කිසිම දිනක රට නොබෙදන බවත්, රට බෙදීමට තමන් විරුද්ධ බවත්, රට බෙදන කතාව අවශ්‍ය නැති බවත් විපක්ෂ නායක සහ දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්ධන් මහතා බීබීසීයට අදහස් දක්වමින් කියයි.
‘සිංහල ජනතාව වෙනුවෙන් මොකක්ද කියන්න තියෙන්නේ?‘ යැයි බීබීසිය සිංහලෙන් විසමූ ප්‍රශ්නයට සිංහල භාෂාවෙන්ම පිළිතුරු දුන් සම්බන්ධන් කීවේ සිංහල ජනතාව වෙනුවෙන් සිංහල විපක්ෂ නායකයකු කරන සියලු දේ තමා ද කරන බවයි.
විරුද්ධ විය යුතු සියලු තැන් වල දී ආණ්ඩුවට විරුද්ධ වන බවත්, යුක්ති සහගතව සහයෝගය දිය යුතු තැන් වල දී ආණ්ඩුවට සහාය දෙන බවත් නව විපක්ෂ නායක ආර් සම්බන්ධන් මහතා සිය පළමු කතාවේ දී කියා තිබේ.
ඇමැති මණ්ඩලය වැඩි කිරීමට එරෙහි වන බවත්, සියලු දෙනා ඇමැතිවරුන් වීමේ දේශපාලන සංස්කෘතිය අවසන් කළ යුතු බවත්, කෝටි 120ක් සිටින ඉන්දියාවේ ඇමැති ධුර ගණන 65ක් බවත් සම්බන්ධන් ප්‍රකාශ කළ බව බීබීසිය වාර්තා කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිල්වා මහත්තයෝ, ටිකක් ඉන්නවද? විමල් වීරවංශ මන්ත්‍රීතුමා ආසනයේ නෑ (අ)
එහෙම කියන්න එපා.එතකොට අර පන්චායුධයට මාකට් කරන්න දෙයක් නැතුව යනවා.ඔය තීරණය විජාතික කුමන්ත්‍රණයක් නොවෙයි නේද? (අ)
පසුගිය මැතිවරණ වේදිකාවල රට බෙදෙන්න යනවා, කියල කෑ ගහපු සමහර බඩගෝස්තරවාදී දේශපාලුවන්ට දැන් අලුත් මාතෘකාවක් හොයාගන්ට වෙයි වගේ තමන්ගේ පැවැත්මට. (අ)
කොහොමත් දන්න සිංහලෙන් කිව්වම මුකුත් නොතේරෙන අපේ කට්ටියට වෙන වෙන බාසා වලින් කිව්වම හොඳට රිදෙන්නම තේරෙයි කියල හිතෙනවා . (අ)
කෝ කෑගහපු අය දැන් ..අ)
නිවට බඩ ගොස්තරවාදින්ට නොතේරුනාට රටට ආදරය කරන බුද්ධිමත් අය දන්නවා සිදු වෙන දේ.රට බෙදා වෙන් කරන්න වගේම රට බේරා ගත් නායකයාව විනාශ කරන්න ගෙන යන කුමන්ත්‍රණ ජනතාව තේරුම් ගත යුතුය. (අ)
මුලින් ඔලුව දාගන්නවා. ඊට පස්සේ කද. මෛත්‍රී මහත්තය උතුම් නිවැරදි දැක්මක් තියෙන මනුස්සයෙක්. හැබැයි මේක භයානක අවදානම් සහිත වැඩක්. මෙයා රට බෙදන්නේ නැහැ කිව්වට , ෆෙඩරල් එපා කියන්නේ නැහැ. එකත් එපා කියපු දවසට විපක්ෂනායක නෙමෙයි ,අගමැති වුණත් අපිට කමක් නැහැ. මොකද අපි ජාතිවාදී නැහැ. රටක්වත් බලයවත් ජාතිවාදී පදනම මත නොබෙදිය යුතුයි. සම්බන්දන් මහතාගේ කතාවේදී කියන භාෂාව සහ සංස්කෘතිය මත පාලනය බෙදීම එකහෙලා පිලිගන්නවා. හැබැයි ඒ ෆෙඩරල් නෙමෙයි. ඒක වෙනම සංස්කෘතික , භාෂාමය පරිපාලන ආයතන හරහා සිදුවන්නක් විය යුතුයි. (අ)
