(රංජන් කස්තුරි)

ශ්‍රී ලංකාවෙන් බැහැරට විදේශ මුදල් ගෙනයාමට පනවා තිබූ සීමා ඉදිරිමස හයක කාලයක් සඳහා ලිහිල්කර ඇති බව ශ්‍රී ලංකා මහ බැංකුව කියයි.

මිට අමතරව විශ්‍රාමිකයන්ගේ වර්තන ගනුදෙනු මත පනවා තිබු සීමා ද ඉවත්කර ඇතැයි මහ බැංකුව කියයි. 

ශ්‍රී ලංකාවෙන් පිටත ඇති සමාගමක සාමාන්‍ය කොටස්වල ආයෝජනය කිරීම මෙතෙක් අත්හිටුවා තිබූ අතර එය කොළඹ කොටස් හුවමරුවේ ලයිස්තුගත සමාගමක අමෙරිකා ඩොලර් ලක්ෂ 2 දක්වා අයෝජනය කිරීමට නව රෙගුලාසිවලින් අවසර දී ඇත.