ඩෙංගු මර්ධන රාජකාරියේ යෙදී සිටි මහජන සෞඛ්‍ය පරීක්ෂකවරයකුට මෝල් ගසකින් පහරදී මරා දැමීමට විරෝධය පළ කරමින් රටපුරා සියලු මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අද වැඩවර්ජනයක් කරන බව ශ්‍රී ලංකා මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ගේ සංගමයේ ප්‍රධානී උපුල් රෝහණ මහතා කියයි.
1
මෙට්‍රො බස් සේවාව සහ ප්‍රවාහන ප්‍රතිපත්තියක් නොමැති වීමේ අවුල

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ස්තූතියි මහත්වරුනි.... සෙසු වර්ජන සදහාත් මෙවන් ප්‍රතිචාර දක්වනවා නම්.... අපිට බැන්නට කමක් නෑ... පිරිසිදුව පරිසරය තියාගෙන ආරක්ෂා වන්න...
එයා විසින්ම ගහගත්තා කියල පරීක්ෂණයක් කරලා ඉක්මනින් කියවන්න බැරිද? ආහ් ඒත් බැහැනේ පී.එච්.අයි. මැරිලානේ.
කලින් ගස්වල බැන්දා දැං...
මේ වැඩේ කරපු කෙනාට සහ සමාජයට පාඩමක් උගන්නන්න උද්ඝෝෂණ කරන එක හැර මොනවා කරන්නද? ඒ ආයුධය පමණයි රජයේ සේවකයන්ට තියෙන්නෙ..
පරීක්ෂණයක් කර හොයා බැලිය යුතුයි හේතුව මේ මරණයට.. මේ සැකකරැට එයාගෙ බලය පෙන්වන්න ගියාද දන්නෙ නැහැනෙ.. අපි හොදට දන්නවානෙ රජයේ නිලධාරීන් ගැන..
කමක් නෑ. ඩෙංගු මාසේ ඉවර වෙනකන් ස්ට්‍රයික් කරන්න. වතුර ටිකක් පෙන්නලා දඩ අය කරනවට වැඩිය ඒක හොඳයි. බහුතර PHI ලගෙ වැඩ කොළඹ හෝටල් වල කෑම වලින්ම පේනව.....
මේ ක්‍රියාවලියේ වැරැද්දක් තියනවා. මිනිසුන්ව බය කරනනේ නැතිව මේ වැඩේ කරනවා නම් මේ වගේ දේවල් වලක්වා ගන්න පුළුවන්.
පී.එච්.අයිලා වර්ජනය කළා කියලා අපිට වැඩක් නෑ.මෙයාලා වැඩ කරන කොටත් කොහොමත් ස්ට්‍රයික් වගේ තමයි
එතකොට අර පී.එච්.අයි කෙනෙක් ගස් බැද ගත්තම ඇයි වර්ජන නොකළේ?
මේ මරණය දුක්ඛදායකයි.. ඒ ගැන අපේ කණගාටුව.. දැන් ඔය මහතවරුන්ට තියෙන්නෙ ගානක් එකතුකරලා ඒ පවුලට දෙන එකයි.. ඒ එක්කම රජයෙන් රක්ෂණාවරණයක් ඉල්ලන එකයි තියෙන්නෙ.. මෙවැනි මරණයක් සම්බන්ධයෙන් අඩුම ලක්ෂ 50ක් වත් ලැබෙන්න.. එය ඔබේ අනාගතයට හොදයි.. ඉදිරියටත් මෙවැනි සිදුවීම් සිදුවුවහොත්..
ඔව් එච්චරයි අපට අඩු
මේක හරියට අඬන්න හිටපු මිනිහගේ ඇහැට ඇඟිල්ලෙන් ඇන්නා වගේ වැඩක්, මන්ද මානසික මනුස්සයෙක්ගේ මෝල්ගස් පහරකින් එම මහතා මලා, පොලිසියෙන් එම මනුස්සයව අත්‍අඩන්ගුවටත් අරන්,ඒත් මෙයාල වර්ජනය කරන්න හදනවා, වර්ජනයේ පරමාර්ථය මොකක්ද දන්නේ නැහැ? හොද අයත් ඉන්නවා, මම මෙයාලගෙන් අහන්න කැමතියි ඒ කාලේ කොටි අපේ සෙබළුන්ව මරනකොට එයාලත් මෙහෙම ස්ට්‍රයික් කලානම් කොහොම වේවිද කියලා...?
මහත්වරුණි, පස් දරු පියෙක් තව පැත්තකින් රාජ්‍ය නිලධාරියෙක් මේ වගේ රාජකාරියකට ගියාම මෙහෙම දෙයක් වුණාට පස්සේ, ඒක අසාධාරන අන්දමට විවේඡනය කරන එක හොද නෑ නේද?
මෝල් ගහෙන් ගහපු මනුස්සයට වෙග්ම මෙයාලටත් පිස්සුම තමයි...
පඩි සහිත නිවාඩුවක් ගන්න ඒ මරණය ඉත්තෙක් කරගන්න එප.. පිස්සෙක් කරපු දෙයකට ඔයාල සැලෙන්න එපා...
