
(යොහාන් භාසුර)
දිට්වා සුළිකුණාටුවේ බලපෑමෙන් අතිවූ ව්‍යසනකාරී ආගාධයෙන් යළි නැඟී සිටීම දවසකින් හෝ දෙකකින් කළ නොහැකි බවත් ජාතික සැලැස්මක් සහ ජාතික ප්‍රතිපත්තියක් සමඟ යායුතු ගමනක් බවත් ‘සූරිය මල්’ ව්‍යාපාරයේ ලේකම් රවීන්ද්‍ර ප්‍රදීප් මහතා පැවසීය.
සූරිය මල් ව්‍යාපාරය නැවත ආරම්භ කිරීමේ අරමුණින් කොළඹදී පැවැති විශේෂ මාධ්‍ය හමුවකදී රවීන්ද්‍ර ප්‍රදීප් මහතා එසේ පැවසීය.
මීට වසර අනූ දෙකකට පමණ පෙර ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා, දොස්තර එස්. ඒ. වික්‍රමසිංහ වැනි ප්‍රගතිශීලි නායකයන් ආරම්භ කළ මෙම සූරිය මල් ව්‍යාපාරය, රට මුහුණදී තිබෙන මෙම ජාතික ආපදා තත්වය හමුවේ යළි ගොඩනැඟීමේ කාර්යභාරයට නිර්දේශපාලනික නායකත්වයක් සැපයීමේ අරමුණ ඇතිව නැවත ආරම්භ කිරීමට තීරණය කළ බව ද ඒ මහතා කීය.
රවීන්ද්‍ර ප්‍රදීප් මහතා එහිදී වැඩි දුරටත් මෙසේ ද පැවසීය.
“වසර අනූ දෙකකට කලින් ආරම්භ කළ සූරිය මල් ව්‍යාපාරය නැවත ආරම්භ කරන්න කල්පනා කළේ මේ වන විට දැවැන්ත වශයෙන් රට ව්‍යසනයකට මුහුණ පා සිටින අවස්ථාවක ඊට මුහුණ දීම සඳහායි. එවකට රටේ පැවැති අර්බුදකාරී තත්වයත් සමග ජනතාව වෙනුවෙන් පෙනී සිටින ජාතික ව්‍යාපාරයක් ලෙසයි, එහි මුල් නායකත්වය දැරූ පිරිස සූරිය මල් ව්‍යාපාරය ආරම්භ කරන්නේ. ඒ ව්‍යාපාරය නැවත බලගැන්වීමට සැලසුම් කර තිබෙනවා.
දශක තුනකට අධික කාලයක් පුරා පැවැති යුද්ධයත්, සුනාමි ව්‍යසනයත්, කොරෝනා වසංගතයත්, පාස්කු ප්‍රහාරයත් වගේ කාලෙන් කාලෙට විවිධ ආපදා ගණනාවකින් පසුව වගේම දැවැන්ත ආර්ථික අභියෝගයකින් පසුව, අනපේක්ෂිත මොහොතක නැවත වතාවක් අපිට මේ වගේ දැවැන්ත ව්‍යසනයකට මුහුණ දෙන්න සිදු වුණා. ආපදාව හේතු කරගෙන අවුරුදු ගණනාවක් පුරා දැවැන්ත වෙහෙසක් අරගෙන මිනිස්සු හරිහම්බ කරගත් සියල්ලමත්, දහස් ගණනින් මිනිසුනුත්, මහපොළවට සමතලා වුණු මේ මොහොතේ කල්පනා කළ යුත්තේ මේ ව්‍යසනයෙන් අපි නැවත නැඟිටින්නේ කොහොමද කියන කාරණාව පිළිබඳවයි. අද මේ ව්‍යසනය අවස්ථාවේ ආපදාවට පත්වූවන් වෙනුවෙන් මිනිස්සු හාල් ටික පරිප්පු ටික අරගෙන යද්දි අපිට සිහි ගැන්වෙන්නේ, එදා ආචාර්ය ඇන්. ඇම්. පෙරේරා ඇතුළු කණ්ඩායම එවැනිම ආපදා වූ අවස්ථාවල විශේෂයෙන්ම මැලේරියා වසංගතයෙන් දහස් ගණනක් මිනිස්සු මිය ගිය අවස්ථෙව් කටයුතු කළ ආකාරයමයි.
අපිට නැවත වතාවක් ආපදා ඇති නොවේ යැයි සිතන්න බැහැ. එහෙම නොවේවා කියලා අපි ප්‍රාර්ථනා කළත්, අපිට එහෙම ඇති නොවෙයි කියලා උපකල්පනය කරන්න බැහැ. ඒ නිසා අපි නැවත එවැනි ආපදාවක් ආවොත් කොහොමද ඒකට මුහුණ දෙන්නේ කියන එක ගැන දැන්ම අපිට සැලසුමක් තිබිය යුතුයි. ඒ වගේම මේ වගේ ආපදාවක් වුණාම සිද්ධ වෙන ආර්ථික හානිය ඉතාම ඉහළයි. සෑම ක්ෂේත්‍රයක්ම කඩා වැටෙන්නට ඇති ඉඩ වැඩියි” යැයි ඒ මහතා වැඩි දුරටත් සඳහන් කළේය.
‘සූරිය මල්’ ව්‍යාපාරයේ කමිටු සාමාජිකයන් වන රොහාන් කෝදාගොඩ, සමදරා ජයසිංහ, පේශල සේරසිංහ සහ වෛද්‍ය චූලා සේනාරත්න යන මහත්ව මහත්මීහු ද මෙම මාධ්‍ය හමුවේදී අදහස් දැක්වූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
92ක් පරණ මළකුණක් නැවත ගොඩ අරං අපේ සාක්කුවට කීයක් හරි දාගන්න බලමු. එන්න හැමෝම රට ගොඩගන්න... නැවත නැවත ගොඩගන්න. රාජපක්ෂලා වගේ ගොඩගන්න. මේ අන්තිම අවස්ථාවයි...
ඔන්න තව සෙට් එකක් බොර දියේ මාළු බාන්න සෙට් වෙනවා වගේ. අනේ මේ වගේ මිනිස්සු. කරන මගුලක් දැනට රජයෙන් කරගෙන යන වැඩපිළිවෙළට සහාය දීලා කරන්න පුළුවන් කම තියෙන්නේ. ඇවිල්ලා වෙන බයිලා කියවනවා. අනිත් එක ජනතාවගේ කතාවක්වත් මේ වගේ දීර්ඝව වාර්තා කරන්නේ නෑ. හරි වෙනස් නේද?
මේ අයට එකවුන්ට් වලට කවුරුත් සල්ලි හෝ ආධාර කරන්න එපා. රජයේ ගිණුම් වලට පමණක් කැමැතිනම් දාන්න.
රටේ ස්වභාවික විපතක් සිදුවුණු හැම අවස්ථාවකදීම මම අහපු වචන පේලි දෙක තමයි ... ජාතික සැලැස්ම... දෙයියන්ගේ නාමෙන් එම වචන දෙක.... ජාතික බොරුවක් ... නොවන විදිහට මාලිමා රජයවත් කටයුතු කරනවා නම් බොහොම හොදයි... බොහෝම පින්...
නන්දන කියනවා රජයේ ගිණුම් වලට සල්ලි දාන්නලු. රජය කරන්නේ පැලවත්තේ උදවිය බව රටම දන්න නිසා ඒ දේට තමයි වැඩියෙන්ම බය...