කොකේන් කරල් 87 ක් ගිල දමා බ්‍රසීලයේ සිට ඩුබායි හරහා මෙරටට පැමණි වෙනිසියුලා ජාතික කාන්තාවක් කටුනායක බණ්ඩාරණායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළේදී ගුවන් තොටුපොළ රේගු මත් ද්‍රව්‍ය පාලන අංශයේ නිළධාරීන් විසින් අත් අඩංගුවට ගනු ලැබීය.
සැකකාරිය 62 දෙහැවිරිදි වියේ පසුවන බව රේගුව කියයි.
විදේශීය කාන්තාවක් මෙරටට මත් ද්‍රව්‍ය ගෙන එන බවට ලැබුන තොරතුරක් මත රේගුව ඇය අත් අඩංගුවට ගෙන තිබේ.
සැකකාරිය එමිරේට්ස් ගුවන් සේවයට අයත් ඊ.කේ 650 දරණ ගුවන් යානයෙන් මෙරටට පැමිණි අවස්ථාවේ රේගු නිලධාරීන් ඇය අත් අඩංගුවට ගෙන එක්ස් කිරණ පරීක්ෂණයකට යොමුකිරීමෙන් පසු මේ බව අනාවරණය කරගෙන ඇත.
ඇයගේ උදරයේ කොකේන් අඩංගු කරල් 87 ක් ඇති බව රේගුව කියයි.
රේගු මාධ්‍ය ප්‍රකාශක ලෙස්ලි ගාමිණී මහතා පැවසුවේ ඇය රේගු මත් ද්‍රව්‍ය පාලන ඒකකයේ නිලධාරීන්ගේ අධීක්ෂණය යටතේ මීගමුව රෝහළට ඇතුලත් කර ඇය ගිල දමා ඇති කොකේන් ගුලි පිටතට ගැනීම සිදු කරන බවයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සැලසුම් සහගතව කාලයක් තිස්සේ කරන ලද මත කුඩු ගෙන්විමක් , විදේශීය කතක් මෙහෙම අසුවුන පළමු වතාව මෙය උනත් සමහරවිට මෙයට පෙරත් මේවා සිසුවන්නට ඇති , රෙගු නිලදාරින්ට අපේ ප්‍රණාමය (රේ)
චී ... චීයා.... හරිම කැත වැඩක් නේ මේ ආච්චි කරලා තියෙන්නේ. එයාගේ අසනීපයකට ගත්ත බෙහෙත් ගුලි වෙන්න බැරිද මේ විදියට හිර වෙලා තිබුනේ ?(රේ)
ආච්චිගේ ලෙඩකට බෙහෙතක්ද, අනිත් මිනිස්සු ලෙඩ කරන්න ගෙනාපුවද කියලා බලාගන්න බැරියෑ ඔක්කොම එළියට ගත්තහම (නි)
ඔය කියන කොකේන් ප්‍රවාහනය වෙන්නේ ඔය ආකාරයට තමයි. ඉටිකොලවල ඔතලා ගිලිනවා. මළපහ කරලා අසුචි අතරින් වෙන්කර ගෙන විකුණනවා. ඒවා බොහොම අගෙයි කියා පාවිච්චි කරන අය කියනවා (නි)
වයස 62 නිසා එයා හිතන්න ඇති බේරිලා යන්න පුළුවන් වෙයි කියලා. මීට පස්සේ 60 පැනපු ඔක්කොම එක්ස් කිරණ පරීක්ෂණයකට යොමු කරන්න කියල රෙගු නිලදාරින්ට කියන්න ඕනි. (ර)
තව ටිකක් වයස කෙනෙක් ආවා නම් තව මොනවා ගෙනෙයිද? (නි)
මරණිය දණ්ඩනය දෙන්න ඕනේ අනිත් අයටත් පාඩමක් වෙන්න. (ර)
අබුද්දස්ස කාලේ අහන්න ලැබෙන දේවල්! (නි)
රජයේ මත්ද්‍රව්‍ය නිවාරණ වැඩසටහන හොඳට වැඩ කරනවා වගෙයි. වෙනස වෙමින් පවතිනවා. (නි)
සල්ලි වලට තිබෙන කෑදරකම තමයි. අඩුගානේ තමාගේ වයසට ගැළපෙන වැඩක්ද කියලා පොඩ්ඩක් හිතන්න තිබුනා (නි)
මෙම කලාපයෙන් එන අය පිලිබඳව ගොඩක් සොයා බලන්න. සිකා වෛරසය අසාදිත කෙනෙක් වෙන්නත් පුළුවන් කුඩු ගේනවා වගේම බරපතලයි ඒක. (ම)
බැරිවෙලාවත් මේ මත්ද්‍රව්‍ය කොපුවක් බඩේදි කැඩුනා නම්, අසුචි ටිකත් ගිනිගානට විකිණෙයි (නි)