IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


රට මැද සොඳුරු ඇල්ල

2016-03-07-ent-79
 

2016-03-07-ent-76කැලණි ගඟ සමනල කඳු මුදුනින් ඇරඹී කොළඹ කාක දූපත අසලින් මුහුදට වැටේ. ඒ වෙනුවෙන් ගෙවා එන කිලෝමීටර් සියගණන තුළ දස දහස් ගණනගේ පිපාසය සංසිදුවන අතර ලක්ෂ සංඛ්‍යාවකට ජල විදුලිය ලබාදේ. ඒ වගේම මේ ගෙවා එන කිලෝමීටර් ගණනක් දුර ඇතුළේ නෙත් වසඟ කරවන අපූරු නිර්මාණ රැසක් දායක කරන්නටද අමතක නොකරයි. කැලණි ගංකොමළිය පෝෂණය කරනා මස්කෙළිය ඔයෙන් හටගන්නා ලක්ෂපාන ඇල්ල දකින්නට අද අපි ඔබ සමඟ යන්නට සූදානම් ය.

සාපේක්ෂව බැලූකල ලක්ෂපාන ඇල්ල පිහිටා ඇත්තේ තරමක් රට මැදට වන්නටය. උසින් එය මීටර් 126කි. දියඇලිවල උස අනුපිළිවෙළ විමසන විට හත්වන ස්ථානයේ සිටින්නේ මෙම දිය ඇල්ලයි. කොළඹ – ගිනිගත්හේන මාර්ගයේ කළුගල හන්දියෙන් හැරී කෙහෙල්ගමුවල හඟරාපිටිය හරහා කොත්තැල්ලෙන ගමට ගොස් කිලෝමීටරයක පමණ දුරක් අඩි පාරක් දිගේ ගොස් ලක්ෂපාන දියඇල්ල නැරඹිය හැකිය. කළුගල හන්දිය යනු කිතුල්ගල ප්‍රදේශය පසුවෙනවාත් සමඟම ඇති හංදියයි. එම ස්ථානයේ පොලිස් මුරපොළක්ද පිහිටා තිබීමෙන් මෙකී ස්ථානය හඳුනාගත හැක. එකම ගැටලුව වන්නේ කිලෝ මීටර් 17ක් පමණ දුර මෙම මාර්ගයේ මුල් කිලෝමීටර් 5ට පසුව මාර්ගය ඉතාම අබලන් තත්ත්වයේ පැවතීමයි. අඩුම තරමේ අප රටේ සැම අතුරුමාර්ගයක්ම පාහේ සිතියම් ගතවී ඇති Google Map එකේද මෙකී පාර කිලෝමීටර් 4කට පසුව මකාදමා තිබේ.

හැටන්, මස්කෙළිය හරහා කිරිවන්එළියට පැමිණීමෙන්ද දිය ඇල්ලට සමීප විය හැකිය. එහි යා හැකි අනිත් මාර්ගය විහිදෙන්නේ ගිනිගත්හේන හරහාය. ගිනිගත්හේන සිට ශ්‍රීපාද මාර්ගයේ පැමිණ නෝටන්බ්‍රිජ් හරහා කිරිවන්එළිය ගමට පැමිණීමෙන්ද දිය ඇල්ල නැරඹිය හැකිය. අප නිර්දේශ කරන්නේද මෙකී මාර්ග දෙකයි. එසේම වැරදිලා හෝ කළුගල හන්දියෙන් (කොළඹ සිට යද්දී) දකුණට හැරවූයේ නම් ලක්ෂපාන විදුලිබලාගාරය දක්වා මාර්ගයේ ගමන් ගැනීමෙන්ද නෝටන්බ්‍රිජ් වෙත පැමිණිය හැක. නෝටන්බ්‍රිජ් හරහා දිය ඇල්ල බැලීමට යන්නේ නම් ඔබට දිය ඇල්ල පාමුලට යන්නට ප්‍රථම දිය ඇල්ල මුදුනට ගොස් දිය ඇල්ල මුදුනේ සිට පහළ බැලිය හැක.

ලක්ෂපාන දිය ඇල්ල පිහිටා ඇත්තේ අඹගමුව ප්‍රදේශීය ලේකම් බලප්‍රදේශයේය. "අඹ" යනු ජලයට නමකි. ජලය අධිකව ඇති පෙදෙස යන අරුතින් "අඹගමුව" නාමය සෑදී ඇතැයි කියැවේ. අප රටේ වසරේ වැඩිම වර්ෂාපතනය ලබාදෙන පෙදෙස පිහිටියේද අඹගමුව ප්‍රදේශීය ලේකම් බලප්‍රදේශයේ ය. ලක්ෂපාන දිය ඇල්ලේ සිට ඇලිදෝනා දියඇල්ල නමින් හැඳින්වූ ඇබර්ඩීන් දිය ඇල්ලට ගල් පර්වතය තුළින් උමඟක් තිබූ බවට ද ජනකතා ප්‍රදේශයේ පැතිර පවතී. මෙම උමඟ පිළිබඳව දැනසිටි පුද්ගලයා කොත්තැල්ල නමින් හැඳින්වූ අතර ඔහු විසූ නිවෙස කොත්තැල්ලෙන නමින් හැඳින්වූ අතර ගමද එනමින්ම ප්‍රකට විය. කොත්තැල්ලෙන ගම පිහිටියේ දියඇල්ලට මඳක් ඉහළින්ය.

ශ්‍රී පාද වන්දනා සමය වූ මෙම කාලයේ ඔබ ශ්‍රී පාද වන්දනාවට හැටන් - නල්ලතන්නිය මාර්ගයේ ගමන් ගන්නේ නම් ඉතාම පහසුවෙන් නෝටන්බ්‍රිජ්හි සිට කිලෝමීටර් 5ක දුරක් ගෙවා පැමිණ ලක්ෂපාන දිය ඇල්ල නැරඹිය හැක.

 

ප්‍රසාද්

hadarasa

2016-03-07-ent-73
2016-03-07-ent-74
2016-03-07-ent-75
2016-03-07-ent-77
2016-03-07-ent-78
2016-03-07-ent-79

 

  



අදහස් (0)

රට මැද සොඳුරු ඇල්ල

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 638 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 307 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site