සම්පන්තන් විපක්ෂනායක තුමනි , රටේ 3 වන පුරවැසියා ඔබයි. මේ තනතුර ජාතීන් අතර සමගිය , සංහිදියාව ගොඩනැගීමට භාවිත කරන්න. (අ)
මීට කලින් මේ දේ කලා නම් රටේ යුද්දයක් ඇති නොවෙන්න තිබුණා. සම්බන්දන්ලා සිරිසේනලා කවුරුත් මේ රටේ ඉපදුන මිනිස්සු. මොකක්ද කරුමෙකට දෙගොල්ලොම ජාතිවාදී වුණා. දැන්වත් සමගියෙන් ඉමු.(අ)
සිංහලයා රැවටීම ඉතා පහසු බව රනිල් හොඳින්ම දන්නා අතර ඇමරිකාව හා දෙමලු එයටත් වඩා හොඳින් දනී .කෙසේ හෝ අවසානයේ උ /නැ දෙමළුන්ට අයිති වන අතර ඇමරිකාව මෙහි මුල් බැසගෙන, සිංහලයා 3 පන්තියේ පහත් පුර වැසියෙක් බවට පත්වෙනබව ඒකාන්තය (අ)
අපි මොහුට අවස්ථාවක් දිය යුතුයි. ඔහු දමිලයෙකු වූ පමණින් ඔහු මේ රටට ආදරය නොකරන්නෙක් බව කිව නොහැක . ඔවුන් ශ්‍රීලංකා ව්‍යවස්ථාව පිළිගන්නා තුරු ඔවුන්ද අප මෙන් ශ්‍රී ලාංකිකයන්ය. මෙය සිංහල දමිළ ජාතික සමගියක මුල් අඩිතාලම වන බව නිසැකය. ජනාධිපති තුමනි , අගමැති තුමනි ඔබට මගේ උපහාරය (අ)
ජීවත් වෙන්නේ ටික කාලයයි මේ ලෝකේ. ඇයි ඒ ටික නැතිකරගන්නේ (නදී)
විරුද්ධ විය යුතු සියලු තැන් වල දී ආණ්ඩුවට විරුද්ධ විමට ඔබ තුමාලට කිසිම අවශ්‍යතාවයක් නෑ දැන් තියන ආණ්ඩුව බලයට පත් කලේ ඔබ තුමාලම තමයි ජනවාරි අට වෙනිදා. ඔබ තුමාලත් දැන් ආණ්ඩුවෙම කොටසක් (අ)
වාසනාවන්.......ජාතික නායකයන් අවැසි මොහොතක් (අ)
මම ඒ කතාව නැරඹුවා. සම්බන්දන් මහතා ගේ පරිනත බව ඉන් පැහැදිලිව පෙනුනා. කියපු දේ ඒ විදිහටම කරයි කියා අපි බලාපොරොත්තු වෙනවා. ඉන්දියාවට මුස්ලිම් ජනාධිපති කෙනෙක්, සීක් අගමැති කෙනෙක් හිටියා නම් ලංකාවට දෙමල විපක්ෂ නායක කෙනෙක් ඉඳීමේ කිසිම වරදක් නෑ. (අ)
සිංහල දෙමල මුස්ලිම් සියලු ජනයා එකට එක්ව ලස්සන රටක් හදමු අපි මේ ලංකාවේ. 1948 සිට 2015 ජනවාරි වෙනතෙක් පැවැති දුරචාරී දේශපාලනයට එරෙහිව අපි හැමෝම විරුද්ධ වෙමු. අපේ බදු සල්ලි වලින් කිසිවෙකුට සැප ගන්න ඉඩ නොතබමින් කුඩ්ඩෝ හිරයට යවමු(අ)
රට බෙදන්න නුදුන්නට අපේ සිංහල ජාතිය නැතිවෙනවා (අ)
පටන් ගන්නේ ඔහොම තමා
