
(අංජුල මහික වීරරත්න)
ලෝක බැංකුවේ සහ ආසියා සංවර්ධන බැංකුවේ පූර්ණ අන්‍යෝන්‍ය විශ්වාසය පිළිබඳ කාර්ය රාමුව යටතේ ඉහළ ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති ක්‍රියාවට නැංවීමට කැබිනට් අනුමැතිය ලැබී ඇත.
ලංකා විදුලි බල මණ්ඩලය විසින් සකස් කරන ලද 2023-2032 දිගුකාලීන සම්ප්‍රේෂණ සැලැස්ම යටතේ හඳුනාගනු ලැබ ඇති ඉහළ ප්‍රමුඛතා සම්ප්‍රේෂණ සංවර්ධන ව්‍යාපෘති මාලාවක් ක්‍රියාවට නැංවීම සඳහා පූර්ණ අන්‍යෝන්‍ය විශ්වාසය පිළිබඳ කාර්ය රාමුව යටතේ මූල්‍ය සහාය ලබා දීමට ලෝක බැංකුව සහ ආසියානු සංවර්ධන බැංකුව සිය කැමැත්ත පළ කර ඇත.
යෝජිත පූර්ණ අන්‍යෝන්‍ය විශ්වාසය පිළිබඳ කාර්ය රාමුව තුළ ක්‍රියාත්මක කිරීම සඳහා ව්‍යාපෘති 10ක් හඳුනාගනු ලැබ තිබේ. ජාත්‍යන්තර සංවර්ධන සමායතනය විසින් ලබා දීමට නියමිත ඇමෙරිකා ඩොලර් මිලියන 10ක ඇපකර පහසුකමක් ද සහිතව ලෝක බැංකුව ඇමෙරිකා ඩොලර් මිලියන 40 ක් ද ආසියා සංවර්ධන බැංකුව විසින් ඇමෙරිකා ඩොලර් මිලියන 30 ක් ද මේ යටතේ ආයෝජනය කිරීමට සැලසුම් කර ඇත.
ඒ අනුව, ලෝක බැංකුව සහ ආසියා සංවර්ධන බැංකුව විසින් එක්ව පිරිනමනු ලබන පුර්ණ අන්‍යෝන්‍ය විශ්වාසය පිළිබඳ කාර්ය රාමුව යටතේ යෝජිත ග්‍රිඩ් උපපොළ සංවර්ධනය කිරීම පිණිස ඇමෙරිකා ඩොලර් මිලියන 60ක ආයෝජන පැකේජය ලබා ගැනීමට සහ ඇමෙරිකා ඩොලර් මිලියන 10ක් වූ ජාත්‍යන්තර සංවර්ධන සමායතනය විසින් අනුග්‍රහය ලබා දෙන අවදානමෙන් සුරක්ෂිත කිරීමේ ඇපකර පහසුකම ලබා ගැනීමට අදාළව ඉදිරි පියවර ගැනීම පිණිස බලශක්ති අමාත්‍යවරයා ඉදිරිපත් කළ යෝජනාව අමාත්‍ය මණ්ඩලය විසින් අනුමත කරන ලදී.
2025 දෙසැම්බර් මස 18
280
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
184
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
992
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රට බැංකු දෙකක හොඳ හිත ගන්න වැඩසටහනක්