
(අංජුල මහික වීරරත්න)
විවිධ හේතූන් මත මෙරට රාජ්‍ය සේවය අතහැර විදෙස් ගත වූ විශේෂඥ වෛද්‍යවරුන්ට නැවැත සේවය සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන ලෙස සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා විදේශගතව සිටින විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් විශේෂ ඉල්ලීමක් කළේය.
අමාත්‍යවරයා මේ බව සඳහන් කළේ එක්සත් රාජධානියේ සිදු කළ සංචාරය අතරතුර එරට මහකොමසාරිස් කාර්යාලය විසින් සංවිධානය කර තිබූ වෛද්‍යවරුන්ගේ හමුවක් අමතමිනි.
මෙහි දී වැඩිදුරටත් අදහස් දැක් වූ සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍යවරයා ශ්‍රී ලංකාවේ විශේෂඥ වෛද්‍යවරුන්ගේ හිඟයක් පවතින බවත්, එබැවින් මෙරටින් බිහි වූ විශේෂඥ වෛද්‍යවරුන්ගේ සේවාව මේ අවස්ථාවේ රටට අත්‍යාවශ්‍ය බවත් අවධාරණය කළේය.
විශේෂයෙන්ම පවතින ආර්ථික හා සමාජ වටපිටාව තුළ විශේෂඥ වෛද්‍යවරයකු බිහි කිරීම සඳහා දීර්ඝ කාලයක් ගතවන බව සඳහන් කළ අමාත්‍යවරයා එබැවින් මෙරටින් බිහි වු විශේෂඥ වෛද්‍යවරුන්ට මේ අවස්ථාවේ සිය සේවාව මව්රට වෙනුවෙන් කරන්නට යුතුකමක් පවතින බව සඳහන් කළේය
වැඩිදුරටත් අදහස් දැක්වු අමාත්‍යවරයා විවිධ හේතුන් මත පසුගිය කාලයේ විදේශගත වු ශ්‍රී ලාංකීය විශේෂඥ වෛද්‍යවරුන් නැවත සේවය සඳහා ශ්‍රී ලංකාවට පැමිණෙන්නේ නම් සියලු සේවා පහසුකම් සහිතව නැවත ඔවුන් අදාළ ශ්‍රේණිවලම පිහිටු වීමට කටයුතු කරන බවත් ඔවුනට අවශ්‍ය සියලු පහසුකම් ලබා දීමට ක්‍රියාකරන බව ද පැවසීය.
ප්‍රජාතන්ත්‍රවාදය සඳහා වු වෙස්ට්මිනිස්ටර් පදනමේ (WFD) ආරාධනයෙන් එක්සත් රාජධානියේ පසුගිය දා කළ සංචාරය අතරතුර ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය මෙම වෛද්‍ය හමුව සංවිධානය කරනු ලැබීය.

 2025 ඔක්තෝබර් මස 08										
										
										 1775										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 08										
										
										 1775										
										
											 0										
									
								හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.
 2025 ඔක්තෝබර් මස 01										
										
										 1457										
										
											 0
								
									
										
											2025 ඔක්තෝබර් මස 01										
										
										 1457										
										
											 0										
									
								2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට
 2025 සැප්තැම්බර් මස 23										
										
										 521										
										
											 0
								
									
										
											2025 සැප්තැම්බර් මස 23										
										
										 521										
										
											 0										
									
								ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන
රට ගිය දොස්තරලා ආවොත් හිටපු ශ්‍රේණියම දෙයි