එල්.ටී.ටී.ඊ සංවිධානයේ ජාත්‍යන්තර තලයේ නායකයා යැයි හදුනාගෙන ඇති නෙදියවන් අල්ලා ගැනීමට ජාත්‍යන්තර පොලිසිය හෙවත් ඉන්ටරේපෝල්හි සහය පැතීමට ශ්‍රී ලංකා රජය අපේක්ෂාවෙන් සිටී.
නෙදියවන් දුටු තැන ඇල්ලීමට ඉන්ටර්පෝල් ලවා ‘රතු දැන්වීමක්‘ නිකුත් කරවා ගැනීම ශ්‍රී ලංකා රජයේ අරමුණයි.
ඔහු දැනට වාසය කරන්නේ යුරෝපයේ (නෝර්වේ) බව සොයාගැනීමට ශ්‍රී ලංකා බුද්ධි අංශ සමත්ව ඇත.
නෙදියවන් එල්.ටී.ටී.ඊ සංවිධානයට යළි පණ දීමට කටයුතු කරමින් සිටින්නේයැයි අනාවරණව තිබේ.පසුගියදා මුලතිව් නැදුන්කරනි ප්‍රදේශයේදී ශ්‍රී ලංකා ආරක්ෂක අංශ අතින් මරුදුටු එල්.ටී.ටී.ඊ ක්‍රියාකාරීන් තිදෙනා කටයුතු කර ඇත්තේත් නෙදියවන්ගේ උපදෙස් මත යැයි ශ්‍රී ලංකා බුද්ධි අංශ කියයි.
ප්‍රහාරයක් හෝ බෝම්බ පිපිරවීමක් හෝ මගින් එල්.ටී.ටී.ය තවමත් ශී්‍රලංකාවේ ක්‍රියාත්මක වන බව පෙන්වීමට ඔවුන්ට උපදෙස් ලැබී තිබී ඇතැයි පැවසේ.
අයථා මාර්ග ඔස්සේ සිදුවන එල්.ටී.ටී.යේ යළි නැගිටීමකට අවශ්‍ය මුදල් ගනුදෙනු පසුපස සිටින්නේත් නෙදියවන් බව බුද්ධි අංශ කියයි.මේ මුදල් යොදාගෙන සැගවී සිටීම සදහා නිවාස,රථ වාහන මිලදී ගනිමින් තිඛෙන බව සදහන්ය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පැන ආ කොටි නොර්වේවල විතරක් නොවෙයි , අනික් රටවල් වලත් ඉන්නවා. අළු යට ගිනි වගේ . හොඳ සුද්දයක් දාන්න ඕන. නැත්නම් ඔය අවතාර හොල්මන් කරන්න පටන් ගනිවී. (මුදී)
සෞදි අරබියේත් සමහර අයගේ කාමරවල ප්‍රභාකරන්ගේ ෆොටෝස් අලවාගෙන ඉන්නවා දෙවියෝ වගේ. ඒවගේ අය ගැනත් සොදිස්සියෙන් ඉන්න ඕනේ. (මුදී)
අල්ලගත්ත කේ.පි. ට මොකද කලේ? (මුදී)
එතකොට ඇයි කේ.පී.ව අල්ලන්නේ නැත්තේ ...? (මුදී)