අට මාසයක දරුවා සැමියාට බාරදී රට රැකියාවකට ගිය පානදුර ප්‍රදේශයේ කතක ඇගේ අලුත් සැමියා සමග නුගේගොඩ ලොතරැයි කූඩුවක සිටියදී සොයාගත් බව පොලිසිය කියයි.
අවුරුදු 10කට පෙර රට ගිය ඇය වසර අටකට කලින් ලංකාවට පැමිණ හෝමාගම පුද්ගලයකු හා පවුල් කමින් සිටි බවත් පරණ සැමියා ඇය සොයාගෙන ඇගේ අලුත් සැමියාද සමග පොලිසියට රැගෙන ගිය නමුත් ඇය පරණ සැමියා සමග ජීවත් විය නොහැකි බව කියා ගිය බවත් ඇය තම දියණිය සමග වචනයක්වත් කථා නොකළ බවත් පොලිස් ආරංචි කියයි.
පවුල යළිත් එකතු කිරීමට ගත් උත්සාහය අසාර්ථක වූ බවද පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මගේ වයිෆ් ෆේස්බුක් එකේ මීට් වුණ කෙනෙක් එක්ක සම්බන්ධයක් පටන් අරන්. පැනලා යන්න හැදුවා. වයිෆ්ට දුන්නා හොඳට කුරුණෑගල හොස්පිට්ල් එකේ ඉන්න. ඊට පස්සේ ඔක්කොම හරි. (බ)
ක්‍රිෂාන්, අපරාදේ කන පැලෙන්න දෙකක් දීල එලවන්න තිබුනේ ගෙදරින්. ඔය වගේ ගැණු තියාගන්න නරකයි. (බ)
ක්‍රිෂාන් නම් හරිම පව්. තමන්ට කැමති නැති කෙනෙක් බිරිඳ උනත් බලෙන් තියාගෙන්නේ ඇයි.(රේ)
ක්‍රිෂාන් අපේ මිනිහත් fb කෙල්ලෙක් දාගෙන, ඔයාට බැරිද ඇවිත් දෙකක් දෙන්න පුසා වගේ ගෙදර තියාගන්න.(රේ)
අලුත් රස හොයාගෙන යන ඕනෑම කෙනෙක් එක තැන නවතින්නේ සුළු කාලයයි. ආයෙත් තව අලුත් රසක් හොයන ඒ අයගේ ගමන කවදාවත් නවතින්නේ නැහැ. (නි)
මාර ලැජ්ජයි හලෝ. බලෙන් ගැනු තියා ගන්න හදන්නේ. (රේ)
එහෙමනම් අපිටත්fb idඑක දෙන්නකෝ(රේ)
මිලානෝ වල නම් කිසි ප්‍රශ්නයක් නැහැ අක්කලා වැහි වැහැලා. නවාතැනත් එක්කම.(රේ)
ක්‍රිෂාන් යන්න හදන කෙනෙක්ව තියා ගන්න එපා ආය යනවමයි(රේ)
තමංගෙම දරුවා එපා උන පුදුම අම්ම කෙනෙක් මේ නම් (රේ)
මේ ශරීර කුඩුව වත් අපිට අයිති නැති කොට අපි කොහොමද වෙනත් ශරීර කුඩුවකට තණ්හාවෙන් , අයි ති කරගන්න හදන්නේ? (රේ)
ක්‍රිෂාන් ඔබ බෞද්ධයෙක්නම් ටිකක් හෝ දන්නව ඇති කමසන්ගත හිත පිනවන්ට යොමුවන කාමතුරයන්ට වන ආධීනවය බුදුරදුන් ගේ අවවාදය නිසා පස්සෙන් පන්නන පව් රස කිරීමට පෙලබෙන්ට එපා.(රේ)
ක්‍රිෂාන්, අනිවාර්යයෙන් ඔයාට නම් මානව හිමිකම් නඩුවක් වැටෙනවා. හැබැයි කොමිසමෙන් නෙවෙයි, අනුන්ගේ ගැහැණු වෙනුවෙන් හිමිකම් කතාකරන පිරිමින්ගෙන් (නි)
