සියලු දේශපාලන පක්ෂවල අදහස් හා යෝජනා සැලකිල්ලට ගෙන ජිනීවා මානව හිමිකම් යෝජනා ක්‍රියාත්මක කිරීමේ වැඩ පිළිවෙළක් ඇරැඹීම රජයේ අරමුණ යැයි ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතා පැවැසීය. ශ්‍රි ලංකාවේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට අනුකූලව ජනතාවගේ මානව හිමිකම්ද ආරක්ෂා කර ගනිමින් ජිනීවා යෝජනා ක්‍රියාත්මක කළ යුතු බව ද ජනාධිපතිවරයා කීය.
කොළඹ කොටුවේ ජනාධිපති කාර්යාලයේදී පැය දෙකකට ආසන්න කාලයක් මේ හමුව පැවැත්විණි. ජිනීවා මානව හිමිකම් කවුන්සිලය ශ්‍රී ලංකාවට කළ යෝජනා හා සසඳ බැලීමේදී අවසන්වරට ඉදිරිපත් වු යෝජනාව ශ්‍රී ලංකාවට බොහෝ හිතකර තත්ත්වයක පවතින බව ද ජනාධිපති සඳහන් කළේය.
පාර්ලිමේන්තුව නියෝජනය කරන සහ නොකරන දේශපාලන පක්ෂ 21ක නායකයෝ සහ නියෝජිතවරු පැමිණ සිටියහ.
ශ්‍රී ලංකා නිදහස් පක්ෂය, එක්සත් ජාතික පක්ෂය, දෙමළ ජාතික සංධානය, ශ්‍රි ලංකා කොමියුනිස්ට් පක්ෂය, ලංකා සමසමාජ පක්ෂය, ප්‍රජාතන්ත්‍රවාදි පක්ෂය, ජාතික හෙළ උරුමය පිවිතුරු හෙළ උරුමය, ජාතික නිදහස් පෙරමුණ, මහජන එක්සත් පෙරමුණ, ජනතා විමුක්ති පෙරමුණ, ප්‍රජාතන්ත්‍රවාදි වාමාංශික පෙරමුණ, ශ්‍රි ලංකා මුස්ලිම් කොංග්‍රය, ලංකා කම්කරු කොංග්‍රසය ඇතුළු දේශපාලන පක්ෂ 21කට අයත් නියෝජිතයන් 80 දෙනෙක් පමණ සහභාගී වූහ. ජාතික නිදහස් පෙරමුණේ නායක පාර්ලිමේන්තු මන්ත්‍රි විමල් වීරවංශ මහතා නොපැමිණි අතර ඔහු වෙනුවෙන් පාර්ලිමේන්තු මන්ත්‍රි ජයන්ත සමරවීර මහතා සහභාගී වී සිටියේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ප්‍රථමයෙන් කරන්න ඕනෑ, බලයට ඒමේදී ජනතාව තැබූ විශ්වාසය ආරක්ෂා කරගන්න එක. ඒ සඳහා ඉතාමත් අවශ්‍යයි සත්‍යගරුක වීමත්, විනිවිදභාවයකින් කටයුතු කිරීමත්, මැතිවරණයේදී දුන් පොරොන්දු එකිනෙක ඉටුකිරීමත්. ඉන්පසු ඕනෑතරම් කණට මෘදු වචන වලින් කතා පුරවන්න පුළුවන්. (නි)
ජිනීවා ජිනීවා කිව්වට මිනිසුන්ගේ ප්‍රශ්න විසඳෙන්නේ නැහැනේ. යුද්ධය වෙනුවෙන් ජනතාව බදු ගෙවලා විශාල කැපවීමක් කළා. දැන්වත් බඩු මිල අඩුකරන්න. අපි යහපාලනයට ඡන්දේ දුන්නේ බඩු මිල අඩු කරාවිය කියන බලාපොරොත්තුවෙන්. මේ රටේ විශාල පිරිසක් නිසි පෝෂණය නොලබන මන්දපෝෂණයෙන් පෙළෙන බව සමීක්ෂණ වාර්තා වලින් පෙනීයනවා (නි)
මේ ජිනීවා ජිනීවා කියා කියා කට්ටිය යන විදෙස් සංචාර වලට විශාල රාජ්‍ය මුදල් ප්‍රමාණයක් වැයවෙනවා. අපේ රාජ්‍ය තාන්ත්‍රික විදේශ සංචාරවලදී සහභාගිවන උපරිම පිරිස 3 කට සීමාකරන්න. අපේ රටේ අයවැයෙන් විශාල මුදලක් දේශපාලකවරුන්ගේ විදේශ ගමන් සඳහා වියදම් වෙනවා. අවශ්‍ය අනෙකුත් අය චන්ද්‍රිකා තාක්ෂණය ඔස්සේ සම්බන්ධ කරගන්න. දැවැන්ත තිර සහිත සන්නිවේදන උපරකණ නිසා මේ සාකච්ඡාවන් ළඟ ඉඳගෙන කරන සාකච්ඡා හා