනවා. නැවත බහිනවා. දැන් ලංකාවේ තියෙන්නේ ගැහැනුන් මැදපෙරදිග යවලා පිගන් හෝදලා, වැසිකිලි හෝදලා, කාණු සුද්ද කරලා ඇය එවන මුදලින් යැපෙන ආර්තිකයක් කියල අපි පිලි ගන්න ඕනේ.(නදී)
ධනංජය හරි. ඇබෑර්තු තියෙන්නේ ගැහැණු අයටනේ. ඒකනේ ගැහැණු අය රට යන්නේ.(නදී)
සරසි, විතරයි ඇත්ත කියල තියෙන්නේ. අපේ රටේ හිගාකනවට වැඩිය හොදයි පිටරටකට ගිහින් මොන බලු දුක හරි විදලා තම දරුවොයි මිනිහයි ජීවත් කරන එක. එහෙම හිතලා තමයි ඔය හැම කෙනෙක්ම රට ගියේ. අපේ රටේ ඉන්නේ දුප්පතාගෙන් යැපෙන,රදලයෝ, ඔය සංවර්දනයට කියල වැයකරන මුදල් ලොක්කෝ ගසා කනවා. ඔය කොටි ගණන් මුදල් වියදම් කරලා රටට අවශ්‍ය කර්මාන්තශාලා ටිකක් ඉදිකරනවානම් අපේ ජනතාවට රැකියා ලැබෙනවා. අපිට එයාර්පෝට් , වරායවල් ඕන නැහැ, ජනාදිපති තුමෝ, එදා වේල හොයන් කාලා, දරුපව්ල රැකගන්න ක්‍රමයක් හොයලා දෙන්න මේ අසරණ රටේ ජනතාවට.(නදී)
මමත් රට ඉන්න හින්දා කියන්නේ අපේ රටේ ගැහැණු නිසා අපි බංගලියන්ගෙන් සහ ඉන්දියන් කාරයන්ගෙන් සමච්චල් වෙනවා. අපේ අය වෙන රට වල අයත් එක්ක මගුල් කනවා. පිරිමියනේ තමන්ගේ බිරියනම් රට එවන්න එපා ඔයාල මොනවා හෝ කරලා ජීවත් කරවන්න දරු පවුල්.(නදී)
අර දරුවෝ ටික ගැන තමයි දුක. මේ වගේ කොන්ද පන නැති තාත්තලව තියන්න වටින්නේ නැහැ. ලැජ්ජා නැති මිනිස්සු. තමන්ගේ නෝනව රට යවලා තව එනවා උපවාස කරන්න (දී)
මැද පෙරදිග ඉන්න අපේ ගෑණු ගැන අහන්න ඕනෑ බංගලියන්ගෙන් (දී)
මම ඉන්නේ ඕමානේ. මෙහෙ ආපු කාන්තාවන්ට වෙලා තියන දේවල් දැක්කා නම් පිරිමියෙක්ට නම් තමන්ගේ බිරිද රට එවන්න බැහැ (දී)
ගෑණු මුස්ලිම් රට වලට යවන්න එපා, කොන්ද පණ ඇති පිරිමිනේ (දී)
එයාට කියන්න දුක් වෙන්න එපා කියලා. ලංකාවෙන් එන නෝනලා ගැන බලාගන්න මෙහේ පකිස්තාන බංගලිදේශ ඉන්දීය අය ඉන්නවා. පව්. අසරණ ඒ මනුස්සයා ගෑනි ගැන දුක්වෙනවා (දී)
ලංකාවේ කාන්තාවන් පෞද්ගලික නිවාසවල බැල මෙහෙවර කිරීමට විදෙස්ගත කිරීම වහාම තහනම් කලයුතුයි. (දී)
හොදම අදහසක් දෙන්නම්. ලංකාවේ ගණිකාවෝ ටික අල්ලලා ඉවරවෙලා මෙහෙට එවන්න. එතකොට කට්ටිය මෙහෙ හොදට වැඩ අල්ලයි. එතකොට අපේ පවුල් කැඩෙන්නෙත් නැහැ. (නදී)
ඔක්කොම මෝඩ අදහස් තමා මෙතන තියෙන්නේ. පිට රටින් ඉල්ලන්නේ ගෑනු අය නම් කොහොමද පිරිමි යවන්නේ? දුප්පත්කමට තමා මිනිස්සු තමන්ගේ ගෑනු රට යවන්නේ, නැතුව කොන්ද පන නැතුව නෙමේ (දී)
ගැහැණු රට යවන්න එපා.කොන්ද පන ඇතුව වැඩ කරන්න. (දී)
හොඳ වැඩේ තමයි ඒකත් (නි)
මේකට මේ මනුස්සය විතරක් නෙමෙයි ලංකාවේම මිනිස්සු ලජ්ජා වෙන්න ඕනෑ. මොකද අපේ රට යැපෙන්නේ මේ අයගෙන් ලැබෙන විදේශ විනිමයෙන්. (දී)