සිල්වා මහත්තයෝ විජාතික කුමන්ත්‍රණ එලෙසම තියෙනවා. ප්‍රශ්නය මේක කුමත්‍රණයක් කියල සමහරුන්ට නොතේරෙන එකයි . අපි විරුද්ද වන්නේ ඔහු දෙමල වීම් නිසා නොවෙයි සම්බන්දන් කියන්නේ කොටි සංවිධානයේ දේශපාලන අවශ්යතාව ඉදිරියට ගෙනියන පුද්ගලයෙක් අපි බුද්ධිමත් වෙමු .නිවැරදි අවබෝදය ලබා ගමු. (අ)
දැන් මොකද කියන්නේ විජාතික කුමන්ත්‍රණ ගැන කතාකරන අය? (නි)
රටට ආදරය කරන සියලුම ශ්‍රී ලාංකික දේශපාලකයන් තමන්ගේ දේශපාලන පැවැත්ම සඳහා ශ්‍රී ලාංකිකයන් තුළ සැකය සහ වෛරය ඇති නොකළ යුතුය. මෙතුමාගේ ප්‍රකාශය හොඳ ආරම්භයක් විය හැකිය.අද දියුණු යුගයක් මිස "එළාර -දුටුගැමුණු" යුගයක් නොවන බව කව්රුත් තේරුම් ගත යුතුය. තවමත් එම යුගයේ අදහස් ඇති දේශපාලකයන් සිංහලයන් අතර මෙන්ම දෙමළ ජාතිකයන් අතරද දකින්නට ඇත. ලෝකය දියුණු නම් මහපොළොව මත ජිවත් වෙන සෑම මිනිසෙකුම වහලෙක්වත් යටත් වැසියෙක්වත් නොවිය යුතුය. ජාතින් වශයෙන් ඇනකොටා ගනිමින් ජාත්‍යන්තර හිඟන්නන් වෙමුද? රටක් වෙනුවෙන් ශ්‍රී ලාංකිකයන් වශයෙන් ඉදිරියට යනවාද? අද ඒ මොහොතට ශ්‍රී ලංකාව පැමිණ ඇත. (අ)
බෙදන්න අපි ඉඩ දේවි කියල හිතුනද ?(අ)
මෙතුමා මිට කලින් කිව්වේ දෙමල ජනතාවගේ අයිතවාසිකම් දිනන තුරු සටන අත නොහරින බව. ඒක ගැන නෙවෙයි මේ ප්‍රශ්නය. ඇයි මේ තනතුරක් ලැබුණු ගමන් අපේ 'කවදත් ඇමති' සෙට් එක වගේ පාට වෙනස් වුනේ? (අ)
රට බෙදනවා කියන්නේ මායිම් වෙන් කරන එක නෙමෙයි. මධ්‍යම ආණ්ඩුවේ බලය බෙදීමයි. පොලිස්, ඉඩම් සහ මුදල් බලය දුන්නාම වෙනම රටක් තමා. එක තේරෙන්නේ නැති එක තමා අපේ මෝඩයන්ගේ විනාශය. කොහොමත් අපේ මිනිස්සු රජ්ජුරුවන්වත් පාවා දීල අන්තිමේදී රටත් පාවා දුන්නනේ සුද්දන්ට (අ)
වින්සේන්ට් - අපිට ' එළාර - දුටුගැමුණු' යුගයක් ඕනේ නැහැ. නමුත් අපි සිහි තබා ගත යුතු දෙය නම් ඔවුන්ට 'මුම්මුඩ චෝල මණ්ඩලම්' වලින් තොර සිතිවිල්ලක් නැති බැවි. (අ)
ඇමෙරිකා එක්සත් ජනපදය, ඉන්දියාව, ස්විට්සර්ලන්තය, ඔස්ට්‍රේලියාව වගේ රටවල් ඒකීය බව රැකගනිමින් ප්‍රාන්තරාජ්‍ය ක්‍රමයක් අනුගමනය කලත් ලංකාවේ ජාතිවාදියන් නිසා එය කිරීමට අපහසුයි. (අ)
ඕක වෙනවා මිනිස්සු ඉතිහාසය දන්නේ නැතිවුණාම. (නි)
