හම්බන්තොට පසේ රසය අඩු වී ඇති බව දැනට කර ඇති පස් පරීක්ෂා කිරීම් වලින් අනාවරණය වී ඇතැයි හම්බන්තොට දිස්ත්‍රික් කෘෂිකර්ම අධ්‍යක්ෂක හේමන්ත අමරසිංහ මහතා හම්බන්තොට දිස්ත්‍රික් කාෂිකර්ම කමිටු රැස්වීමේදී පැවසීය.
අසීමිත ලෙස පසට රසායනික පොහොර යෙදීම නිසා පසේ කාබනික ගුණය පහළ වැටෙමින් පවතී. සාමන්‍යයෙන් මෙතෙක් දැනට සිදු කර තිබෙන පස් සාම්පල් පරීක්ෂා කිරීම්වලින් අනාවරණය වී ඇත්තේ පසේ කාබනික තත්ත්වය 4% දක්වා අඩු වී තිබෙන බවයි.
වගා බිම් වලට කාබනික පොහොර නොයෙදීම වැඩිපුර රසායනික පොහොර යෙදීමට ගොවියා පුරුදුවී තිබීම මෙයට හේතුව බව හේමන්ත අමරසිංහ මහතා කීය.
හම්බන්තොට දිස්ත්‍රික්කයේ සෑම ප්‍රදේශයක්ම ආවරණය වන සේ මෙම පස් පරීක්ෂා කිරීම් දැනට සිදු කර තිබෙන අතර සරු පස මෙසේ මැරුණු පසක් බවට පත්කිරීමෙන් අනාගතයේ දී බරපතල තත්ත්වයකට මුහුණ දීමට සිදු වීමට ඉඩ තිබෙන හෙයින් රසායනික පොහොර අසීමිත ලෙස යෙදීම අවම කරමින් කාබනික පොහොර සඳහා යොමු කරවීමට ගොවියන් පෙළඹවීම් සිදුකරන බවද අමරසිංහ මහතා කීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එහෙනම් හිටපු කට්ටිය පසුත් කාල වගේ. (ම)
අහවලා තවත් අවුරුදු 2 කක හිටියා නම් හොඳටෝම ඇති. සමස්ත ජනතාවටම පස් තමයි කන්න වෙන්නේ. (නි)
ඒක ප්‍රශ්නයක් වෙන්නේ පස් කන අයට තමයි (අ)
ඒකටත් මහින්දව අල්ලා ගනී ! (අ)
හම්බන්තොට දැන් පස් විතරද රස නැති වෙලා තියෙන්නේ.......?සමහර අයට පස් කන්නයි දැන් වැඩ සිද්ද වෙලා තියෙන්නේ.(අ)
දැන් කියයි හිටපු අය හම්බන්තොට සාරයත් උරාබීලා කියලා. (ම)
මේ පිළිබඳව ලියන හැමෝම දේශපාලනය මෙතෙන්ට ඇඳෑගෙන ඇත්ත ලියන්න මෙය වෙන්නේ කෘමිනාශක නිසා බව මිනිසුන්න්ට දන්වන්න (අ)
ජන්දෙට කලින් දැන ගත්තා නම් මේකත් මහින්දගේ වැඩක් (ම)
සාරය උරා බීලා වෙන්න ඇති.(ම)
රසායනික පොහොර පාලනය කළ හැක්කේ රජයට පමණයි. හැබැයි දේශපාලකයෝ ඔය වැඩේට අතගහන්නේ නෑ. (ම)
ඡන්දයට ඉස්සෙලා දැනගත්තනම් කියන්න තිබුන මහින්ද සාරය හොරකම් කරලා කියලා. (බ)
ඔබේ නොදන්නාකම ගැන සංවේග උපදවා ගන්නවා හැර වෙන් මොනවා කරන්නද? අපි කන සෑම දෙයක්ම මහ ජලය, හිරු එළිය, වාතය සහ පොළොවේ සාරයත් උරාගෙන ගස්වල හැදෙනා දේය. (ආහාර දාමය දිහා බලන්න) අපද අවසානයේ පොළොවට පස්වේ. (බ)
