එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලය වෙත ඇමෙරිකාවෙන් ඉදිරිපත් කිරීමට සැරැසෙන ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවට එරෙහි තානාපති කාර්යාල දැනුම්වත් කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භකරන බව නීතීඥ සංගම් හතක නියෝජිතයෝ පවසති.
ශ්‍රී ලංකා නිදහස් නීතීඥ සංවිධානය , ශ්‍රී ලංකා තරුණ නීතීඥ සංවිධානය ,ශ්‍රී ලංකා නිදහස් කාන්තා නීතීඥ සංවිධානය,යුක්තිය උදෙසා නීතීඥ එකමුතුව,ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් සුරැකීමේ නීතීඥ සංවිධානය ,ශ්‍රී ලංකා නිදහස් නීතීඥ සංවිධානය යන නීතීඥ සංගම් හතෙන් සැදුම්ලත් නීතීඥ සංවිධාන ජාතික එකමුතුව මේ වැඩපිළිවෙළ දියත් කිරීමට නියමිතය.
2025 දෙසැම්බර් මස 30
13
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
699
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
332
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
රටේ නම රැකගන්න නීතීඥ සංගම් පෙරමුණේ
අසංග Tuesday, 14 January 2014 11:14 AM
ඉතාමත් හොඳ වැඩක්.නීතීඥ සංවිධානයට අපේ උනුසුම් සුබ පැතුම්. (දී)
සමීර රත්නායක Tuesday, 14 January 2014 02:18 PM
නීතීඥ සංගම් එකතු වී රට බේරා ගන්න කරන මේ උත්සායහ ඉතසිතින් අගයමි (දී)
දර්ශන Tuesday, 14 January 2014 03:19 PM
චන්දිම, බටහිර රටවලට ලංකාවේ බුද්ධාගම නැතිකරන්න ඕනනම්, එම රටවල්වල හැම නගරයකම පන්සල් තියෙනවා.නමුත් බටහිර ජාතින් ඒවා කඩන්නේ නැහැනේශ්‍රීලාංකික බෞද්ධයන්ට තමන්ගේ අගමඇදහීමේ නිදහස තහවුරු කරලා තියෙනවා.අපේ රටේ වගේ නෙවෙ මුලික මිනිස් අයිතිවසිකම් වලට ගරුකරනවා.යුරෝපයේ ජීවත්වෙන උදවිය මේ ගැන ඇත්ත කියන්න. (දී)
මාෂි Monday, 13 January 2014 10:45 PM
ජාත්‍යන්තර බල වේග පරාජයට සියලු සිවිල් ජනතාවද ඔබ සමගයි. රටේ යහපත උදාකරන්නට බලාපොරොත්තුවන නීතිඥ මහතුන්ට ඔබලාගේ සේවය නීති ගරුකව අවංක හරිහැටි ඉටුවුනා නම් කිමද මෙතරම් මෙරට අපරාද.(නදී)
පුංචි බංඩා Monday, 13 January 2014 11:04 PM
කී දෙනෙක් මේ සමිති වල ඉන්නවද කියල දැනගන්න ඕනා.(නදී)
සත්‍යයා Tuesday, 14 January 2014 04:07 PM
දර්ශන, චන්දිම කියන්න හදන දේ ඔබ වරදවා වටහාගෙනයි කතා කරන්නේ. මෙහි බටහිර රටවල් කියා කියන්නේ ඒ රටවල ජනතාව නොව අන්තවාදී අදහස් දරන පාලකයින් හා ආගමික සංස්ථායි. 60 දශකයේ වියට්නාමයේ ලක්ෂ ගණනින් මිනිසුන් ඝාතනය කළේ ඇමෙරිකානු හමුදා මිස පොදු ජනතාව නොවේ. හිටපු ජනාධිපත් බිල් ක්ලින්ටන් පවා ශිෂ්‍යයෙකු ලෙස ඊට විරුද්ධව පෙළපාලි ගියා. ඇත්තෙන්ම ලංකාවේ බෞද්ධ ශිෂ්ටාචාරය විනාශ කරන්න විදේශීය කුමන්ත්‍රණයක් තියෙනවා.(නදී)
සත්‍යා Tuesday, 14 January 2014 06:31 AM
රට බේරගන්න ඉදිරි පත් වෙන එක නම් බොහොම හොඳ දෙයක්. හැබැයි ඕගොල්ලන්ගේ ඇඟේ එල්ලිලා දිවි ගලවා ගන්න කවුරු හරි උත්සාහ කරනවා නම් ඒවට ඉඩ තියල ඔය සංගම් වල නම කැත කර ගන්න එපා. (දී)
පද්මපානි Tuesday, 14 January 2014 06:33 AM
කරුණාකර සුදු වැන් සංස්කෘතිය ගැනත් සොයා බලන්න. නැත්නම් ඕගොල්ලන්ගේ වැඩ ගැන ජාත්‍යන්තරය ඒ තරම් සැළකිල්ලක් දක්වන එකක් නැහැ. (දී)
චන්දිමා Tuesday, 14 January 2014 07:47 AM
අනේ මන්දා ඔය කරන දෙයක් දිගින් දිගටම කරගෙන යන්නයි ඕනි. ඔය තමිල්නාඩු කට්ටියගෙන් අපේ රට බේර ගන්න නම්. ලෝකෙ පවතින කං අපිටත් ඔය කරුමෙට මූන දෙන්න වෙනවා. බටහිර මිනිස්සු මේකට එකතු වෙන්නේ වෙන දේකට නෙමෙයි අපේ බුදුදහමත් ඔය ගමන්ම නැතිකරල දාන්න හිතාගෙනයි.(දී)
මාශි Tuesday, 14 January 2014 07:58 AM
මුළු රට වැසියන්ගේ ආශීර්වාදය !,අප ඔබ සමගයි .නීති සංගම් හතක් තියේනම් රට අභ්‍යන්තර අටළු විසදීමට නීති ,අනපනත් යථාවත් කරන්නට තවත් කල් නොගන්නේනම් යහපත් .(දී)
අල්විස් Tuesday, 14 January 2014 08:24 AM
තවමත් ප්‍රමාද නැහැ. මෙවැනි සාමුහිකත්වයක් සමස්ත රට තුලම ඇතිවිය යුතුයි. වෙන්වී කේලාම් කීමෙන් පුද්ගලික ප්‍රයෝජනයක්වත් කොටි හිතවාදීන්ට ලැබෙන්නේ නැහැ. (දී)
නුවන් Tuesday, 14 January 2014 08:37 AM
ලොකු කට්ටිය වැරදි කරනවා පොඩි කට්ටිය මඩ හෝදනවා. (දී)
පෙරුමාල් Tuesday, 14 January 2014 09:29 AM
මානව හිමිකම් කොහොම වුනත් රටේ නම රැක ගන්න එක නම් ලොකු දෙයක් (දී)