ඉන්දීය ප‍්‍රධානතම ක‍්‍රිකට් තරගාවලියේ (අයි. පී. එල්.) 75 වැනි තරගය ලෙස රාජස්ථාන් රෝයල්ස් පිල සහ මුම්බායි ඉන්දියන්ස් පිල අතර කොල්කටාහිදී අද (24) රාත‍්‍රි 8.00 ට ආරම්භ වීමට නියමිතව තිබූ දෙවැනි වටයේ අවසන් තීරණාත්මක තරගයට වර්ෂාවෙන් බාධා ඇති වීම නිසා පැයක් ප‍්‍රමාද කිරීමට සිදුවිය.
තරගය රාත‍්‍රි 9.00 ට ආරම්භ වීමට නියමිත අතර කාසියේ වාසිය උරගා බැලීම 8.30 ට සිදුකෙරේ. තරගයේ ඕවර සංඛ්‍යාවේ වෙනස් කර නොමැත. තරගය අද පැවැත්වීමට නොහැකි වුවහොත් හෙට (25) පැවැත්වීමට නියමිතය.
මෙම තරගයෙන් ජය ලබන කණ්ඩායම අනිද්දා (26) පැවැත්වෙන අවසන් මහ තරගයේදී චෙන්නායි පිලට එරෙහිව තරග කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd