(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න)
ඉකුත් වසර පහක කාලයේදී විශේෂඥ වෛද්‍යවරුන් අසූ දෙදෙනකුට සේවය හැරයෑමේ රතු නිවේදන නිකුත් කර ඇති බව සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය.
මේ සම්බන්ධයෙන් කළ සොයා බැලීමක දී දැන ගන්නට ලැබුණේ මෙම වෛද්‍යවරුන්ගෙන් බොහෝ පිරිසක් විදේශ පුහුණුව සඳහා ගොස් නැවත නොපැමිණි බවයි.
ඉහත කාල සීමාවේ දී වෛද්‍යවරුන් හත් දෙනකු ඉල්ලා අස්වී ඇතැයි ද ඔහු කීවේය.
ස්ථිර ලෙස වෙනත් සේවාවන් සඳහා විශේෂඥ වෛද්‍යවරුන් පනස් හත් දෙනකු මුදා හැර ඇති බව පැවැසූ අමාත්‍යවරයා වෛද්‍යවරුන් 233 දෙනකු විශ්‍රාම ගොස් ඇතැයි ද සඳහන් කළේය.
ඔහු මෙසේ පැවැසුවේ මන්ත්‍රී නිශාන්ත සමරවීර මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් 1139ක හිඟයක පවතින බව සෞඛ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවැසීය. රජයේ රෝහල්වල විශේෂඥ වෛද්‍යවරුන් දැනට 2042 ක් සිටින බව ද ඔහු කීවේය.
පසුගිය කාලයේදී රට ගිය විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් ලංකාවට පැමිණ ඇත්තේ සියයට හතළිහක් පමණක් බවත් දැන් එය 65 දක්වා හොද මට්ටමකට වර්ධනයවී ඇති බවත් අමාත්‍යවරයා පැවැසුවේය. විශේෂඥ වෛද්‍යවරුන්ගෙන් දෙසීය එක් දෙනකු වයස හැටට වැඩි අය බවත් පන්සිය හතළිස් හයක් වයස 55-60 අතර අය බවත් හෙතෙම ප්‍රකාශ කළේය.
විශේෂඥ වෛද්‍ය සංඛ්‍යාව වැඩි කිරීමට (කාඩර් එක) කටයුතු කරගෙන යන බව ද අමාත්‍යවරයා පැවැසීය.
හිතු හිතූ විදියට විශේෂඥ වෛද්‍යවරුන් බිහි කළ නොහැකි බව ද ඔහු සඳහන් කළේය.
පසුගිය කාලයේ දී රට හැර ගිය විශේෂඥ වෛද්‍යවරුන් පිරිසක් පැමිණ ඇතැයි පැවැසූ අමාත්‍යවරයා සෙසු අයත් එසේ පැමිණෙනු ඇතැයි බලාපොරොත්තු වන බව ද සඳහන් කළේය.
ඒ අයට පැමිණීමට ආරාධනා කරන බවත් පැමිණීමට ඇති බාධා තිබේ නම් ඒවා ඉවත් කර දෙන බවත් ඔහු පැවැසීය
2025 දෙසැම්බර් මස 18
160
0
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
149
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
957
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
රට ගිය විශේෂඥ වෛද්‍යවරුන්ට ඇමැතිගෙන් ආරාධනයක්
de silva Friday, 08 August 2025 10:33 AM
මොන ආරාධනා ද , නඩු දමා රජයට සිදු වූ අලාභය අයකර ගන්නවා මිසක් දේපල තහනම් කර හරි අලාභය අයකරගන්න ඕනේ. අලුතෙන් දොස්තරලටත් පාඩමක් ඉගෙන ගන්නත් එක්ක මේ ගොල්ලෝ ලව් කර කර ඉන්නවා.
ලූට මූස්Friday, 08 August 2025 11:44 AM
ඇමතිතුමා කියන විදියට ඉන්න ටිකත් ආරක්ෂා කරගෙන, අනිත් අයත් කොහොම හරි ගෙන්න ගන්න උත්සාහ කරනවා ඇරෙන්න ඔහේ කියන විදියට කලොත්, එතකොට ඒ රාජකාරිය කොරන්නේ ඔහේගෙ ලොකු අප්පොච්චිද?
සිද්දීක්Friday, 08 August 2025 11:48 AM
හලෝ මෝඩ සිල්වෝ, එතකොට ඒගොල්ලො රට දාල යන තැනට රට බංකොලොත් කරපු දේශපාලුවන්ට ඔහේ ඔය කියන ටික කරන්න කියන්නෙ නැත්තෙ මොකද?
කොන්දොස්තර Friday, 08 August 2025 10:37 AM
වෛද්‍යවරුන් වරියන් හිගවීම පුදුමයක් නැහැ. ජනතාවගේ බදු මුදලින් පළමු වසරේ සිට ඉගෙනුම ලබා වෛද්‍ය සේවයේ නොයෙදේ වෙනවෙන බහුබූත කරන්න ගියාම එහෙම වෙනවා රජයෙනුත් ඉගෙනුම ලබා පුද්ගලික ලාභ ප්‍රයෝජන වෙනුවෙන් සේවය හැර යනවා නම් ඔවුන්ට රජයෙන් එක වසරේ සිටම ලබාදුන් අධ්‍යාපන වටිනාකම සියයට පනහක් බැගින් වැල්පොලිය සමග ගෙවීම අනිවාර්ය වූ නීතියක් හදන්නම ඕනේ. එහෙම නොකර මේ රට හදන්න නම් බැහැ.
සිද්දීක්Friday, 08 August 2025 03:40 PM
ඉතිං එහෙනම් ඔහේට කොන්දොස්තර කෙනෙක් නොවී, දොස්තර කෙනෙක් වෙන්න තිබුණානේ...