තමන් දේශපාලන වශයෙන් අනාථ වූවායැයි කියා ජනතාව අනාථ නොකරන ලෙස වර්ජනවලට සූදානම් වන වෘත්තීය සමිතිවලින් ඉල්ලා සිටින බව අග්‍රමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අද (10) පාර්ලිමේන්තුවේ දී කීවේය.
වැඩවර්ජනවලට අර අදිමින් වෘත්තීය සමිති කිරීමට සූදානම් වන්නේ වෘත්තිය අරගලයක්ද දේශපාලන අරගලයක්දැයි විමසා සිටි අගමැතිවරයා බඩු මිල අඩු කරමින් ජනතාවට දුන් සහනවලට අකමැති නිසා වැඩ වර්ජනවලට අර අදින බවත් එහෙත් කළ යුත්තේ ප්‍රශ්නයක් ඇත්නම් සාකච්ඡා මේසයට පැමිණීම බවත් කීවේය.
සෞඛ්‍ය අමාත්‍යංශය පිළිබඳ අයවැය කාරක සභා විවාදයට එක්වෙමින් අගමැති එලෙස පැවසීය.
‘‘සෞඛ්‍ය ඇමැතිවරයා සෞඛ්‍ය සේවය දියුණු කිරීමට උත්සාහ කරනවා.
වතුකරේ වැටුප් ප්‍රශ්නය ගැය අප කටයුතු කරනවා. එය අප දුන්නු පොරොන්දුවක්.
අප භාණ්ඩ රැසක මිල අඩු කළා. ගොවි ණය කපා හැරියා. තේ හා රබර්වලට සහනාධාර දුන්නා. මහපොළ ශිෂ්‍යත්ව දීමනා ඉහළ දැම්මා. ජ්‍යෙෂ්ඨ පුරවැසි තැන්පත් සඳහා සියයට 15ක පොලියක් දුන්නා.
ගැබිනි මව්වරුන්ට රුපියල් විසි දහසක දීමනාවක් දුන්නා. විවාහ ලියාපදිංචි ගාස්තුව රුපියල් 5000 සිට රුපියල් 1000 දක්වා අඩු කළා.
ජනාධිපති වැය ශීර්ෂය රුපියල් කෝටි 9100 සිට රුපියල් කෝටි 256 දක්වා කපා හැරියා. රණවිරුවන්ට රුපියල් ලක්ෂ පහ දක්වා විශේෂ බැංකු ණය ක්‍රමයක් ඇති කළා. ඉන්ධන මිල අඩු කළා.
මෙවැනි සහන රැසක් දුන්නා.
මේ වැඩකටයුතු සියල්ලම එක පාරට අපි ලබා දී තියෙනවා. මේ සහන ජනතාවට ගියා. ජනතාව ඒ සහන වින්දා.
මං අහන්නේ මේ වර්ජනය කරන්නේ තෙල් මිල අඩු කළාටද, නැත්නම් විශ්‍රාම දීමනාව වැඩි කළාටද? සමෘද්ධි දීමනාව වැඩි කළාටද?