සමානයි. වැයවන්නේ අන්තර්ජාල ගාස්තු පමණයි. ඇමෙරිකාව , එංගලන්තය වැනි රටවල විදේශ ගමන් අවම කිරීම සඳහා මේ කියන තාක්ෂණය භාවිතා කෙරෙනවා. මේ ඇතැම් ගුවන් යානා විදේශීය ගුවන් යානා. මෙම නව තාක්ෂණය භාවිතා කිරීමෙන්,වැයවන අතිවිශාල ධනස්කන්දය, විදේශ විනිමය ප්‍රමාණය ලක්ෂ 10 ක් වැනි මුදලකින් බේරාගන්න පුළුවන්. මෙම ඩිජිටල් තිර වලට වසර 25 ක් වැනි ආයු කාලයක් තිබෙනවා. හරියට බෙහෙත් ගන්න නැති රෝහල් වල පහසුකම් නැති අපේ වගේ දුප්පත් රටකට මේවා අනවශ්‍ය වියදම්. කිසියම් දේශපාලකයෙකු ඔහුගේ විදේශ ගමන් සඳහා අනවශ්‍ය පිරිස් රැගෙනගියහොත් ඊට විරුද්ධව නීතිමය ක්‍රියාමාර්ග ගත හැකි සහ ඔවුන්ගෙන් එම මුදල් අය කරගත හැකි නීති සම්පාදනය කරදෙන මෙන් අතිගරු ජනාධිපතිතුමන්ගෙන් අපි මහජනතාව විදිහට ඉල්ලීමක් කරමු. (නි)
මහින්දගේ පලුමු අවුරුදු 5 මේ ආණ්ඩුවේ අවුරුදු 1 සංසන්දනය කරලා බලන්න. දැනට මෙහෙමනම්, තව ඉස්සරහට රටේ ජනතාවට තේරේවි කරගනිපු විනාශය කොපමණද කියල (බ)
ඉස්සර යුද ජයග්‍රහණ විකුණුවා -අද හොඳ ජිනීවා යෝජනා (බ)
සියලු දේශපාලන පක්ෂ සමඟ එක මේසයක සිට එකඟතාවයකට පැමිණීම මඟින් මෙම ගැටලුව නිරාකරණය කරගැනීම සුදුසුයි. නමුත් අතීත අත්දැකීම් හඬ ගා පවසනුයේ සර්ව පාක්ෂික සමුළු, කාලය ගෙවා දැමු කතා සාප්පු පමණක් වූ බවයි. නිශ්චිත දිනයක අවසන් තීරණයට එලබිය යුතුය යන සිතුවිල්ලක සිට කටයුතු කළ යුතුය. (ම)
දනුක කියන දේ ලොකු ඇත්තක් තියෙනවා. රටේ 99% ක් බොහෝ රෝහල් වල රෝගීන්ට ප්‍රතිකාර කිරීමට අවශ්‍ය උපකරණවල විශාල හිගයක් තිබෙනවා. මේ අනවශ්‍ය වියදම් නවත්වා මේ අත්‍යවශ්‍ය කටයුතුවලට එම මුදල් යොදාගත යුතුයි. (ත)
කලින් හිටියේ විධායක ජනපති කෙනෙක් පමණයි..ඒක නැති කරන්න ගිහින් දැන් විධායක ජනපති මදිවට අගමැති කෙනෙකුත් ගෙනත්..සියල්ල අතහැර වෙස්සන්තර වෙන්න ආපු පුද්ගලයා ජනමතය කොල්ලකමින් බලහත්කාරයෙන් පක්ෂ අයිති කරගෙන තමන්ගේ එහෙයින් ලවා විධායක බලයේ ආනුභාවයෙන් පක්ෂයේ බලය තහවුරු කරගෙන මේ යන්නේ වෙස්සන්තර රජු ගිය පාරේද එහෙම නැත්නම් උරුලෑවෙක් ගිය පාරේද කියන එක තේරුම් ගැනීම ඔබට බාරයි..රටට දැයට ආදරය කරන මිනිහෙක් ජනතා මතයට පයින් ගහන්නේ නැහැ..ඒකට සමච්චල් කරන්නේ නැහැ..ඒක මංකොල්ල කන්නේ නැහැ..එහෙම කරන්න පුළුවන් මිනිහ කවදාවත් පාවල දෙන්නෙක් මිසක් දේශප්‍රේමියෙක් වෙන්නේ නැහැ.. (බ)
හැමෝගෙම අදහස් සහ යෝජනා සැළකිල්ලට ගන්නවා නම් ඉතාම හොඳයි (නි)
මෙය කියන දේවල් විශ්වාස කරන්න පුලුවන්ද ? (ම)
ඊට වඩා දෙයක් සිදුවෙනවා වගේ පෙනෙනවා ...පවුල් ගහ අායිමත් දළු දමන්න යනවා වගේ පේනවා ...ටෙලිකොම් එකේ වරාය ඇතුලේ ගහ පෙලවෙලා කියලා ආරංචියි ....ඔබ එන්න පෙර රටට මොනවද කිව්වේ කියල අමතක නම් ඕන තරම් තිබෙනවා වීඩියෝ ක්ලිප් ..කරුණාකර ඒවා නරඹන්න ..(බ)