මගේ නෝනාටත් කවුරුහරි මුහුණු පොතෙන්වත් හමුවෙනවා නම්? (නි)
එතකොට දැන් කාටද ලොතරැයිය ඇදුනේ? අලුත් කෙනාටද? පරණ කෙනාටද? එහෙමත් නැත්නම් ලොතරැයි ගන්න කූඩුවට එන අයටද?? වසර 10 ක කාලයක සිටම හිටියා නම් නැවතත් බාරගන්නේ මොකටද? (නි)
අනේ මෙහෙමත් ගැහැණු! (නි)
පිටිගල-මිලානෝ, කාන්තාවන්ට යම් ගෞරවයක් තිබිය යුතුය එක කාන්තාවකගේ වැරදි ක්‍රියාවකට මිලානෝ සිටින අපේ ශ්‍රී ලාංකික සහෝදරියන්ට එසේ පැවසීම කණගාටුවට කරුණකි. (නි)
ක්‍රිෂාන් කියන චණ්ඩි මල්ලී ගැහැණුන්ට ගහලානේ චණ්ඩියා වෙලා තියෙන්නේ. (නි)
අයියෝ, මේගොල්ලන්ට ක්‍රිෂාන්ගේ විහිලුව තේරුම්ගන්නවත් පුංචි මොළයක් නැද්ද? (නි)
මේක බෞද්ධ රටක් නේද? මෙහෙම ජීවිතද ලංකාවේ තිබෙන්න ඕනෑ? (නි)
පිටිගල මිලානෝ , අපිටත් හදුන්වල දෙන්නකෝ ඔය තරම් ඉන්නවනම්, අපිත් පාලුවෙන් ඉන්නේ (බ)
මමනම් දැන්ම කියල තියෙන්නේ , දවසක මගෙත් එක්ක හිටිය ඇති කියල හිතුනොත් බොරු නොකර කැමති කෙනෙක් එක්ක යන්න කියල . හරි හම්බ කරගත්ත දේ ලොබ කමක් නැතුවම බාගෙකුත් දෙනවා කිව , කරුමේ කියන්නේ යනපාටක්නම් නැහැ (ම)
හිත කියන දේ සුළු මොහොතකින් වෙනස් වෙන්න පුළුවන්.(ම)
ඒකත් නරක නැහැ බලනකොට (නි)
යන්න හදන අයට යන්න දෙන්නලු. එතකොට දරුවෝ බලාගන්නේ කවුද? (නි)
ක්‍රිෂාන් මොන වගේ කෙනෙක්ද මන්දා? (නි)
පිටිගල හිතන් ඉන්නෙ තරුණයෙක් කියලද අනිත් අයට අක්කලා කියන්නෙ? අනික මිලානෝවල ඔය කියන විදියෙ අක්කලා නැහැ. (ස)
මේවා අහන්න අපි පව් කරලා තියෙන තරමක් ..පව් අසරණ දරු පටවුන් මේලාවට බිහි නොකර මොනවා කරගත්තත් අපිට කමක් නැහැ..? (ම)
පිටබැද්ද්දර ජයා .....ට කව්දෝ ඉනිමගක් දීල වගේ ....එත් සිනහවෙන් හෝ ..කතාවෙන් බෑ මනින්නට මිනිසා ....සිතේ ඇතිදේ ...කව්ද දන්නේ කියන්නට විමසා ....(ස)
එයා හිතන්න ඇති රට යනවට වඩා මෙහෙ ජීවිතය සැපයි කියලා (නි)
අවුරුදු 10ක් වෙනවා නම් දැන් මොකටද අනේ! දැන් දරුවත් ලොකු ඇතිනේ. මේ වගේ අය නිසයි ගැහැණු ජාතියම බාල්දු වෙන්නේ. රට ගිහින් දරු පවුල ගොඩදාගෙන සතුටින් ඉන්න ගැහැණු කොච්චර නම් ඉන්නවද? (නි)
කසාද බැන්දට පස්සේ ගැහැණු පිරිමි යන දෙගොල්ලම තමන්ගේ දරුවන් ගැන හිතල වැඩ කරන්න ඕනේ. (බ)