ලස්සන වචන පේලියක් කියපු ගමන් සිංහලයා රැවටුනා.... සංහිඳියාව හිස මුදුනින් පිළිගත්තා..... හැම සිංහල එකාම සිහලයවම හංවඩු ගහනවා "ජාතිවාදියෝ" කියල ...... ඇත්තටම අපි ජාතිවාදියෝ තමය ඒත් ජාතිබේදී නොවෙයි !! දෙමල - මුස්ලිම් ජාතීන්ට තමන්ගේ ජාතියට ආදරය කරන්න පුලුවන්නම් - හොඳ නම් අපිට බැරිද එය එළිපිට කියන්න ?? සිංහලය කොච්චර ඉවසීමෙන්ද වැඩ කරන්නේ .... මොකෝ ප්‍රභාකරන් අපිව කුලුප්පු කල තරමට අපි කිව්වද "දැන් ඇති ඉවසුවා, නෙලපිය අපේ ගෙවල් දෙපැත්තේ ඉන්න දෙමල මනුස්ස්යටයි - මුස්ලිම් මනුස්සයටයි" කියලා ? සිංහලයට වෙලා තියෙන්නේ වැඩි ආදරයෙන් කුහකත්වයෙන් තොර ඇල්ම සුළුජාතීන්ට දක්වන්න ගිහින් අර ගලබොඩ හාමුදුරුවෝ කිව්වා වගේ සිංහලයා පක්ෂ - පාට වලට බෙදිලා ගිහිල්ලා ..... සුළු ජාතීන් තමන්ගේ ආගම - භාෂාව වෙනුවෙන් එකාවන්ව එක් වෙද්දී !! සෝම හාමුදුරුවෝ එදා පෙන්නුවෙත් ඔය දෙයම වෙනවා කියලා තමා !! ඔය සන්හිදියාවට උඩුබුරන හැම සිංහලයාටම පහත දෙය උපුටා දක්වමි : මහමැතිවරණ මුල්ම රැස්වීම වන උතුරු වලිකාමම් සමුළුවේදී මේ විපක්ෂනායක ඇතුළු ද්‍රවිඩ ජාතික සන්ධානයම සපථ කර දිව්රා කීවේ "මහා ඝාතක ප්‍රභාකරන්" තමන්ගේ අසහාය නායකයා කියලා පිලිගන්නවා කියලා ...... එතකොට ඔය ලංකාවේ සුළු ජාතියට මහා ජාතියෙන් හරි හරියට අරියාදු වෙනවා.... සංහිදියාව ඕනමයි.... සිංහලයා කොච්චර වරප්‍රසාද අත්විදිනවද ශිලොක්ගේ මස් රාත්තලම දෙන්න කියන වන්දිභට්ට සිංහලයාගෙන් මම අහන්නේ " දැන් එතකොට හරිද ..... සැපද ..... තියෙන සබ්බ සකලෙත් එක්ක මුළු සර්වාංගයම දීල එක්කෝ මුහුදට පැනපල්ලා.... නැත්නම් යන්න වෙන රටක් හොයාගනිල්ල.... මේ ථෙරවාදී බුද්ධ දර්ශනය පිළිගන්න අපිව ජපානෙන් වත් ස්ථිර පදිංචියට ගන්නේ නැහැ යකුනේ !! (අ)
නාමල්, හරියටම ලෙඩේ අඳුනගත්තා. මමත් බල බලා හිටියේ ලෙඩේ හැදිලා සුව කරගත්ත කෙනෙක්ගෙන්ම සුවකරගන්න පුළුවන් විදිය දැනගන්න. මේ රෝගයේ රෝග ලක්ෂණ ගැන මට අවබෝධයක් නැහැ.ඒ ගැනත් ප්‍රථිකාර ගන්න විදිය ගැනත් ඔබතුමාගේ ප්‍රාචීණ, වියත් දැනුමෙන් මට උපදෙස් ලබාදෙන්න පුලුවන්ද? ඒ වගේම ලංකාවේ හොඳම වෙදාව මට කියනවද හමුවෙන්න පුළුවන් තැනත් එක්ක. මේක ඉතින් සාමාන්‍ය දෙයක්. විශේෂයෙන් මානසික ලෙඩ්ඩු අනෙකාට ඇඟිල්ල දික්කරලා පිස්සා කිව්වට තමන්ටත් ඒ ව්‍යාධිය හෝ සංකූලතාව තියෙනවා කියලා දැනෙන්නේ නැහැනේ. (නි)
මුල මතක නැති අපේ සිංහල ජාතිය කොච්චර මෝඩද කියල මේකෙන්ම තේරෙනවා (අ)
