IMG-LOGO

2025 දෙසැම්බර් මස 22 වන සඳුදා


රට පොහොර රුහුණේ පස් ටිකත් කයි

හම්බන්තොට පසේ රසය අඩු වී ඇති බව දැනට කර ඇති පස් පරීක්ෂා කිරීම් වලින් අනාවරණය වී ඇතැයි හම්බන්තොට දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂක හේමන්ත අමරසිංහ මහතා හම්බන්තොට දිස්ත්‍රික් කාෂිකර්ම කමිටු රැස්වීමේදී පැවසීය.

අසීමිත ලෙස පසට රසායනික පොහොර යෙදීම නිසා පසේ කාබනික ගුණය පහළ වැටෙමින්  පවතී. සාමන්‍යයෙන් මෙතෙක් දැනට සිදු කර තිබෙන පස් සාම්පල් පරීක්ෂා කිරීම්වලින් අනාවරණය වී ඇත්තේ පසේ කාබනික තත්ත්වය 4% දක්වා අඩු වී තිබෙන බවයි.

වගා බිම් වලට කාබනික පොහොර නොයෙදීම වැඩිපුර රසායනික පොහොර යෙදීමට ගොවියා පුරුදුවී තිබීම මෙයට හේතුව බව හේමන්ත අමරසිංහ මහතා කීය.

හම්බන්තොට දිස්ත්‍රික්කයේ සෑම ප්‍රදේශයක්ම ආවරණය වන සේ  මෙම පස් පරීක්ෂා කිරීම් දැනට සිදු කර තිබෙන අතර සරු පස මෙසේ මැරුණු පසක් බවට පත්කිරීමෙන් අනාගතයේ දී බරපතල තත්ත්වයකට මුහුණ දීමට සිදු වීමට ඉඩ තිබෙන හෙයින් රසායනික පොහොර අසීමිත ලෙස යෙදීම අවම කරමින්  කාබනික පොහොර සඳහා යොමු කරවීමට ගොවියන් පෙළඹවීම් සිදුකරන බවද අමරසිංහ මහතා කීය.



අදහස් (0)

රට පොහොර රුහුණේ පස් ටිකත් කයි

අජිත් කරුණාරත්න Wednesday, 02 September 2015 03:41 AM

එහෙනම් හිටපු කට්ටිය පසුත් කාල වගේ. (ම)

:       0       0

තිලක්-ඩුබායි Wednesday, 02 September 2015 03:45 AM

අහවලා තවත් අවුරුදු 2 කක හිටියා නම් හොඳටෝම ඇති. සමස්ත ජනතාවටම පස් තමයි කන්න වෙන්නේ. (නි)

:       0       0

ගම්ම්මා Tuesday, 01 September 2015 10:46 AM

ඒක ප්‍රශ්නයක් වෙන්නේ පස් කන අයට තමයි (අ)

:       0       0

ඉන්දික Tuesday, 01 September 2015 10:49 AM

ඒකටත් මහින්දව අල්ලා ගනී ! (අ)

:       0       0

නිලු Tuesday, 01 September 2015 10:54 AM

හම්බන්තොට දැන් පස් විතරද රස නැති වෙලා තියෙන්නේ.......?සමහර අයට පස් කන්නයි දැන් වැඩ සිද්ද වෙලා තියෙන්නේ.(අ)

:       0       0

නිහාල් Tuesday, 01 September 2015 11:00 AM

දැන් කියයි හිටපු අය හම්බන්තොට සාරයත් උරාබීලා කියලා. (ම)

:       0       0

විජේසිංහ Wednesday, 02 September 2015 04:09 AM

මේ පිළිබඳව ලියන හැමෝම දේශපාලනය මෙතෙන්ට ඇඳෑගෙන ඇත්ත ලියන්න මෙය වෙන්නේ කෘමිනාශක නිසා බව මිනිසුන්න්ට දන්වන්න (අ)

:       0       0

බණ්ඩාර Tuesday, 01 September 2015 11:03 AM

ජන්දෙට කලින් දැන ගත්තා නම් මේකත් මහින්දගේ වැඩක් (ම)

:       0       0

සමන් Tuesday, 01 September 2015 11:03 AM

සාරය උරා බීලා වෙන්න ඇති.(ම)

:       0       0

ධම්ම Tuesday, 01 September 2015 11:12 AM

රසායනික පොහොර පාලනය කළ හැක්කේ රජයට පමණයි. හැබැයි දේශපාලකයෝ ඔය වැඩේට අතගහන්නේ නෑ. (ම)

:       0       0

සිල්වියා Tuesday, 01 September 2015 11:36 AM

ඡන්දයට ඉස්සෙලා දැනගත්තනම් කියන්න තිබුන මහින්ද සාරය හොරකම් කරලා කියලා. (බ)

:       0       0

වසන්ත Tuesday, 01 September 2015 11:44 AM

ඔබේ නොදන්නාකම ගැන සංවේග උපදවා ගන්නවා හැර වෙන් මොනවා කරන්නද? අපි කන සෑම දෙයක්ම මහ ජලය, හිරු එළිය, වාතය සහ පොළොවේ සාරයත් උරාගෙන ගස්වල හැදෙනා දේය. (ආහාර දාමය දිහා බලන්න) අපද අවසානයේ පොළොවට පස්වේ. (බ)

:       0       0

ජයමිත් Tuesday, 01 September 2015 01:41 PM

රටේ ලොකේ සිදුවන කියන හැම දෙයකටම දේශපාලනය ගාවගන්නා අය දැක්කහම පස් වල විතරක් නොවේ මොළයෙත් සාරය අඩුවෙලා කියලා හිතෙනවා. (නි)

:       0       0

නිශාන්ත Tuesday, 01 September 2015 01:45 PM

අබුද්දස්ස කාලේ! (නි)

:       0       0

චමින්ද Tuesday, 01 September 2015 01:45 PM

මෙය නම් හොඳ දෙයක් නොවේ. අනාගතයේ හම්බන්තොට ජනතාවට මොකද වෙන්නේ? අනෙක් පළාත් වල අයත් මේවා ආදර්ශයට අරගෙන රසායනික පොහොර අවම නොකළොත් අපගේ සුන්දර ශ්‍රී ලංකාවේ වස විස විතරක් ඉතුරු වේවි. කණගාටුයි අපිට වෙන්න යන දෙයට (නි)

:       0       0

දිල්ශාන් Wednesday, 02 September 2015 04:21 AM

තව ටික දවසකින් අහන්න ලැබේවි හම්බන්තොට ජනයාට පිළිකා හැදෙනව වැඩියෙන් කියල. කෘතීම පොහොර, වල් නාශක කෘමි නාශක සමඟ පිළිකා හැදීමේ ප්‍රවණතාවය වැඩි වේ කියලා (ම)

:       0       0

ඉසුරන්දි Wednesday, 02 September 2015 04:42 AM

මේ පස් කතාවෙන් බුදු අම්මෝ මිනිසුන්ට ගහන මඩක්! (අ)

:       0       0

රිචි බාලසුරිය Tuesday, 01 September 2015 04:08 PM

හම්බන්තොට පස් රස නැති නිසානේ අපේ හිටපු ජානාධිපති කුරුණෑගලින් ඡන්දය ඉල්ලුවේ , ඕක කලින් දැන සිටියා (බ)

:       0       0

ගුණසිරි Tuesday, 01 September 2015 05:17 PM

වසන්ත හරි (නි)

:       0       0

නිතේෂ් Tuesday, 01 September 2015 05:28 PM

හම්බන්තොට අයට පස් තමයි කන්න වෙලා තියෙන්නේ (නි)

:       0       0

පෙරේරා Tuesday, 01 September 2015 06:29 PM

හම්බන්තොට විතරක් නෙමෙයි, තව ටික කලක් යද්දී අරගොල්ලෝ හිටියා නම් මුළු රටේම පස් වලට ඔය ටිකයි වෙන්නේ!!! (නි)

:       0       0

පෙරේරා Tuesday, 01 September 2015 06:30 PM

ඒකනෙ සමහරු කුරුණෑගල පස් වල රස බැලුවේ!! (නි)

:       0       0

දුමින්ද Wednesday, 02 September 2015 05:44 AM

කාබනික පොහොර ගොවිතැන සරුකරාවි, මිහිමව වනසාවි (නි)

:       0       0

ලලිත් Tuesday, 01 September 2015 11:14 PM

හම්බන්තොට විතරක් නෙමෙයි,රටේම පසේ රස නැතුව යන දවස වැඩි ඈතක නෙමෙයි. පොල්ගස පොළොවේ කාබනික පොහොර උරාගන්නවා, ඉන්පසුව ඒවායින් පොල් ගෙඩි හැදුනහම පොල් මදයේ පටන් ලෙල්ල දක්වා සියලුදේම පිටරට පටවනවා. දියුණු රටවල ඒවා පසේ කාබනික ගුණය වැඩි කිරීමට පසට කවලම් කරනවා. මේ වගේ අපේ පොළොවේ කාබනික ද්‍රව්‍ය රට පටවන අවස්ථා බොහොමයි. රටේ වැඩි ප්‍රදේශයක් වැසි තිබෙන්නේ තේ,පොල්, රබර් වගාවෙන්. මේ හේතුවෙන් යම් දිනයක රට පුරාම කාබනික ගුණය විවිධාකාරයෙන් රට පටවනවා. අඩු තරමින් ඉතිරිවෙන ශාක කොටසවත් පුළුස්සා නොදමා පසට එකතුකරනවා නම් තරමක් දුරට හෝ පස රැකගත හැකිවෙනවා. (නි)

:       0       0

ලලිත් Wednesday, 02 September 2015 12:35 AM

මොන විදියේ රසයක්ද මේ කියන්නේ? හම්බන්තොට පසේ ඕනෑතරම් 'ලුණු' රස තිබෙනවා නේද? (නි)

:       0       0

හිමාල් Wednesday, 02 September 2015 03:02 AM

මේ තත්ත්වයට එක ප්‍රධානම හේතුව තමයි අධිකව රසායනික පොහොර පාවිච්චි කිරීම. පොහොර සහනාධාරය ඡන්ද ගුණ්ඩුවක් වූ නිසා අඩු මිලට පොහොර දුන්නා.ගොවියෝ අසීමාන්තිකව පොහොර පසට එකතුකළා.පොහොර සමාගම් පොහොසත් වුණා.ඒත් දීර්ඝකාලීනව පසේ සාරය වියැකී ගියා. (නි)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 292 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 192 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 995 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site