IMG-LOGO

2025 දෙසැම්බර් මස 24 වන බදාදා


රට බාර ගන්න නවීන දැනුමෙන් සන්නද්ධ වන්න

(අංජුල මහික වීරරත්න)

රටේ සිසු පරපුර 2048 වන විට රට බාර ගැනීමට හැකිවන පරිදි නවීන තාක්‍ෂණයේ සියලු අංශ පිළිබඳ දැනුමෙන් සන්නද්ධ විය යුතු බවත්, තාක්ෂණයේ නවතම දියුණුවත් සමග යාවත්කාලීන වෙමින් අනාගතය සඳහා සූදානම් විය යුතු බවත් ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ සහාය සමඟ වසර හතරකින් ආර්ථිකය ස්ථාවර කිරීමෙන් පසුව පැරණි ක්‍රමවේදයම අනුගමනය කරනවාද නැතිනම් අලුත් ක්‍රමවේදයක් ඔස්සේ දියුණු වන ලෝකයත් සමඟ ඉදිරියට යනවාද යන්න අප තීරණය කළ යුතු බව ද ජනාධිපතිවරයා කියා සිටියේය.

ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා මේ බව සඳහන් කළේ කොළඹ ආනන්ද විද්‍යාලයේ 135 වැනි වාර්ෂික ත්‍යාග ප්‍රදානෝත්සවයට අද (29) එක් වෙමිනි. 2020-2021 වර්ෂවල දක්ෂතා දැක්වූ දරුවන් ඇගයීමට ලක් කිරීම මෙහිදී සිදු කෙරිණි.

විද්‍යාලය වෙත පැමිණි ජනාධිපතිවරයා පළමුව විහාර මන්දිරය වෙත ගොස් ආගමික වතාවත්වල නිරත වූ අතර විද්‍යාලයීය පෝතක බාලදක්ෂ ආචාර හා බාලදක්ෂයන්ගේ සම්මාන මුරයකින් ජනාධිපතිවරයා පිළිගනු ලැබීය.

විද්‍යාලයේ ස්ථාපිත කර ඇති රණවිරු ස්මාරකයට පුෂ්පෝපහාර දැක්වීමට ද ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා එක්විය.

 



අදහස් (5)

රට බාර ගන්න නවීන දැනුමෙන් සන්නද්ධ වන්න

C.K.Lankaputhra Wednesday, 29 March 2023 07:30 PM

රටේ සිසු පරපුරට භාර දෙන්නෙ කොහොමද, රට භාර ගන්ට මැදමුලන නඩය ඉන්නවානෙ. ඔබ තුමාට භාර දුන්නෙ ආපහු රට ඒ ගොල්ලන්ට බාරදෙන පොරොන්දුව පිටනේ. නිකන් බොරු කතා කියන්න එපා සෑර්.

:       0       0

නිමේෂ් Wednesday, 29 March 2023 07:37 PM

2048 වෙන කොට ඔතන ඉන්න ළමයි මැදිවියේ , ඒ කියන්නේ තවම ඉගෙනගන්න ලමයින්ගේත් තාරුණ්‍යය සහ අනාගතය පහුගිය වසර 25 මාරුවෙන් මාරුවට ආණ්ඩු කරපු රනිල් සීයයි මහින්ද සීයයි එකතුවෙලා අඳුරු කරල ඉවරයි

:       0       0

Rata Perata Wednesday, 29 March 2023 07:47 PM

ඒක කරන්න තරුණයන්ට දීලා ඔය නාකි සෙට් එක ගෙදර ගිහින් නෙට්ෆ්ලික්ස් බල බල ඉන්න .තවත් රට කාලකන්නි කරන්නේ නැතුව .ඒක හොරෙක් නීතිය හමුවට ගේන්න කොන්දක් නැති මිනිහෙක් මෙයා

:       0       0

amal Wednesday, 29 March 2023 07:57 PM

2048 වෙනකම් රට කන්නද හිතාගෙන ඉන්නේ ගස්බල්ලෝ ? තව මාසෙකින් විතර ගහලා පන්නනවා මිනිස්සු එකතුවෙලා.

:       0       0

තන්තිරිමලේ දුප්පත් සිසුවා Thursday, 30 March 2023 07:27 AM

අපිත් බදු ගෙවනවා. අපේ ඉස්කෝලෙටත් එන්න.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 440 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 245 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1034 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site