සබන්දන් උතුර දකුණ සම්බන්ද කරන පාලමක් වේවා.දකුණේ ඉන්නේ යහපත් මිනිස්සු බව දැන් උතරේ මිනිස්සු දැනගනිවි. (අ)
"මීට කලින් මේ දේ කලා නම් රටේ යුද්දයක් ඇති නොවෙන්න තිබුණා. සම්බන්දන්ලා සිරිසේනලා කවුරුත් මේ රටේ ඉපදුන මිනිස්සු." අතීතයක් දන්නේ නැති මුණු පොතේ අය හිතන හැටි තමයි මේ.අය දන්නේ නැහැ කලින් අමිර්තලිංගම් කියල කෙනෙක් විපක්ෂ නායක කමේ හිටිය කියල.. ඒ තනතුර උපයෝගී කරගෙන ලෝකේ පුරා බොරු බේගලුත් රට පුරා ජාතිවාදයත් අවිස්සුව කියල..යුද්දෙ අරබෙන්න හේතුවත් ඒකම බවත් අවසානයේ තමන් කිරි පොවා දැඩිකළ ඒ ජාතිවාදයේ අන්තවාදයේ ගොදුරක් බවට අමිර්ත ලිංගම් පත් වුනා කියලත්..ඒ අතීතය අය නැවත ලියනවා අනිවාර්යයෙන්..(අ)
රවී ජීවන්තට දරුනු හිස්ටීරියා හෙවත් භ්‍රාන්තිය කියන මානසික ලෙඩේ තියෙනව වගේ.... ගිහින් බේත් ගන්න (අ)
අපේ රටට දෙවියන්ගේම පිහිටයි . වෙන කිසිම දෙයක් කියන්න නැහැ සිල්වා. (අ)
සම්බන්දන් මහතාගේ අදහස කොපමණ පරිනත අදහසක්ද.? ඔහු දෙමළ ජනතාවගේ පමණක් නොව සමස්ත ශ්‍රී ලාංකිකයින්ගේ විපක්ෂ නායක බව අපි දතයුතුය.මම ඔහුට සුභ පතමි. (අ)
සිල්වා ඔයාල දැකේකේ උඩින් ආපු ලොකු රැල්ල. කරන්ට් එක එන්නේ දිය යටින්. කරන්ට් එකට තමයි අහුවෙලා ගහගෙන ගිහිල්ලා මිනිස්සු ගිලිලා මැරෙන්නේ. (අ)
ඔය පලවෙනි එකනේ මේ දෙවෙනි එක. දෙමළ ජනතාවගේ ජාතික ප්‍රශ්නය සේම ඔවුන්ගේ සෙසු ප්‍රශ්න විසඳීමටද විපක්‍ෂ නායක ධුරය යොදා ගන්නා බව විපක්‍ෂ නායක ධුරයට පත් වූ ආර්.සම්බන්දන් මහතා සිය මංගල කතාව කරමින් ඊයේ පාර්ලිමේන්තුවේදී කීවේය. ඉන්දියාවේ පාලන ක්‍රමය සේ මෙරට ද ප්‍රාන්ත කිහිපයකට බෙදා උපරිම පාලන බලයක් එක රටක් තුළ එම ප්‍රාන්තවලට ලබාදිය යුතු බව ද හෙතෙම කීවේය. (අ)
මේක හොඳ වැඩක්. (අ)
පාර්ලිමේන්තුවේත් අගුපිලට වැටිච්ච ඊනියා ජාති වාදීන් දැන් මොකද කියන්නේ ? (අ)
වින්සන්ට් මැටි දැකල තියනවද. (අ)
මෙයා කියන්නේ හිස ගසා දැමීමට විරුද්ධයි ඒත් බෙල්ල බාගෙට කැපිය යුතුයි කියලා. (අ)
යහපාලකයෝ කියන දේ කරන අය නෙමෙයි. මේ කාලය තුල සිදුවුණු දේවල් ගැන බලපුවාම යහපාලනයයි කියා ගන්නා මේ ආණ්ඩුව ගැන සත පහක විශ්වාසයක් නැහැ (අ)
ඔබගේ ප්‍රකාශය ඉතාමත් සුබයි. එහෙත් අනාගතය ගැන අපි විමසිල්ලෙන් බලාසිටින්නෙමු. (අ)