ඊටීඑෆ් එකේ බිලියන 23 ගෙව්වේ නැති එකට එය වහාම ගෙවන්න කියලා වර්ජනය කරන්න. ඒක සාධාරණයි. නැත්නම් ඇයි කම්කරු ඇමතිතුමාට සහයෝගය දෙන්නේ නැත්තේ ඉතිරි අර්ථසාධක අරමුදල් ටික එකතු කරන්න. ‘‘
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමා යහපත් දැක්මක් ඇති කෙනෙක්. ඔබට ජය! (නි)
රට ගොඩගන්න ඔබට හැකි බව අපි දන්නවා (නි)
අපි ලංකාවේ හින්දාම බලන් ඉදලා තියෙන්නේ, තාමත් බලන් ඉන්නේ සහන කියලා නිකම්ම ගෙදරට ගෙනත් දෙනකම්. බලන්න අපේ රටේ ආදායම කොහොමද කියලා. මම කියන්නේ ණයට ගන්න ආදායම නෙවෙයි. අපේ රටේ කොච්චර දේවල් නිකම් දෙනවද. අධයාපනය, සෞඛ්‍ය වගේ දේවල්. නමුත් අපි හරියට අදායම් බදු ගෙවනවාද? ඉතින් සහන නිකම් එනකම් බලෙගනේ ඉන්නේ නැතුව තමන්ගේ ආදායමක් හදාගන්න බලන්න. අපේ රටේ තියෙන මේ නිකම් සහන දෙනකම් බලාගෙන ඉන්න එක තමයි හෙනේට තියෙන්නේ. කම්මැලි ජාතියක් වුනේ.(හේ)
අපි මෙයාලගෙන් ඉල්ලන දේ මෙයාල අපෙන් ඉල්ලනවා.බලාගෙන ගියාම මේකත් එක්තරා විදිහක වෙනසක් තමයි.(හේ)
දෙගොල්ලම එකයි. එකම කාසියේ දෙපැත්ත කියල (ම)
ඔබතුමාට ජය පතනවා මුළු හදවතින්ම (නි)
අපි ඔබ සමඟයි ... (නි)
ඔබතුමා මීටපෙරත් රත්තරන් චේන්, බ්රේස්ලට්, යතුරුපැදි දුන්නා. මේවා මිනිසුන්ට දැන් අමතකවෙලා (නි)
දහම්ට නම් කොහොමත් පෙනෙන්නේ අඩුපාඩු. පවු කියලා තමයි කියන්න වෙන්නේ. (නි)
ඔබතුමා බුද්ධිමතෙක් ....හැබැයි ඔබතුමා කියන දේවල් තේරෙන්නෙත් බුද්ධියක් තියන අයට විතරයි වගේ (බ)
කුමාර, ඔය දේවල් කියන දේශපාලඥයින්ට විතරද මොළය තියෙන්නේ? කියමුකෝ ඔව් කියලා. ඒ වුණත් ඡන්දය දුන් අයට මොළය කළඳක්වත් නැති බව නම් පිළිගන්නවා. (නි)
රට අමුතුවෙන් අනාථ කරන්න දෙයක් ඉතුරුවෙලා නැහැ. (නි)
අනේ දහම්, ඔයා එහෙනම් ගිය ආණ්ඩුව කාලේ ලැජ්ජාවේ එළියටවත් බහින්නේ නැතුව ඉන්න ඇත්තේ. මේ වර්ජන අසාධාරණයි. වාහන පර්මිට් එකක් කියන්නේ අමතර වරප්‍රසාදයක් මිසක් අයිතිවාසිකමක් නෙමෙයි. (නි)
ඔබතුමා හරි දේ කරන්න. කාගේවත් වර්ජන ගර්ජන වලට යටවෙන්න එපා. අපිට ඕනෑ පැලැස්තර විසදුම් නෙමෙයි. හරි විසඳුම්. (නි)
අපිට ඔබතුමාගෙන් අහන්න තියෙන්න මොකද රට අනාථ කළේ කියලා (බ)
අපි බහුතරයක් පැවති දුෂිත පාලනය එළවලා නව රජයක් පත්කරගත්තේ එක එක වෘත්තීය සමිති වල කොන්දේසි වලට යටත්වෙලා රටක් ගෙනියන්න නොවෙයි. රට පාලනය කරන්නේ රජය මිස වෘත්තීය සමිති නොවේ. ජනතාව අමතක නොකළ අයවැයක් මෙය. ජනතාවට සහනයක් ලැබුනෙම නැද්ද ,..? සසඳා බලන්න 2014 දෙසැම්බර් සහ අද....! ඇයි එය නොකියන තරමට කුහක? රජය ගත් තීරණ වල සෘජු ලෙස ඉන්න. අඩුපාඩු නැත්තේ කොතනද? කාගේද..? (නි)