රට පුරා අහිංසක මිනිස්සුන්ට තමන්ගේ නිල බලයෙන් සත්තම දාලා හතර අතේ ණය වෙලා ඉන්න ආණ්ඩුවට සල්ලි මංකොල්ලකන එකට වඩා වර්ජනය කරන එක පිනක්. ඔය මෝල් ගස් පාර වැදුනේ ආණ්ඩුවේ ගොන් වැඩකට. ඒක ආණ්ඩුව තේරුම් ගත්තොත් හොඳයි. නැත්තම් ඉස්සරහටත් මෝල් ගස් තියෙන ගෙවල් වලින් මේ සංග්‍රහය ලැබෙන්න පුළුවන්. ඒ නිසා රාජකාරි කරන්න යන මිනිස්සුන්ව මරාගන්නෙ නැතුව හරි විසඳුමක් මේකට දෙන්න. මේ මරණයේ වගකීම සම්පූර්ණයෙන් ආණ්ඩුව බාර ගන්න ඕන. ඒ ගොල්ලන්ගෙ වැරදි ප්‍රතිපත්තියට විරුද්ධව මිනිහෙක් කුපිත වීමක් සිදු වුණේ.
දැන් කරන්න ඕනි වර්ජන කරන එක නෙමෙයි.අර මැරුණු පී.එච්.අයි මහත්තයාගේ අසරණ දරු පවුල වෙනුවෙන් ලංකාවේ සියලු පී.එච්.අයි ලා දවසක වැඩ නවත්තලා හරි ඔවුන් සියල්ලන්ගේ දිනක වැටුප එකතු කර එම දරු පවුල වෙනුවෙන් පරිත්‍යාග කරන එකයි
වර්ජන කළත් එකයි නොකළත් එකයි.අපි දන්නේ නැතුවයෑ ඔය අයගේ රාජකාරිය
සම්පත්, මොනවද කුඩම්මගේ සැළකිලි.මම වැඩ කරන්නෙ පුද්ගලික ආයතනයක.එක දවසක් නෙමෙයි වරුවක් මෙහෙම වර්ජනය කලොත් එවෙලෙම රැකියාවෙන් දොට්ට.අපිට වෙන්නෙ මේ වාගෙ අකටයුතුකම් නෙමෙයි.
මෙච්චර දවසක් උන්නද කියලවත් සද්දයක් නැතිව හිටපු මේ අයත් ඔන්න දැන් වර්ජනය කරන්න පටන් අරන්.ඒ පහර දීම වැරදීමකින් මන්ද මානසික පුද්ගලයෙක් අතින් වෙච්ච සිදුවීමක්.ඕකට වර්ජනය කරන්නෙ කාගෙන් පලිගන්නද?මොවුන්ගේ වගකිවයුතු නිලධාරීන්ගෙන් ඉල්ලා සිටින්නේ මේ වර්ජනය කරණ දින ගණනට ඔවුන්ට වැටුප් නොගෙවන ලෙසයි.වැඩක් නොකර වර්ජනය කරණ දිනයටත් මහජන මුදල් ලබා ගන්නවනම් ..............
කම්මලේගෙදර,ඔබ හරි.අපිරිසිස්‍දු කෑම හැමතැනම. ඒ දඩ කොහෙටද ??? . කෑමවල තත්වය එතනමයි.
මේක බොහොම බරපතල ප්‍රශ්ණයක්.. සම්පත් ඔබ හරි.. ඔයගොල්ල සද්ද නැතිව හිටියොත් ඊළගට තව මොන මොනවා උස්සන් එයිද දන්නෙ නැහැ පී.එච්.අයි. ලට ගහන්න.. අපරාදෙ රාජකාරිය කරන්න ගිහිල්ලා ජීවිතයක් නැතිවෙලා අහිංසක පුතෙක් අමාරැවෙ.. ඒ මහතට නිවන් සුව පතමි..!!
මහත්වරුනි, සහෝදර නිලධාරි මහතෙකුගේ කෘර ඝාතනයක් වෙනුවෙන් විරෝධය පලකිරීමට ඉඩදෙන්න. ඔබට නිහඩ සේවයක් සලසමින් මියගිය හා සෙසු සෞඛ්‍ය නිලධාරීන්ට සාපේක්ෂව දෙපාර්තමෙන්තුවේ කුඩම්මාගේ සැලකිලි ලබමින් සේවය කරන අප හට ඔබගේ ප්‍රතිචාර ඉතිරි කරන්නේ කලකිරීමක් හා කණගාටුවකි..
ඔය තියෙන්නෙ.. ඔන්න මහජන සේවය.. මේකෙන්ම පේනවා මේ අය කරන මහජන සේවයේ තරම.. මොකක් හරි වරදිනකල් ඉන්නෙ වර්ජනය කරන්න..
එතකොට මේ වර්ජනය කරන දිනයටත් පඩි ගෙවනවද මෙයාලට....
ඔව් මේ අය රජයෙන් වහාම ඉල්ලන්න ඕන ලංකාවෙ සියලුම මෝල්ගස් විනාශ කරන්න කියලා පනතක් ගෙන්න කියලා.. අනේ.. අනේ..
කස්ටිය මහජනයාට දඩ ගහනවා මිසක් සේවයක් කරන්නේ නැති නිසා වර්ජනය කරන එක හොඳයි