අයි. පී. එල්. තරගාවලියේ 55 වැනි තරගය ලෙස කිංග්ස් XI පන්ජාබ් පිල සහ රාජස්ථාන් රෝයල්ස් පිල අතර අද (9 වැනිදා) පැවති තරගයේදී කිංග්ස් XI පන්ජාබ් පිල පිල පරදවා කඩුලූ 8 ක පහසු ජයක් ලබාගැනීමට රාජස්ථාන් රෝයල්ස් පිල සමත්විය.

තරගයේ වීරයා බවට පත්වූ රාජස්ථාන් පිලේ කෙවොන් කූපර්  ඕවර් 4 ක් යවා ලකුණු 23 ක් දෙමින් කඩුලූ 3 ක් දවාගත්තේය.

ෂේන් වොට්සන් (31) සමග එක්ව ලකුණු 66 ක සම්බන්ධතාවයක් ගොඩනැගූ අජන්න්‍යා රහනේ (නොදැවී 59), සංජු සැම්සන් (නොදැවී 47) සමගද ලකුණු 76 ක සම්බන්ධතාවයක් ගොඩනගමින් රාජස්ථාන් පිලට ජය ගෙනාවේය.

පන්ජාබ් පිලේ ශෝන් මාර්ෂ් (77) සහ ඇඩම් ගිල්කි‍්‍රස්ට් (42) අතර දෙවැනි කඩුල්ලට ගොඩනැගුන සම්බන්ධතාවය ලකුණු 102 කි.

මෙම තරගයේදී කණ්ඩායම් 2 ටම කිසිදු ශ්‍රී ලාංකික කී‍්‍රඩකයෙක් ඇතුළත්ව නොසියේය.

කිංග්ස් XI පන්ජාබ් පිල  ඕවර 20 කදී කඩුලූ 6 ට 145
(ශෝන් මාර්ෂ් 77, ඇඩම් ගිල්කි‍්‍රස්ට් 42, කෙවොන් කූපර් 23/3)

රාජස්ථාන් රෝයල්ස් පිල  ඕවර 19 කදී කඩුලූ 2 ට 147
(අජන්ක්‍යා රහනේ නොදැවී 59, ෂේන් වොට්සන් 31, සංජු සැම්සන් 47)

(*)