ඉස්සර වගේ කාලයක් ආයෙත් ආවා නම් එතකොට කට්ටිය සද්ද නැතුව ඉඳීවි (නි)
මම කුසුම්ගේ අදහස අනුමත කරමි. දහම් ඔයාගේ ඔය පරණ කණ්ණාඩිය ගළවලා බලන්න. අනුන්ට ඇඟිල්ලක් දික්කරනකොට මතක තියාගන්න ඔයාගේ පැත්තට ඇඟිලි තුනක් හැරිලා තියෙන බව. (නි)
පහුගිය කාලේ සුදු වෑන් වලට බයේ හැංගිලා සිටි අය දැන් කරළියට ඇවිල්ලා කියලා නම් පෙනෙනවා (නි)
ඔබතුමා රටවැසියා අනාථ නොකරන තාක් රට අනාථ නොවනු ඇත. මන්ද රටක් යනු හුදෙක් භුමිය පමණක් නොවන නිසා... (නි)
රජයේ සේවකයන්, ජනතාවගේ සල්ලි වලින් ඉගෙන ගෙන ජනතාවගේ සල්ලි වලින් වැටුප් අරගෙන වර්ජන කර කර ජනාතවටම කෙලිනවා .(ම)
ඔබතුමා හරි (නි)
අනේ මන්දා කියවිල්ල විතරයි. සහන දුන්නලු. අපිට නම් ලැබුණ සහනයක් නැහැ. කරුණාකරලා ඔය ඇමතිල අගමැතිලා කියන අය එක දවසක් සාමාන්‍ය මිනිහා ගතකරන ජීවිතේ ගතකරලා බලන්න. මේක දොස් පැවරීමක්වත් පාට කණ්නාඩියක්වත් නෙමෙයි. කාරුණික ඉල්ලීමක්. ඒක මේ රට හදන්න ලොකුම ලොකු අත්දැකීමක්. (නි)
ඔය දුන්නා කියන සහන මධ්‍යම පාන්තික සාමාන්‍ය ජනතාවට දැනෙන ඒවා නෙමෙයි. වෘත්තීය සමිති ඉල්ලන්නේ වාහන පර්මිට් නෙමෙයි. ඔවුන් ඉල්ලන්නේ වැඩකරන රාජ්‍ය, පොද්ගලික සේවකයන් දෙපිරිසගේම මෙවර අයවැයෙන් ඉවත්කරනු ලැබූ අයතිවාසිකම්. බොහෝ දෙනා මේ රජයට ඡන්දය ප්‍රකාශ කළ අය. ඔවුන් මෙම යහපාලන රජයෙන් මීට වඩා ලොකු වෙනසක් බලාපොරොත්තු වුණා. කේසර, ඇත්ත. අවශ්‍ය පැලැස්තර විසඳුම් නෙමෙයි. හරි විසඳුම්. නමුත් මෙවර අයවැයේ කිසිම හරි විසඳුමක් නැහැ (නි)
හැසිරෙන හැටි, කියන කතා දැක්කම ලජ්ජා හිතෙනවා දෙයියනේ මේ අපේ රටේ අගමැතිද කියල. (බ)
අපේ එකම විශ්වාසය ඔබතුමායි (නි)
මෙදා සැරේ අය වැයෙන් අපි අනාථ වෙලා ඉන්නේ. ඔබ තුමාට එය දැනෙන නැතුව ඇති . (ම)
මේ කලබල කරන්නේ සුළු පිරිසක්නේ. ඒගොල්ලෝ හදන්නේ රට ආපස්සට අදින්න (නි)
ඔබතුමා හරි. මිනිසුන්ට ලේ දුන්නට මොළය දෙන්න බැහැ (නි)
ඒකාලේ වෘත්තීය සමිති ඉල්ලුවේ තියෙන දේ වැඩි කරගන්න. අද ඉල්ලන වෙලා තියෙන්නේ තිබුන දේ රැකගන්න. (බ)
රනිල් මයා පාන් නැත්නම් කේක් කාපල්ලා කියන ජාතියේ පුද්ගලයෙක්. රටේ යථාර්ථය දන්නේ නැහැ .ඇමෙරිකාව සමග එක්වී ගෙනයන වැඩ පිළිවෙල ඉතා භයානක යි .වසර 5ක් හිටියොත් බලන්න වෙනදේ (බ)
බඩු මිල අඩුකලා කිවුවට කඩේට බඩු ගන්න ගියාම එහෙම නැහැනේ (නි)