රටේ ලොකේ සිදුවන කියන හැම දෙයකටම දේශපාලනය ගාවගන්නා අය දැක්කහම පස් වල විතරක් නොවේ මොළයෙත් සාරය අඩුවෙලා කියලා හිතෙනවා. (නි)
අබුද්දස්ස කාලේ! (නි)
මෙය නම් හොඳ දෙයක් නොවේ. අනාගතයේ හම්බන්තොට ජනතාවට මොකද වෙන්නේ? අනෙක් පළාත් වල අයත් මේවා ආදර්ශයට අරගෙන රසායනික පොහොර අවම නොකළොත් අපගේ සුන්දර ශ්‍රී ලංකාවේ වස විස විතරක් ඉතුරු වේවි. කණගාටුයි අපිට වෙන්න යන දෙයට (නි)
තව ටික දවසකින් අහන්න ලැබේවි හම්බන්තොට ජනයාට පිළිකා හැදෙනව වැඩියෙන් කියල. කෘතීම පොහොර, වල් නාශක කෘමි නාශක සමඟ පිළිකා හැදීමේ ප්‍රවණතාවය වැඩි වේ කියලා (ම)
මේ පස් කතාවෙන් බුදු අම්මෝ මිනිසුන්ට ගහන මඩක්! (අ)
හම්බන්තොට පස් රස නැති නිසානේ අපේ හිටපු ජානාධිපති කුරුණෑගලින් ඡන්දය ඉල්ලුවේ , ඕක කලින් දැන සිටියා (බ)
වසන්ත හරි (නි)
හම්බන්තොට අයට පස් තමයි කන්න වෙලා තියෙන්නේ (නි)
හම්බන්තොට විතරක් නෙමෙයි, තව ටික කලක් යද්දී අරගොල්ලෝ හිටියා නම් මුළු රටේම පස් වලට ඔය ටිකයි වෙන්නේ!!! (නි)
ඒකනෙ සමහරු කුරුණෑගල පස් වල රස බැලුවේ!! (නි)
කාබනික පොහොර ගොවිතැන සරුකරාවි, මිහිමව වනසාවි (නි)
හම්බන්තොට විතරක් නෙමෙයි,රටේම පසේ රස නැතුව යන දවස වැඩි ඈතක නෙමෙයි. පොල්ගස පොළොවේ කාබනික පොහොර උරාගන්නවා, ඉන්පසුව ඒවායින් පොල් ගෙඩි හැදුනහම පොල් මදයේ පටන් ලෙල්ල දක්වා සියලුදේම පිටරට පටවනවා. දියුණු රටවල ඒවා පසේ කාබනික ගුණය වැඩි කිරීමට පසට කවලම් කරනවා. මේ වගේ අපේ පොළොවේ කාබනික ද්‍රව්‍ය රට පටවන අවස්ථා බොහොමයි. රටේ වැඩි ප්‍රදේශයක් වැසි තිබෙන්නේ තේ,පොල්, රබර් වගාවෙන්. මේ හේතුවෙන් යම් දිනයක රට පුරාම කාබනික ගුණය විවිධාකාරයෙන් රට පටවනවා. අඩු තරමින් ඉතිරිවෙන ශාක කොටසවත් පුළුස්සා නොදමා පසට එකතුකරනවා නම් තරමක් දුරට හෝ පස රැකගත හැකිවෙනවා. (නි)
මොන විදියේ රසයක්ද මේ කියන්නේ? හම්බන්තොට පසේ ඕනෑතරම් 'ලුණු' රස තිබෙනවා නේද? (නි)
මේ තත්ත්වයට එක ප්‍රධානම හේතුව තමයි අධිකව රසායනික පොහොර පාවිච්චි කිරීම. පොහොර සහනාධාරය ඡන්ද ගුණ්ඩුවක් වූ නිසා අඩු මිලට පොහොර දුන්නා.ගොවියෝ අසීමාන්තිකව පොහොර පසට එකතුකළා.පොහොර සමාගම් පොහොසත් වුණා.ඒත් දීර්ඝකාලීනව පසේ සාරය වියැකී ගියා. (නි)