වසර 11කට පෙර සුනාමියට හසුවූ දුම්රියේ මියගිය මගින් 1290 දෙනකුට ද පැරෑලියේ වැසියන් 200 ගණනකට ද මරු කැඳවූ සිද්ධිය සිහිකිරීමේ ගුණානුස්මරණය අද පැරෑලියේ සුනාමි ස්මාරකය අසළ පැවැත්විණි. පදුම ගබ්බාරාමයේ සර්ව රාත්‍රික පිරිත් දේශනය අද අවසන් විය. සුනාමියට හසුවූ දුම්රියේ එන්ජිම යොදාගෙන කොළඹ සිට මාතර දක්වා ධාවනය වන දුම්රිය එදා 2004 දෙසැම්බර් 26 දින දුම්රිය සුනාමියට හසුවූ වේලාවට පරෑලියේ නවතා විනාඩි පහක කාලයක් සුනාමිය සිහිකිරිමට එක්විය.
ඡායාරූප - දීපාල් ද සිල්වා
සුනාමියෙන් මියගිය අය සිහිකිරිමේ උත්සවයක් කල්මුණේ සුනාමි ස්මාරකය අසළ දි අද පැවැත්විණි. එහි පැමිණි පිරිස් මියගිය සිය ඥාතීන් සිහිවී හඩා වැළපෙන අයුරු ද දක්නට ලැබිණි.
(ඡායාරූප - වසන්ත චන්ද්‍රපාල)
හැටන් නගරයේ දී ද සුනාමිය සිහිකිරිමේ උත්සවයක් පැවැත්විණි. සර්ව ආගමික වතාවත් කිරීමෙන් අනතුරුව සුනාමියෙන් මියගිය අය සිහිපත් කර එවන් විපතක් යළි නොවේවා යැයි රැස්ව සිටි පිරිස පැතූහ.
සුනාමියෙන් මියගිය උතුරේ ජනතාව ඇතුළු ශ්‍රී ලාංකිකයන් සිහිකිරිමට අද වව්නියාව සුනාමි ස්මාරකය අසළ සුනාමි අනුස්මරණ වැඩසටහනක් පැවැත්විණි.
(ඡායාරූප රොමේෂ් මධුශංක)
සුනාමියෙන් දැඩි සේ විනාශ වී දහස් සංඛ්‍යාත පිරිසක් මියගිය හම්බන්තොට නගරයේ දී ද අද සුනාමිය සිහිපත් කැරිණි.
(ඡායාරූප - සනත් ගමගේ)











COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ පැතුමත් මෙවන් දෙයක් නොම වේවා! සියලු සතුන් සැනසේවා! (නි)
නුවන් සැනහූ සොඳුරු රලපෙල රකුසු වෙස්ගෙන වියරු වූවා . දනන් මුවරැඳී සොඳුරු හසරැලි කඳුළු සයුරක මිලින වූවා . පැතුම් පොදිබැඳි දහස්ගනනක් එකම මොහොතක නිහඬවූවා . මෙවන් විපතක් මෙලෝදනහට කිසිම දිනකදී සිදුනොවේවා . (ස)
උපනුපන් කිසිම අත්බවයක මෙවන් ව්‍යසනයක් කිසිම රටකට අත්නොවේවා. මෙය සිහිකර පින් දීම උතුම් මිනිස් ගතියක්. සහබාගි වූ සියලුම දෙනාට මගේ ප්‍රණාමය. (ස)
අනේ මින්පසු ඔයවගේ සුනාමිවලින් කිසිම විපතක් මෙරටේ ජනයාට නොවේවා! (ස)
හරිම හැගීම්බර මොහොතක්. (ස)
සුනාමියෙන් මියගිය සැමට අමාමහ නිවන්සුව අත්වේවා. (ස)
ඒ දවස මතක්වෙනකොටත් ඇඟේ හිරිගඬු පිපෙනවා (නි)