(අංජුල මහික වීරරත්න)
මෙරටට ආනයනය කරන බිත්තර බේකරි කර්මාන්තය සඳහා පමණක් යොදා ගැනීමට කෘෂිකර්ම අමාත්‍යාංශය තීරණය කරතිබේ.
බිත්තර හිඟය අවම කරලීම සඳහා රජය බිත්තර ආනයනය කිරීමට තීරණය කළේය.
නමුත් පහසුවෙන් බිත්තර ආනයනය කළ හැකි රටවල් කිහිපයකින් කුරුළු උණ වසංගත තත්ත්වය වාර්තා වූ නිසා බිත්තර ආනයනය සඳහා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව අවසර ලබා නොදුන්නේය.
රටේ පවතින බිත්තර හිඟය සහ අවශ්‍යතාවය සැලකිල්ලට ගනිමින් තාවකාලිකව බිත්තර ආනයනය කිරීම සඳහා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුව මේ වනවිට අවසර ලබා දී තිබේ.
බිත්තර ආනයනය කිරීම සහ පශු සම්පත් සංවර්ධනය සඳහා ඉදිරියේදී ගතයුතු ක්‍රියාමාර්ග පිළිබඳව කෘෂිකර්ම අමාත්‍යාංශයේදී පැවති සාකච්ඡාවකදී කෘෂිකර්ම අමාත්‍ය මහින්ද අමරවීර මහතා පැවැසූයේ ආනයනික බිත්තර භාවිත කරනු ලබන්නේ බේකරි කර්මාන්තය සඳහා පමණක් බවත්, සාමාන්‍ය පරිභෝජනය සඳහා වෙළඳසැල් වල අලෙවි කිරීමට අවසර නොදිය යුතු බවත්ය.
බේකරි වලට ආනයනික බිත්තර භාවිත කිරීම සම්බන්ධව මාර්ගෝපදේශන මාලාවක් (Guidelines ) වහාම සකස් කරන ලෙස අමාත්‍යවරයා සත්ව නිෂ්පාදන හා සෞඛ්‍ය දෙපාර්තමේන්තුවේ අධ්‍යක්ෂ ජනරාල් ආචාර්ය කේ.ඒ.සී.එච්.ඒ. කොතලාවල මහත්මියට උපදෙස් දුන්නේය.
බේකරි වල බිත්තර භාවිත කරන විට අත් ආවරණ යොදා ගැනීමටත්, බිත්තර කටු ආරක්ෂිතව බැහැර කිරීම හෝ විනාශ කිරීම කළ යුතු අතර ඉතිරි වන බිත්තර කටු පරිසරයට මුදා නොහැරීමට වග බලා ගන්නා ලෙසත් අමාත්‍යවරයා උපදෙස් දුන්නේය. කුරුළු උණ වෛරසය මෙරටට ඇතුළුවීමට කිසිසේත්ම ඉඩ නොතැබිය යුතු බවත් මෙහිදී අවධාරණය කෙරිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ රටේ ඉන්න ගොබ්බ බේකරිකාරයින් ඔය මාර්ගෝපදේශ පිළිපදියි කියලා හිතනවාද? මේක තවත් අවුලකට මුලක්...
ඒවායේ තත්වය එතරම්ම ඉහළයි. ඇතුළේ තියෙන්නේ මොනවද කියලා ජනතාවට පේන්නේ නැහැ.
ප්‍රතිපත්ති මාලා පැත්තකින් තියමුකෝ. නීති මාලාව බලමුකෝ. ඒක රකිනවාද? නැහැනේ. ඉතින් රත්තරන් මල්ලට ගුල්ලන් ගැහුවාට පස්සේ හාල් මල්ල ගැන බලන්නවත් ඕනෑද?
මේ විදියට ගියොත් මේ රටට ආණ්ඩුවක් ඕනෑ නැහැ.
විකාර කතා... ඔය කුරුළු උණ බේකරි කාරයින්ට හැදෙන්නේ නැද්ද? බිත්තර මුදලාලිගෙන් ලොකු පගාවක් ලැබිලා වගේ... බිත්තර මිල බස්සන්න නම් ලංකාවට බිත්තර පිටරටින් ගෙන්වන්න ඕනේ. ඔය නීති මොකටද බිත්තරේට පමණක්..? ඔය කියන රටවලින් සිය ගණනක් මිනිස්සු දිනපතා ලංකාවට එනවා. ඒගොල්ලොත් කොරන්ටයිම් කරන්නේ නැහැනේ... ඉන්දියාවේ ඉඳන් දහස් ගණනක් කුරුල්ලෝ ලංකාවට පියාඹගෙන එනවා දිනකට...
කුරුළු උණෙත් ලංකාවේ බිත්තර කාරයින් සහ දේශපාලුවන් මවපු දෙයක්...!