එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලය වෙත ඇමෙරිකාවෙන් ඉදිරිපත් කිරීමට සැරැසෙන ශ්‍රී ලංකාවට එරෙහි යෝජනාවට එරෙහි තානාපති කාර්යාල දැනුම්වත් කිරීමේ වැඩපිළිවෙළක් ආරම්භකරන බව නීතීඥ සංගම් හතක නියෝජිතයෝ පවසති.
ශ්‍රී ලංකා නිදහස් නීතීඥ සංවිධානය , ශ්‍රී ලංකා තරුණ නීතීඥ සංවිධානය ,ශ්‍රී ලංකා නිදහස් කාන්තා නීතීඥ සංවිධානය,යුක්තිය උදෙසා නීතීඥ එකමුතුව,ප්‍රජාතන්ත්‍රවාදය හා මානව හිමිකම් සුරැකීමේ නීතීඥ සංවිධානය ,ශ්‍රී ලංකා නිදහස් නීතීඥ සංවිධානය යන නීතීඥ සංගම් හතෙන් සැදුම්ලත් නීතීඥ සංවිධාන ජාතික එකමුතුව මේ වැඩපිළිවෙළ දියත් කිරීමට නියමිතය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතාමත් හොඳ වැඩක්.නීතීඥ සංවිධානයට අපේ උනුසුම් සුබ පැතුම්. (දී)
නීතීඥ සංගම් එකතු වී රට බේරා ගන්න කරන මේ උත්සායහ ඉතසිතින් අගයමි (දී)
චන්දිම, බටහිර රටවලට ලංකාවේ බුද්ධාගම නැතිකරන්න ඕනනම්, එම රටවල්වල හැම නගරයකම පන්සල් තියෙනවා.නමුත් බටහිර ජාතින් ඒවා කඩන්නේ නැහැනේශ්‍රීලාංකික බෞද්ධයන්ට තමන්ගේ අගමඇදහීමේ නිදහස තහවුරු කරලා තියෙනවා.අපේ රටේ වගේ නෙවෙ මුලික මිනිස් අයිතිවසිකම් වලට ගරුකරනවා.යුරෝපයේ ජීවත්වෙන උදවිය මේ ගැන ඇත්ත කියන්න. (දී)
ජාත්‍යන්තර බල වේග පරාජයට සියලු සිවිල් ජනතාවද ඔබ සමගයි. රටේ යහපත උදාකරන්නට බලාපොරොත්තුවන නීතිඥ මහතුන්ට ඔබලාගේ සේවය නීති ගරුකව අවංක හරිහැටි ඉටුවුනා නම් කිමද මෙතරම් මෙරට අපරාද.(නදී)
කී දෙනෙක් මේ සමිති වල ඉන්නවද කියල දැනගන්න ඕනා.(නදී)
දර්ශන, චන්දිම කියන්න හදන දේ ඔබ වරදවා වටහාගෙනයි කතා කරන්නේ. මෙහි බටහිර රටවල් කියා කියන්නේ ඒ රටවල ජනතාව නොව අන්තවාදී අදහස් දරන පාලකයින් හා ආගමික සංස්ථායි. 60 දශකයේ වියට්නාමයේ ලක්ෂ ගණනින් මිනිසුන් ඝාතනය කළේ ඇමෙරිකානු හමුදා මිස පොදු ජනතාව නොවේ. හිටපු ජනාධිපත් බිල් ක්ලින්ටන් පවා ශිෂ්‍යයෙකු ලෙස ඊට විරුද්ධව පෙළපාලි ගියා. ඇත්තෙන්ම ලංකාවේ බෞද්ධ ශිෂ්ටාචාරය විනාශ කරන්න විදේශීය කුමන්ත්‍රණයක් තියෙනවා.(නදී)
රට බේරගන්න ඉදිරි පත් වෙන එක නම් බොහොම හොඳ දෙයක්. හැබැයි ඕගොල්ලන්ගේ ඇඟේ එල්ලිලා දිවි ගලවා ගන්න කවුරු හරි උත්සාහ කරනවා නම් ඒවට ඉඩ තියල ඔය සංගම් වල නම කැත කර ගන්න එපා. (දී)
කරුණාකර සුදු වැන් සංස්කෘතිය ගැනත් සොයා බලන්න. නැත්නම් ඕගොල්ලන්ගේ වැඩ ගැන ජාත්‍යන්තරය ඒ තරම් සැළකිල්ලක් දක්වන එකක් නැහැ. (දී)
අනේ මන්දා ඔය කරන දෙයක් දිගින් දිගටම කරගෙන යන්නයි ඕනි. ඔය තමිල්නාඩු කට්ටියගෙන් අපේ රට බේර ගන්න නම්. ලෝකෙ පවතින කං අපිටත් ඔය කරුමෙට මූන දෙන්න වෙනවා. බටහිර මිනිස්සු මේකට එකතු වෙන්නේ වෙන දේකට නෙමෙයි අපේ බුදුදහමත් ඔය ගමන්ම නැතිකරල දාන්න හිතාගෙනයි.(දී)
මුළු රට වැසියන්ගේ ආශීර්වාදය !,අප ඔබ සමගයි .නීති සංගම් හතක් තියේනම් රට අභ්‍යන්තර අටළු විසදීමට නීති ,අනපනත් යථාවත් කරන්නට තවත් කල් නොගන්නේනම් යහපත් .(දී)
තවමත් ප්‍රමාද නැහැ. මෙවැනි සාමුහිකත්වයක් සමස්ත රට තුලම ඇතිවිය යුතුයි. වෙන්වී කේලාම් කීමෙන් පුද්ගලික ප්‍රයෝජනයක්වත් කොටි හිතවාදීන්ට ලැබෙන්නේ නැහැ. (දී)
ලොකු කට්ටිය වැරදි කරනවා පොඩි කට්ටිය මඩ හෝදනවා. (දී)
මානව හිමිකම් කොහොම වුනත් රටේ නම රැක ගන්න එක නම් ලොකු දෙයක් (දී)