සේරා මමත් ඔය ලිව්වේ අද ඊයේ උන සත්‍ය සිද්ධියක්. අපේ තානාපති කාර්යාලවල ඉන්න අය දන්නෙත් නැහැ එහෙම අයට පිහිට වෙන්න.අඩු ගානේ එයාලට බැරිනම් මේ රටේ නිතිය හැටියටවත් බාර වෙලා තමයි රටට යන්න ක්‍රමයක් කියන්නේ නැහැ.අහපු ගමන් කියන්නේ අපි ඒ ගැන දන්නේ නැහැ මිනිස්ට්‍රියෙන් ගිහින් අහන්න ඔයාලා ඕක කරගන්නනෙ ගෙවල් වලින් පැන්නේ. පැනපු දවසෙම ආවනම් හරිනේ කියලා. එතකොට මේ වෙනකන් ලංකාවට යවපු සල්ලි අපේ රටෙන් එපා කියලද? තානාපති කාර්යාල යපෙන්නෙත් ඒවගෙන් නේද? එහෙමනම් ගෑනු රට යැවීම ආණ්ඩුවෙන් තහනම් කල යුතුයි.මෙලෙස ගැහැනුන් විකුණා කෑමෙන් ලබන විනිමය වල ඇති වටිනාකම කුමක්ද?(නදී)
උපාලි මම ඔයාගේ පැත්තේ. සමහර අය ඉන්නවා හරිම හොඳට නම රැකගෙන නම්බුව රැකගෙන සැමගේ බලාපොරොත්තු ඉටුකරගෙන ආයේම දු දරුවන් බලන්න යනවා. මමත් මගේ දරුවා සහ බිරිඳත් මෙහෙ ඉන්න නිසා දන්නවා (දී)
ගෑනු කියන්නේ හුදෙක් වහසි බස්වලට, බොරු අටෝපන වලට රැවටෙන කොටසක්. ඉතින් ගෙදර අගහිඟකම් වැඩි වෙනකොට, රටගිය ඇත්තෝ ඉන්න උජාරුව දකිනකොට, ඒජන්සිකාරයෝ සුරලොවක් මවාපානකොට හීනමවාගෙන රට යනවා.රට ඉන්න හුඟක් ගෑණුන්ට තමන්ට පවුලක් තියෙනවා නේද කියන එකත් හුඟක් දුරට අමතකයි.කාව හරි සෙට් කරගෙන හීන ලෝකෙක අත පත ගාගෙන ඉන්නවා. එවන සල්ලිවලින් මිනිහත් කම්මැලියෙක් බේබද්දෙක් වෙනවා. ඔය කිව්වා වගේ, ඔය උපවාසේ නිසා ඔය ළමයින්ගේ ආත්ම ගරුත්වයයි නැතිවෙන්නේ. ඔය රට කරන උදවියට, ගෑනු වහල් සේවයට රට නොයවා බැරිද අම්මපා ? (දී)
ලංකාවේ ගැහැනුන්ගේ වැඩ බලන්න ඩුබායි වලට එන්න. දැන් මෙහෙ ඉන්නේ දෙවැනි පරම්පරාව. ආණ්ඩුවෙන් ලංකාවෙන් පිටවෙන වයස අඩුම තරමේ හතළියවත් කරන්න ඕනෑ (දී)
ලංකාවේ පිරිමි කවදාවත් තමුන්ගේ ගෑනිව නම් රට යවන්න එපා. රට යනකොට එයාර්පොර්ට් එකේදී බලනවා ගාස්තු ගෙවලද කියලා. රට ගිහින් යමක් වුනාම විදේශ සේවාව නැහැ. අනේ මෙහෙමත් රටක් (දී)
අපේ අයට ඕනෑ සල්ලි මිසක් අමාරුවේ වැටුන අයව බේරගන්න නෙමෙයි (දී)
සිසිර, කාන්තාවන් ඉස්සරහට දාලා තමන්ගේ නොමනාකම පෙන්නන්න එපා (දී)
ලංකාවේ ගැහැනු මැද පෙරදිග ඇවිත් මොනවද කරන්නේ කියල බලන්න මෙහෙ එන්නම වෙනවා. ඒ නිසා ගැහැනු රට එවන්න එපා. ලංකාවේ ගෙයක වැඩට යවන්න., (දී)
අනේ පවු (අ)
එක පැත්තකින් න් ස්වාමින්වහන්සේලා දරුවෝ 5කත වඩා හදන්නලු. මෙතන ඉන්න දරුවෝ 3 දෙනාට ඉතින් බොදුබල සේනාවගේම පිහිටයි. බැරිද රට යන ගැහැණුන්ට බොදුබල සේනාවෙන් රක්ෂා ලබාදෙන්න?(නදී)
හැබැයි ඉදිරියේදී ගොඩක් ප්‍රශ්න විසදෙයි, මොකද ගෘහ සේවිකා කියන නම වෙනස් කරලා ගෘහ පාලන සහකරු කියන නම දැම්මාම,හොර ඒජන්සි කාරයොයි,හාම්පුත්තුයි බයවෙනවා අපේ ගෑනුන්ට අත තියන්න. මං හිතන්නේ ඒක තමා මේ ප්‍රශ්නෙට දෙන්න තියන ප්‍රමුඛ තම, ඉක්මන්ම විසදුම (අ) .
