මහරගම නුගේගොඩ ගංගොඩවිල කොහුවල ආදී ප්‍රදේශයන්හි සුප්‍රසිද්ධ පන්සල් කිහිපයක් ද ඇතුළු තැන් වලින් සුදු හඳුන් ගස් 21 ක් කැපු බව කියන පස් දෙනෙක් රුපියල් ලක්ෂ පහක හඳුන් ලී ද සමඟ නුගේගොඩ බුද්ධි අංශය විසින් අත්අඩංගුවට ගනු ලැබුහ.
ඉන්දියාවේ හා පකිස්තානයේ රෙදි වෙළඳුන් මාර්ගයේ සුදු හඳුන් රට පැටවීමේ ජාවාරමකට මේ පිරිස හවුල් දැයි සොයන බව පොලීසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සල්ලි කියුවොත් ඕනෑම දෙයක් කරන මිනිස්සු තමයි මෙහෙම මිලේච්ච වැඩ කරන්නේ (දී)
කවදහරි මේ මව්බිම කාන්කාරයක් කරල තමයි මේ මෝඩ මිනිස්සු නතර වෙන්නෙ. (ස)
දඹුලුගලත් ග්‍රැනයිට් වලට හොරෙන් කඩන කාලේ වැඩි ඇතක නැහැ වගේ. (ස)
සදුන් ගහක් කපනවා කියන්නේ විනාඩි පහකින් දහයකින් කරන්න පුළුවන් වැඩක් නොවෙයිනේ. ඒක කල් වෙලා ගත වෙන හැමෝටම පේන වැඩක්. අන්න ගේකට පැනලා හොරකමක් නම් එච්චර ඉක්මනට කරලා පැනලා ගියහැකි.මේක ඔය ස්ථාන වල අයිති කරුවනුත් දැනුවත්ව සිද්ධ වෙච්ච දෙයක් වෙන්න බැරිද ?(ස)
හාමුදුරුවන් සම්බන්ධ නැතිව ද මේ දේ වුණේ (ස)
මේවා අධිරාජ්‍ය වාදීන්ගේ කුමන්ත්‍රණ. මේ බලවේග සියල්ල පරාජය කරන්න ජනතාව රජය වටා පොදි ගැසිය යුතුයි. (ස)
වල්ල පට්ට ඉවර වෙලාද ? එපා වෙලාද?(දී)
අවුරුදු කීපයකට ඇඟ බැඳලා එක්කෙනකුට සඳුන් ගස් 21 බැගින් සිටවා ඒ අවුරුදු කීපය තුල සඳුන් පැලවලට සාත්තු කරන්න නියම කලයුතුයි. (ස)
මේවට මෙච්චර ඉල්ලුමක් තියෙනවනම් ඇයි එහෙනම් මේවා අපේ රටේ නිෂ්පාදන කටයුතුවලට යොදාගන්න බැරී හොරෙන් පිට පටවන එකේ. (ස)