රටකරවන නායකයන්ගේ ෆොටෝ බුදුන් දෙඉයන් ගේ ෆෝට් වලට එහලින් තියල වන්දනාමාන කරන බන්දුල පෙරේරා මොනවද මී ගැන කියන්නේ කියල මම බැලුවේ. (අ)
මුසිලිම් රටවල් වලට අපේ ගෑනු යවන්න එපා.(නදී)
ලංකාවේ තියෙන්නේ ගැහැනුන් මැදපෙරදිග යවලා පිගන් හෝදලා, වැසිකිලි හෝදලා, කාණු සුද්ද කරලා ඇය එවන මුදලින් යැපෙන ආර්තිකයක් කියල අපි පිලි ගන්න ඕනේකොන්ක්‍රීට් ලෝකවල වල සිහින දකින දම්මික පෙරේරා වගේ අයට නම් දුක ආර්ති මම මෙහෙම කියනවට. (අ)
හුසේන් , ඔයාට මගේ ආචාරය ! හැබැයි මේ මනුස්සයට කොන්දක් තියෙනවා කරපු මෝඩකම ප්‍රසිද්ධියේ කතා කරලා අනිත් මිනිස්සුන්ගේ ඇස් අරවන්න. මේකෙන්වත් අපේ කාන්තාවෝ පාඩමක් ඉගෙනගනිල්ලා. (දී)
ගැහැණු රට පැටෙව්වේ නැතිනම් බයිසිකලයක්වත් තිබුනේ නැති අපි කොහොමද අපේ බෙන්ස් එක නඩත්තු කොරන්නේ ආයිබොවන්.(නදී)
රෑ සැමියයි දරු තුන්දෙනයි නිදාගෙන ඉන්නකොටද අර ඒජන්සිකාරයා බිරිදව අරගෙන එයාපෝට් ගිහිල්ලා තියෙන්නේ.අඩුතරමේ පොඩි තුන්ඩු කෑල්ලක්වත් තියලා යන්න තිබුනනේ.අනේ අනිච්චං අසරණ,අහිංසක පිරිමින්ට වෙන දේවල් අහන්නත් දුකයි. (දී)
අපේ රටට සල්ලි ගෙන්නන්නේ ඔය මැද පෙරදිගට ගෑනු යවන්නේ අපේ රජයෙන්. (දී)
හුසේන් නිවැරදිය. (දී)
ලුම්බිණි, මොන ක්‍රමයකින් හරි ඔය මනුෂ්‍යාගේ බිරිද ආපසු එනකන් ඔයාට පුලුවනිනේ ගිහින් ඔය දරුවෝ දෙන්නත් බලාගෙන එයාගේ දුක සැපත් බලාගෙන ඉන්න? (දී)
රට යන අයගෙන් රක්ෂණය සඳහායි කියා අය කර ගන්නා මුදල ඔවුන් කටුනායකින් පිටත්වූ පසු බහිරවයා කනවද. එදා දුෂිත යැයි කියන එජාප රජය නිස එහෙම වූවැයි සිතමු. එහෙත් අද? (දී)
ඇයි මේ වගේ කෙනෙකුට අනුකම්පා කරන්නේ?වැඩක් පලක් නොකර ළමයි තුන්දෙනෙක් පමණක් හදලා එයාලට කන්න දෙන්නත් විදිහක් නැතුව ඉන්නකොට අර ගැහැනි රට ගියා. එහෙදී එයා කොහොමහරි සල්ලි හොයලා මෙයාටනේ එවන්නේ?ඉතින් තව මොන උපවාසයක්ද? (නි)
අස්මිත්, විදෙස් සේවා නියුක්ති කාර්යාංශය තරම් ලාබ ලබන ආයතනයක් රජයට තවත් නැති තරම්. නමුත්,ඒ ආයතනය තරම් අසික්කිත/අකාර්යක්ෂම/ජනතාවට සහනයක්ම නොමැති ආයතනයක් ලංකාවේ නැතිම තරම්.(නදී)
එයාර් පෝර්ට් එකට ඇතුළු වුන තැන සිට ප්ලේන් එකට නගින තැන දක්වා රක්ෂනය කරපු මුද්දරය තියෙනවද කියල පරික්ෂා කරන්නම සීයක් විතර ඉන්නවා. තනිකරම මුන් කප්පන් ගැනිල්ලක් කරන්නේ. රුපියල් 8000 ක් අරන් ගුවන්තොටුපොළට ආපු මටත් රුපියල් 11860 ක් ගෙවන්න කියලා කිව්වා. ඉස්සර අපි අවරුදු 2 කට කප්පන් ගෙව්වේ රුපියල් 3200 ක් විතරයි. ගෙවල් වල වලන් හෝදන්න එන අසරණ ගෑනුන්ගෙන් පවා 11860ක් කප්පන් ගන්නවා. අසරණ මිනිසුන්ට හෙන ඉල්ලනවා ඇහෙන්න වෙන කරන්න දෙයක් නැහැ.(නදී)
මිනීමරු ප්‍රබකරන්වත් අසරණ දමිල මිනිසුන්ගෙන් මෙහෙම ගසා කාවේ නැහැ. විදේශ සේවා එකෙන් තනිකරම බෙල්ලට දැලි පිහිය තියල පර්ස් එක සුරගෙන කනවා වගේ කප්පන් ගැහිල්ලක් තියෙන්නේ. විදේශ සේවා එකේ අධ්‍යක්ෂකවරු, සබාපතිලා, විගනනවරු, මැනේජරස්ලා එකසිය ගානක් ජීවත් වෙන්නේ අසරණයන්ගේ රීරි මානස හුරගෙන කාලයි. අසරණ වෙලා ලංකාවට එන්න සිද්ද වුනොත් පාරේ යන බස් එකේ යන්න රුපියල් 200 ක් දෙනවා. ඒක ගන්නද අපි රුපියල් 11860 කප්පන් ගෙවන්නේ.(නදී)
www .slbfe .lk එකට ගිහින් බලන්න ගුල්ෆ් එන අසරණ ගෑනුන්ගෙන්, මිනිසුන්ගෙන් ගසා කන මුදල් වලින් පඩි ගෙවන්න ඉන්න කලමනාකරුවන් එකසිය ගාන ගැන. සභාපති, අධ්‍යක්ෂකළා ගොඩක් ඉන්නවා. ලංකාදීප පුලුවන්නම් වෙනම ලිපියක් පල කරන්න. රටේ අසරණ මිනිසුන්ගේ ගසා කාලා මේ තරම් පිරිසක් සුපිරි ජීවිත ගත කිරීම මොන තරම් හෙන ගහන අපරාදයක්ද?(නදී)
දැන් මේ දාපු ප්‍රතිචාර දැක්කම මටත් ලියන්නම හිතුනා. ඇයි මේ සේරම එකතුවෙලා මැදපෙරදිග වැඩකරන ගැහැණු අයට දොස් කියන්නේ ඇයි? මේ රටවල් වලට ඇවිත් අපේ පිරිමි කරන දේවල් ලියන්නේ කියන්නේ නැත්තේ එයාල නාවා ගෙට ගත්තම පිරිසිදුයි කියලද? අනේ නිකන් ඉදහල්ලා කොල්ලනේ මන් දන්නා දේවල් මෙතන ලියන්න බැහැ එක දෙයක් විතරක් කියන්නම් (එක මකුනයි ළමයෝ කන්නේ,ඇයි ඔක්කොම මකුණෝ මරන්නේ ) .(නදී)
සරසි, දැන් ලංකාවේ ගැහැණු රට යන්නේ මිනිහගේ කොන්ද පන නැති නිසා නෙවෙයි. රටේ ආර්ථිකේ හදන්න ඉන්න නායකයන්ගේ කොන්ද පන නැති නිසා. සුපිරි ප්‍රතිචාරය.(නදී)
බිරිද සැමියාට හොරෙන්ද රට ගියේ?ලංකාවේ ඒජන්සිකාරයෝ රට අතේ මවලා පෙන්නනවා. අපේ ගැනුත් ළමයිත් දාලා දුවනවා සුර ලෝකයක් කියලා හිතාගෙන. ගියාට පස්සේ තමා රග දැනෙන්නේ. (දී)
අසරණයාට ජනපති අවදානය යොමුවේවා! (දී)